Part 52

27 5 4
                                    

හෝසොකී!!!!!!!!!!!!!!

ඉන්න...මේක හීනයක්ද...නැත්නම් මනෝ විකාරයක්ද.....මම මාවම කොනිත්තගත්තා...ආව්!!!ඒක රිදුන..ඒ කියන්නේ මේක ඇත්තක්.....

ඒත්...හෝසොකී......මෙතන....මේ වෙලාවේ.....කොහොමද.....එතකොට අනික් අය....නෑ ..ඔයාලා හිතන්නේ මං ඒවා ගැන හිත හිත ඉන්නවා කයලද..නෑ...මේ මොකුත් මගේ ඔලුවට ආවේ නෑ....මට දැනුණ එකම දේ....මගේ හෝසොකී මගේ ඉස්සරහ!!!!!

"හෝසොකී!!!!!!!"

ඊලග තත්පරයේ මම මගේ ඉස්සරහ හිනා වෙවී බලන් හිටිය හෝසොකීගේ ඇගට පැන්න පාර අපි දෙන්නම බිම..ඒත් මම එයාගේ ඔලුව බිම වැදෙන්නේ නැති වෙන්න එයාගේ ඔලුවෙන් අත තියාගෙනයි වැටුනේ...එයාගේ අතේ තිබ්බ ගිටාර් එක ඩෝන් ගාලා බිම වැදුණා..ෂුවර් එකට ඒකෙ අවසානේ...මේ නිසා තමා එහෙනම් කවදාවත් ගිටාර් ගහන්නේ නැති එක්කෙනා පහුගිය ටිකේ යුන්ගි ඔප්පාගේ ගිටාර් එක අල්ලන් පිස්සු නැටුවේ....අනේ දෙයියනේ !!!!!!මට කියාගන්න බැරි තරම් සතුටුයි....මම හිතුවේ නෑ මට මේ උපන්දිනේ හෝසොකී එක්ක මේම තනියම සමරන්න පුලුවන් වෙයි කියලා...මට කෑගහන්න ඕනි!!!මට සතුටුයි...මම එයාගේ බෙල්ල අස්සේ මූණ හංගගෙන ඇඩුවා...ඒ සතුටක්ද දුකක්ද..දුකට නෙවේ...සතුට දරාගන්න බැරිකමට!!!!එයා මගේ කොණ්ඩෙ අස්සෙන් එයාගේ ඇගිලි අරන් ගියා...මට සනීපයි...හරිම උණුහුම්....මට මේ දැනෙන හැගීම කියන්න වචන නෑ!!!!!දෙවියනේ භාෂා හතක් දන්න මටත් වචන නෑ!!!!!මම කොච්චර වෙලා එයාගේ බෙල්ල අස්සේ  හැන්ගිලා ඇඩුවද කියලා නම් මට මතක නෑ...ඒත් මම ගොඩක් වෙලා ඇඩුවා...

💙කෝ...ඇති දැන්...මගේ පිස්සි...මගේ කොන්දත් රිදෙනවා...නැගිටින්නකෝ...

නැගිටින්න...බෑ...මට හරි සනීපයි...ඒත්!!!!ඉන්න!!!මම කොහෙද ඉන්නේ ....හෝසොකීගේ ඇග උඩද...හපොයි....ඔන්න මං නැගිට්ටා..

💙ඔන්න ආයෙ රතු වෙලා😂

හෝසොකී කිවේ නැගිටලා මටත් නැගිටින්න අත දෙන ගමන්...මම මූණ හංගගෙන ඒ අත අල්ලගත්තාම එයා මාව ඇදලා එයා ගාවට ගත්තා...හරි වේගෙන්!!!!!මම නැවතුනේ එයාගේ මූණ ඉස්සරහ...එයාගේ තොල් මගේ තොල්වල ගෑවෙන තරම් ලග.....වෙනදා මෙහෙම ඉදලා තියනවා තමා...ඒත් මට අද....අනේ මන්දා...ලැජ්ජයි....

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now