....තනුව.... දසවන වෙළුම....

Start from the beginning
                                    

"අයියා කිව්වෙ නෑ.මන් ඕකව අල්ල ගන්නම්කො" සයුරුනී කිව්වා.

"එහෙනම් ඕගොල්ලො කතා කර කර ඉන්න.මන් යන්න ඕනෙ" මන් එහෙම කියලා එතනින් ඉවත් වුනා.

සතිය ගෙවිලා ගියෙ හුඟක් වේගෙන් ඉක්මනින්ම සෙනසුරාදා දවස උදා වුනා.එදා උදෙන්ම තනුර අයියා මට කෝල් කරලා සඳුදා  දවසෙ උදේම වාහනයක් ගෙදරට එවන්නම් කියලා කිව්වා. ගමනට ඕනෙ කරන බඩු ලෑස්ති කර කර ඉන්නකොට මට කෝල් එකක් ආවෙ චාරුගෙන්.

"අභී ඉක්මනට මට උඹව හම්බෙන්න ඕනෙ.බෑ කියන්නෙ නැතුව දැන්ම juicenet එකට එන්න."
චාරු එහෙම කියල ෆෝන් එක තිබ්බා. හදිසියක්ද දන්නෙ නැති නිසා මමත් ඉක්මනින් එතනට ගියා.

"මොකද බන් උනේ? ඇයි හදිසියෙම කතා කලේ?"

"උඹ මට මෙච්චර ලොකු දෙයක් හංගයි කියලා මන් හිතුවෙ නෑ අභී" චාරු කිව්වා.

" මොකක් ගැනද කියන්නෙ චාරු?"

"අම්මගෙ මරනෙට හේතු වුන කෝල් එක දුන්නෙ රශ්මින කියලා ඇයි මට කිව්වෙ නැත්තෙ?"

"ඔයාට කවුද කිව්වෙ?"

"ඒ කියන්නෙ උඹ දැනගෙන හිටියා.ඒක දැනගෙනත් උඹ මට කිව්වෙ නෑ"

"චාරු මන් ඒක කලේ ඔයාගෙම හොඳට ඒ වෙලාවෙ මන් ඒක කිව්වනම් ඔයාට ලොකු පීඩනයක් වෙයි කියලා හිතුනා."

"මට හිටපු හොඳම යාළුවා උඹ.උඹ මෙහෙම කරයි කියලා මන් හිතුවෙ නෑ.උඹ රශ්මිනව බේරගන්න මගෙන් හැමදේම හැංගුවා.උගෙම නංගි මට මේ දේවල් කියනකම් මම දන්නෙ නෑ"

"සයුරුනීද කිව්වෙ එයා කොහොමද දන්නෙ?"

"රශ්මිනයි එයාගෙ යාලුවයි කතා කරනව අහගෙන් ඉන්නකොට දැනගෙන තියෙන්නෙ.එයා මට ඒක කිව්වා.ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි.ඇයි මට උඹ කිව්වෙ නැත්තෙ.උඹටත් පුංචි කාලෙ ඉඳන් එකට හිටපු යාළුවට වඩා රශ්මින ව ලොකු උනා නේද බන්.

චාරු මාව තේරුම් ගත්තෙ වැරදියට. මම ගොඩක් දුක් වුනා.චාරු හිතාගෙන ඉන්නෙ මම රශ්මින බේරගන්න් ඕනෙ නිසා මෙහෙම කලා කියලා.ඒත් මට ඒක තේරුම් කරන්න විදිහක් තිබ්බෙ නෑ.

"අභී.උඹ මට කලේ ලොකු වැරැද්දක්.මම උඹ ගැන හිතාගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි.මීට පස්සෙ අපෙ යාළුකම ඉවරයි.මට ආයෙ කතාකරන්නවත් එපා." චාරු එහෙම කියලා මේසෙන් නැගිට්ටා.

තනුවWhere stories live. Discover now