Part 19

18 4 6
                                    

මං වගේ කෙනෙක්ට ලං වෙන්නවත් තමුන්ට සුදුසුකමක් නෑ..."

"මේක තමා මම ජීවිතේට දැකපු කැතම dance එක..."

යාහ්....මොකක්ද මට මේ ඇහෙන කටහඬ....කවුද ඒ....මොනාද ඒ කෙනා කියවන්නේ.....ආහ් .....මගේ ඔලුව.........ඔලුව පුපුරන්න වගේ රිදෙනවා...ඇයි මේ....පොල්ලකින් ගහලා වගේ ඔලුව රිදෙන්නේ...ඇඟත් පණ නෑ ....මුලු ඇඟම තලලා දාලා වගේ.....ආයිශ්....මට මොකද වුණේ...මං මේ කොහෙද ඉන්නේ.....

මම හිමින් හිමින් ඇස් අරින්න try කලා...අම්මෝ...ඇස් දෙක හොදටම බර වෙලා..අරින්නත් අමාරුයි...කෝම හරි මම හිමීට ඇස් ඇරියා...මුලින් මට මොකුත් පෙනුනේ නෑ..බොද වෙලා හැමදේම...ටිකෙන් ටික මට clear වෙන්න ගත්තා...මම මුලින්ම දැක්කේ මගේ එක පැත්තක තිබ්බ තෑගි ගොඩක් පිරුණ table එකක්...පාට පාට කොලවල ඔතපු තෑගි , dollsලා,sweets ,මල් පොකුරු....මේ මොකද මේ...මං දිව්‍යලෝකෙටවත් ඇවිල්ලද... ම්ම්ම් .....ඇත්තටම මේ කොහෙද...මම බෙල්ල හරවලා වටපිට බැලුවාම මට තේරුණා මම ඉන්නේ hospital room එකක කියලා...හැමදේම පෑහැදිලි නෑ room එක ටිකක් dark...ඒත්...ඒත්..මම මොකක්ද hospital room එකක කරන්නේ....මට මොකද වුණේ....ම්ම්ම්ම්...මොකක්ද මේ දිවට දැනෙන තිත්ත රහ......වතුර ටිකක් තිබ්බනම්...මම අනිත් පැත්ත හැරුනේ වතුර ටිකක් ගන්න තැනක් තියේද බලන්න... ඒත් මට පුලුවන් වුණේ බෙල්ල හරවගන්න විතරයි...මුලු ඇඟම රිදෙනවා...මට නැගිටින්න බෑනේ...

Author pov

ආයෙ මට එන්ට වුණා ඉතින් ...කොහෙද තාම මේ හිරූට පණ නෑනේ මාත් ඉතින් help එකක් දෙන්ට එපැයි..ඉතිරි ටිකෙන් චුට්ටක් මං කියන්නම් ඈ....

යූමි හිටියේ හිරූගේ bed එක ගාව පුටුවේ...එයාට මහන්සියටම bed එකට ඔලුව තියාගෙන නින්ද ගිහිල්ලා හිටියේ...හිරූගේ අනිත් group membersලත් sofa එකේ හොදටම දොයි...හිරූ ලගම හිටිය යූමි නම් ඉන්නේ තද නින්දක නෙවෙයි...එයාට නින්දෙන් වගේ පුන්චියට හිරූගේ ඇහුණා....

"ම...ම...මට...ව..ව..වතු...ර...ටි..ක...ක්."

ඒ හිරූගේ කටහඩ කියලා අදුර ගන්න යූමිට අමාරු වුණේ නෑ...කෙල්ල ගැස්සිලා ඇහැරිලා ඇස් දෙක ඇරලා හිරූ දිහා බැලුවා....ඔව්...හිරූ කතා කරනවා...ඉස්සෙල්ලා වගේ නෙවෙයි...දැන් වෙනස්...හිරූට සිහිය ඇවිත්...යූමිට මුලින්ම මොකුත්ම හිතාගන්න බැරි වුණා...එයා ඉක්මනට ගියේ හිරූ ලගට...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now