...තනුව.... අටවන වෙළුම....

Start from the beginning
                                    

"සර් ඒකට හේතුවක් තියනවා."මම කිව්වා.

හේතු මට දැන් හේතු අහලා ඇතිවෙලා.මොකද උනේ පුතා.ඇයි මෙහෙම හැසිරෙන්නෙ ඔයා මන් ලඟ වැඩ කරපු අවු 4ටම මෙහෙම උනේ පලවෙනි වතාවට.සාමාන්‍යයෙන් පාඩුවෙ ඉන්න කෙනෙක් වුන ඔයා මොකද මෙහෙම හැසිරෙන්නෙ."

"මම සර්ට කිව්වොත් සර් විශ්වාස කරනවද?" මම ඇහුවා.

"ඔයා මට පුතෙක් වගේ අභිමාන්.ඔෆිස් එකට ආපු දවසෙ ඉඳන් හැමදේම පිලිවෙලට වෙනස් කරෙත් ඔයා.හොඳ අදහස් තියෙන කෙනෙක් විදිහට තමයි මන් ඔයාව දැක්කෙ.මොකද මේ උනේ මට කියන්න" බොස් මට කිව්වා.

මම වුන හැමදේම කිව්වා.රශ්මිනට ගහන්න හේතුව.චාරුගෙ අම්මට ඒ නිසා වෙලා තියන දේ.( රශ්මින අයියට මම ආදරේ කරපු එකනම් කිව්වෙ නෑ)

"හ්ම්ම්,මන් හිතන්නෙ ඔයාගෙ වරදක් නෑ." කොහොමත් රශ්මින කියන්නෙ ඒ තරම් හොඳ කෙනෙකුත් නෙවෙයි කියලා මටත් තේරිලා තිබුනෙ.ඒත් එයාට විරුද්ධව පියවරක් ගන්න මට පුලුවන්කම්ක් නෑ" හැමදේම අහගෙන ඉඳලා බොස් කිව්වා.

"ඒ ඇයි සර්.මන්  කියන්නෙ වරදක් කරපු අයට දඬුවමක් තියෙන්න ඕනෙ" මම කිව්වා.

"රශ්මිනට දේශපාලන සම්භන්ධතා ගොඩක් තියනවා අභිමාන්.එයාගෙ පවුලට සම්භන්ධ දේශපාලකයො ගොඩක් ඉන්න නිසා මොනවහරි වුනොත් මට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්."

"හ්ම්ම්" මන් කිව්වෙ අවුලෙන්.

"මට ඔය දෙන්න්ගෙන් කෙනෙක් අස් කරන්න වෙනවා.ඒ කවුද කියලා දන්නවනෙ?" බොස් මගෙ දිහා බැලුවා.

"සර් කියන්නෙ මාව අස් කරනව කියලද?"මම ඇහුවා.

"රශ්මිනගෙනුයි සේවා ස්ථානයෙනුයි සමාව ඉල්ලලා ලියුමක් දුන්නොත් මට සලකා බලන්න පුලුවන් වෙයි."
බොස් කියපු කතාවට මට ටිකක් තරහා ගියා.

"සර් මට ආයතනයෙන් සමාව ඉල්ලන එක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් මම රශ්මිනගෙන් නම් සමාව ඉල්ල්න්නෙ නෑ." මම කිව්වා

"එහෙනම් මට ඔයාව අස් කරන්න වෙනවා"

"සර්ට ඒක කරන්න බෑ" මම කිව්වෙ සර් දිහා බලන ගමන්

තනුවWhere stories live. Discover now