....තනුව.... දෙවන වෙළුම....

Start from the beginning
                                    

"හා අම්මෙ."මං එහෙම කියාගෙන පාරට දුවගෙන ආවෙ ඒ වෙනකොටත් බස් එක එනවා දැකපු නිසා.අද හවස මොකටද පන්සල් යන්නෙ.මන් එහෙම හිත හිතම බස් එකේ එල්ලුනා.

මන් වැඩ කරන තැනට එනකොට මගෙ හිතට ආපහු අවුල් බවක් දැනෙන්න පටන් ගත්තා.මොකද කියනවනම් රශ්මින අයියත් වැඩ කරන්නෙ එතනමයි.ඒත් මන් ඇතුලට යනකොටත් එයා ඇවිත් හිටියෙ නෑ.රශ්මින අයියා ඉන්නවද කියලා බලබල හෙමින් හෙමින් ඇතුලට ආව මගෙ ඇඟට එක පාරටම නොහිතපු විදිහට කෙනෙක් කඩාගෙන පැන්නා.

"Happy birthday මැට්ටෝ."
ඒ චාරුනී.මගෙ හොඳම යාළුවා.මගෙ වයසම වුනත් හරියටම කිව්වොත් මගෙ අක්කා වගේ. ඕනෙම දෙයක් කියන්න පුලුවන් කෙනෙක්.එයාව නම් හම්බවුනෙ මන් ගිය ඉස්කෝලෙදි. ඒ ලෙවල් වලින් පස්සෙ වැඩට ආවෙ මන් වැඩකරපු තැනටමයි.මන් ගැන හැමදේම දන්න කෙනෙක් තමයි චාරු.මන් සමරිසි කෙනෙක් කියලත්  මන් යාළුවෙලා හිටියෙ රශ්මින අයියා එක්ක කියලත් දන්නෙ එයා විතරයි.
කොහොම උනත් ඒ ඇඟට පැන්න විදිහට මන් පුදුම වෙනවා වෙනුවට බය වුන එකයි වුනේ.

"මොකෝ බං උනේ.හරියට හොල්මනක් දැකලා වගේ."චාරු හිනාවෙවී මගෙන් ඇහුවා.

"බය වෙන්නෙ නැද්ද බං.ඔහොමත් ඇඟට පනිනවද?"

"හා හා ඒකෙන් වැඩක් නෑ කෝ අපිට කේක්."

"කේක් මොකටද?අද දවස මොකද්ද ?"

"යකූ උඹ මාර ඩයල් එකක්නෙ.අද මාර්තු 12.උඹෙ බර්ත්ඩේ එක."

"ඒ ගැන ගානක් ගියෙ නෑ බන්.උඹ කියනකොට තමයි මතක් උනේ."මන් බිම බලාගෙන කිව්වා.

" එහෙමත් අමතක වෙනවද තමන්ගෙ උපන්දිනේ.උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ?"

මන් ගිහින් මට නියමිත තැන වාඩිවුනා.චාරුත් ඇවිත් මගෙ ලඟට පුටුවක් ඇදන් වාඩි වුනා.

"මොකද උනේ කියපන්කො. ආ මොන ප්‍රශ්නෙ තිබ්බත් දැන් විසඳෙයි ආන් උඹෙ ප්‍රේම කුරුල්ලා එනවා." චාරු කිව්වෙ දොර දිහා බලාගෙන.
ඒ එක්කම ඒ පැත්ත බලපු මම දැක්කෙ රශ්මින අයියව.මගෙ හිතට ආවෙ දරාගන්න බැරි දුකක් මන් ඉක්මනට වැඩක් කරන්න පටන් ගත්තා.රශ්මින අයියා අපි හිටපු පැත්ත බලන්නෙවත් නැතිව එතනින් ගියා.

තනුවWhere stories live. Discover now