Part 16

21 5 15
                                    

🦋🦋දින 5 කට පසු 🦋🦋🦋

ගෙවුණ දවස් 5 ම හිරූ කාත් එක්කවත් වචනයක්වත් කතා කලේ නෑ..එයා කලේ තනියම dance room එකට ගිහින් practise කරපු එක...කිසිම විවේකයක් ගත්තේ නෑ..උදේත් ,දවලුත්,රෑත්,පාන්දරත් ; 24 පැයේම හිරූ කලේ dance practise කරපු එකමයි..එයා ඒක කලේ පිස්සුවෙන් වගේ..ආත්තටම එයාට සිහියක් තිබ්බේ නෑ..එයා හිටියේ ලොකු පීඩනයක..දුකක..හරියට කෑමක් කෑවෙත් නෑ..වතුර විතරක් බීලා හිටිය දවසුත් තිබ්බා..ඒකෙන් එයා ටික ටික දුර්වල වුණා...අනිත් memebersලටත් එයාව control කරන්න විදියක් තිබ්බේ නෑ..ඒත් එක දෙයක්...හිරූගේ හිතේ jhope ගැන කිසිම තරහක් තිබ්බේ නෑ...එයාගේ ආදරේ වෙනසක් වුණෙත් නෑ..එයාගේ හිතේ තිබ්බේ එක අරමුණයි..ඒ jhope oppa සතුටු වෙන විදියේ dance එකක් හදන එක..මේ වෙද්දී එයාලගේ dance එකට jhopeගේ approval එක ලැබිලා නෑ කියන එක මුලු bighit එකේම පැතිරෙන්න නොදී direcorsලා බේරගෙන හිටියේ..ඒ නිසා කෙල්ලගේ මේ හැසිරීම ගැන group එකෙන් සහ group එකේ directorsලගෙන් පිට වෙන කිසිම කෙනෙක් අඩුම ගානේ btsලා තියා යූමිවත් දැනගෙන හිටියේ නෑ...

5වෙනි දවසේ පාන්දර 1ට විතර හදිස්සියේම bighit එකට කෙනෙක් ආවා..එයා ආවේ හදිසි වැඩකට......ටික දවසකින් bighit එකට එන්න බැරි වුණ නිසා bighit එකේ මොනවද වෙන්නේ කියලා එයා කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.....එයා කෙලින්ම director office එකට යන්නේ එයාට ඕනි documents ටිකක් ගන්න ...එයා office එකට යන ගමන් ඉද්දි එයාට ඇහුණා music එකක්...bighit එකේ නිශ්ශබ්ද බව බිදෙන මේ music එක අහන ගමන් එයා ඔරලෝසුව දිහා බැලුවේ පුදුමෙන්...

"කවුද මේ මහ පාන්දර music දාගෙන ඉන්නේ...දැන් traineesලාත් නෑනේ..අලුත් group එක තව සති දෙකකින් debut වෙන නිසා එයාලා වෙන්නත් බෑ මේ...එහෙනම් කවුද..."

(අපි මේ කෙනාට දැනට X කියලා කියමු හරිද .)

හිතන ගමන් එයා ගියා music එක ඇහෙන දිහාට..ඒක ඇහෙන්නේ dance room එකෙන් කියලා තේරෙද්දී එයාට තවත් පුදුමයි..එයා හිමින් room එක ලගට ගියා ...music එක ඇහෙන්නේ dance room එකෙන් කියලා එයාට දැන් sure ...එයා හිමින් room එකේ door එක open කරන් ඇතුලට එබුණා....එතන හිටියේ හිරූ...කෙල්ල තනියම dance practise කරනවා ඉස්සරහ තියන කණ්ණාඩිය දිහා බලාගෙන....පුදුමයි...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now