Part 51

17 3 2
                                    

After few days....

ඔව්..මම idol කෙනෙක්..ඒක ඇත්ත..ඒක මගේ හීනෙ බවත් ඇත්ත..එදා මේ හීනෙට එන්න බැරි වෙයි කියලා අඩපු මම අද මුලු ලෝකෙම ආදරේ කරන කෙනෙක් විදියට මගේ හීනෙ හැබෑ කරනගෙන තියන එකත් ඇත්ත..ඒත් ...කොහොම කෙනෙක් වුනත්..මමත් මනුස්සයෙක්..මටත් හැගීම් දැනීම් තියනවා..ආසාවල් තියනවා..ප්‍රාර්ථනා තියනවා..මම ඉස්සර නිදහසේ හිටිය කෙල්ලෙක්..ඒත් දැන් මට දැනෙනවා මම හිර වෙලා කියලා..මගේම හීනෙ ඇතුලේ මම හිර වෙලා..ඒත් දැන් මට ඒ හිර ගෙයින් එලියට එන්න බෑ...සමහර වෙලාවට සිද්ධ වෙන දේවල් නිසා මාව කඩන් වැටුණ අවස්ථා තිබ්බා..ඒත් ඒ හැම වෙලේම මට මතක් වෙනවා තුන් දෙනෙක්...එක මගේ තාත්ති,දෙවැනියා හෝසොකී,තුන මගේ fansලා...මේ තුන්ගොල්ලෝ නිසා සමහර වෙලාවට මැරෙන්න හිතුනත් මම එහෙම කරන්නේ නෑ....

තව පැය කීපයකින් උදා වෙන්න යන්නෙත් මාව ගොඩක් දුරට කඩන් වැටෙන දෙයක් වෙන දවසක්..ඔව් ..ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා ඔයාලට හිතෙයි..ඒත් ඒක මට සෑහෙන ලොකු දෙයක්... මම දැන් මේ ඉන්නේ අපේ entertainment එකේ roof top එකේ..මෙතනට හැමදේම ලස්සන පේනවා..ලස්සන බිල්ඩින්ග්ස් , මිනිස්සු කරන දේවල්,රෑ අහස ..මේ හැමදේම...මම roof top එකේ lights off කරලා දැම්මා...මුලු වටපිටාවම කලුවල වෙලා ගියා..ඒත් වටේ තියන බිල්ඩින්ග්ස්වල එලිය නිසා මට මහ ලොකු කලුවරක් දැනුණේ නෑ..මම ඒ පොඩි එලියෙන් අහස දිහා බලන් හිටියා...

"පොලොව කොච්චර ඝෝෂාකාරී වුනත් අහස නිස්කලංකයි..දවල්ට වගේම රෑටත්...හරියට දග වැඩ කර කර කෑගහන තමන්ගේ පොලොව කියන පුතා දිහා අහස කියන අම්මා නිශ්ශබ්දව ආදරෙන් බලන් ඉන්නවා වගේ..."

මම මගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...වෙලාව රෑ 11.30 යි...තව පැයබාගෙකින්  මට මේ පේන හැම බිල්ඩින් එකකම දාලා තියන screenවල,පාරේ,මුලු කොරියාවෙම විතරක් නෙවේ රටවල් ගානක , මිනිස්සුන්ගේ phone statusවල ..මේ හැමදේකම මගේ photos වැටෙයි..ඒ photosවලට යටින් එක එක භාෂාවලින් ,

HAPPY BIRTHDAY JHP..WE LOVE U.

おたんじょうびおめでてょう JHPさん。あいしてる。

jhp 생일 축하해..사랑해.

生日快樂jhp..我們愛你..

කියලා මට wish කරයි..මං වෙනුවෙන් කේක් කපයි..තෑගි එවයි..ආදරේ හිතෙන දේවල් ගොඩක් කරයි..මගේ උපන්දිනේ වෙනුවෙන් හැමෝම සතුටු වෙද්දී...මම විතරක් දුකින්...පාළුවෙන්...මට තේරෙන්නේ නෑ මේ හැගීම මොකක්ද කියලා...මම idol කෙනෙක් වුනාට පස්සේ සමරන දෙවනි උපන්දිනේ මේක..කොරියාවට ආවට පස්සේ සමරන තුන්වෙනි එක..මොකද මගේ training කාලෙත්  birthday එක ආවා..මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට මෙච්චර ආදරයක් මුලු ලෝකෙන්ම ලැබෙයි කියලා..ඒ අතින් මම වාසනාවන්තයි..ඒත් තව අතකින් මම ගොඩක් අවාසනාවන්තයි..ඔයාලා අහයි ඇයි කියලා...ඔයාලට තේරෙන්නේ නෑ...හැමදේම හිර වෙලා..ඔන්න තව පැය බාගෙකින්  මගේ membersලා මාව suprise කරයි...කේක් කවයි..කේක් නාවයි..තෑගි දෙයි..ඒක weverse live එකකින් මුලු ලෝකෙ වටේම මට ආදරේ කරන fansලා බලාගෙන ඉදියි..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now