.....තනුව..... දාසයවැනි වෙළුම......

Start from the beginning
                                    

"ඇත්තමද අයියෙ මමනම් ආසයි ඔයාගෙ අම්ම තාත්තව බලන්න" මම කිව්වා.

"ඒ මොකෝ ඒ?"

"ඇයි ඉතින් නැන්දම්මයි මාමණ්ඩියි බලන එක වැරදිද?" මන් ඇහුවෙ හුරතල් හිනාවක් පෙන්නන්න ගමන්.

"ආ ඒකයි මේ.ඒක නෙවෙයි අපි අම්මවත් එක්කන් යමු."

"අපෙ අම්මව? හා ඒකනම් ගොඩක් හොඳයි." මම කිව්වා.

"එහෙනම් මේ ඉරිදා හවස යමු.එතකොට ක්ලාස් පාඩු වෙන්නෙත් නෑනෙ"

"හා අයියෙ" මම කිව්වෙ සතුටෙන්.

ඒ සතියෙ අඟහරුවාදා මම ගෙදර ආවා.අම්මටත් තනුර අයියගෙ ගෙදර යන අදහස කිව්වම අම්මත් පොඩි අකමැත්තකින් යුක්තව කැමති වුනා.
..................................................................

ඒ සතියෙ බදාදා චාරුයි මමයි තනුර අයියයි හම්බෙන්න තීරණය කලා.අපිට ඕන වුනේ ටිකක් නිදහසේ කතා කරන්න ඉතින් චාරු අපේ ගෙදරට ආවා.තනුර අයියා කාර් එකේ ඇවිත් අපි දෙන්නවත් එක්කගෙන එයා දන්න තැනකට ගියා.

"චාරු. මට උඹට දෙයක් කියන්න තියනවා." මම කිව්වා.

"ඒ මොකද්ද බන්?"

"ඔයත් එක්ක මම කිසිම රහසක් තියාගෙන නෑනෙ.ඉතින් මම මේක කියන්න හිතුවා."

"කියහන් බන් මොකද්ද ?. මොකුත් අවුලක් නෙවෙයිනෙ?"

"නෑ නෑ අවුලක් නෙවෙයි." තනුර අයියත් කතාවට එකතු වුනා

"එහෙනම්?"

"මමයි තනුර අයියයි relationship එකක් පටන්ගත්තා." මම කිව්වෙ චාරු දිහා බලන ගමන්.

"උඹ විහිළුවක්ද කරන්නෙ.තනුර අයියා එක්ක?"

"නෑ විහිළුවක් නෙවෙයි නංගි.ඇත්තටම මම තමයි මෙයාගෙන් ඇහුවෙ"තනුර අයියා කිව්වෙ මගෙ අතින් අල්ලන ගමන්.

"ඇත්තටම මටනම් මාර සතුටුයි බන්." චාරුගෙ ඇස් දිලිසෙන විදිහ මම දැක්කා.අවංකවම යාළුවෙකුගෙ සතුටකදි සතුටු වෙන කෙනෙක් මන් ඊට වඩා දැකලා නෑ.

"ඒකනම් ඇත්තටම හොඳ දෙයක් බන්.අයියෙ මූව හොඳට බලාගන්න හොඳේ.මොන වෙලාවෙ මොන ප්‍රශ්නයක පැටලෙයිද කියන්ම දන්නෙ නෑ.මෝඩයිනෙ මූ." චාරුගෙ බ්‍රේක් නැති කට ආපහු කියවන්න ගත්තා.

තනුවWhere stories live. Discover now