....තනුව..... පළමු වෙළුම

2.6K 210 30
                                    

                  

"අපි මේ සම්භන්ධය නවත්තමු මල්ලි"
ඒ වචන ටික මගෙ හදවතට උලකින් අනිනවා වගේ දැනුනා.

"මොකක්, ඒ ඇයි අයියේ? මගෙන් ඔයාට උන වැරැද්ද මොකක්ද?"

"උඹෙ වරදක් නෙවෙයි.ඒත් ඔයා වගෙ කෙනෙක් මට හරියන්නෙ නෑ.කිසිම වැදගත්කමක් නෑනෙ.සල්ලිවත් බලයවත් ඒ කිසි දෙයක් නැති උඹ වගේ කෙනෙක් මට ඕනෙ නෑ."

"ඇයි අයියෙ එහෙම කියන්නෙ? මන් ඔයාට කවදාවත් වරදක් කරලා නෑ.ඔයා ඉල්ලපු කිසිම දෙයක් මන් බෑ කිව්වෙත් නෑ.එකම එක දෙයක් ඇරෙන්න."

මගෙ ඇස් වලින් කඳුළු ගලාගෙන එන්න පටන් ගත්තා.ජීවිතේ හැම දුකක්ම අඬන්නෙ නැතිව දරාගෙන හිටපු මම එදා එහෙම ඇඬුවෙ ඇයි කියල මන් තාමත් කල්පනා කරනවා.

"උඹ නොදුන්න එකම දේ තමයි මන් උඹෙන් බලාපොරොත්තු උනේ.ඒ දේ මන් කී පාරක් උඹට කිව්වද?"

"මට සමාවෙන්න අයියෙ.මට ඒක කරන්න බෑ."

"කොහොමත් උඹෙන් දැන් මට වැඩක් නෑ.මන් මට ගැලපෙන මගේ විදිහෙ කෙනෙක් හොයාගෙන ඉවරයි.උඹ වගේ පොත්ගුල්ලෙක්ගෙන් කවදාවත් හරියට දෙයක් ලබාගන්න බෑ.දැන් පලයන්.යන ගමන් මේ මගුලත් අරන් පලයන්."

එහෙම කියල රශ්මින අයියා මන් එයාට දුන්න එකම තෑග්ග මගෙ මූනට විසිකලා.මගෙ පළවෙනි පඩියෙන් ගත්ත I Love you කියන ඒ පුංචි ගිරවව මන් එයාට දුන්නෙ ගොඩක් ආදරෙන්.ඒකත් ඇහිඳගෙන මන් ආපහු එන්න හැරුනෙ තවත් කතා කරන එකේ තේරුමක් නැති නිසයි.

මගෙ නම අභී.වයස අවු 20.මගෙ අම්මයි මමයි විතරයි ගෙදර ජීවත් වුනේ.තාත්තා ගැන මතකයක් මට නැහැ.ඒ ගැන මන් කවදාවත් අම්මගෙන් අහලත් නෑ. අවු 16 ඉඳන්ම පුළුවන් විදිහට රස්සාවක් කරන ගමන් සල්ලි ටිකෙන් ටික එකතු කරල ඉගෙනීම ඉස්සරහට කරගන්න ඒ අතරෙ මන් ගොඩක් උත්සාහ කලා.ලැබුන හැමවෙලාවෙම පොතක් පතක් බලන එක මට පුරුදුවෙලා තිබුනා.

රශ්මින අයියව මට හම්බවුනෙ මන් වැඩට ගිය තැනදි.පාඩුවෙ වැඩ කරන් හිටපු මට රශ්මින අයියා ලංවුනේ නොහිතපු විදිහට.ඒත් එයා කොහොම කෙනෙක්ද කියල තේරුම් ගන්නකොට මන් එයාව අතාරින්න තරම් ප්‍රමාද වැඩියි.ආදරෙත් හරි පුදුමයි.කොච්චර රිද්දුවත් දාල යන්න හිතෙන්නෙ නෑ.හැමදේම ඉවසගෙන හිටියෙ එයාව නැතිකරගන්න බැරි නිසා වුනත් අද ඒ හැමදේම ඉවර වෙලා ගියා.

තනුවWhere stories live. Discover now