Part 24

16 4 1
                                    

"මම ආවේ ඔයාට විශේෂ දෙයක් කියන්න..."හිරූ කතාව පටන් ගත්තා..

"මො...මොකක්ද?" භූතයා තාම පුදුමෙන්..

"ඒ දේ මට විශේෂ වුණාට ඔයාට නම් විශේෂයි ද කියලා මම දන්නේ නෑ.."හිරූ කතාව දික්ගස්සන්න හදන්නේ...

"කියන්නකෝ..."භූතයාගේ ඉවසීමේ සීමාව පනින්න ළගයි...

"හරි....මම ආවේ ඔයාට ස්තූති කරන්න..."හිරූ කෙලින්ම භූතයා දිහා බලාගෙන කිව්වා...

"ස්තූති?මොකක්?"

"ඔව් ...මම ආවේ ඔයාට ස්තූති කරන්න..."

"ඒත්...ඒත්..ඔයා ඇයි මට ස්තූති කරන්නේ?"භූතයා ඇහුවේ පුදුමෙන්

"මගේ ජීවිතේ බේරගත්තට..."

භූතයා ව ගැස්සිලා ගියා...

" whattttt?????...."

"ඔව්...මම දන්නවා...ඔයා මගේ ජීවිතේ බේරුවා.එදා ඔයා එතනට ආවේ නැත්නම් මම මේ වෙද්දී ජීවතුන් අතර නෑ...ඔයාට කොච්චර ස්තූති කලත් මදි...."

"ඔ...ඔ...ඔයා මේ මොනවද කියවන්නේ...මට මොකුත් තේරෙන්නේ නෑ...ම...ම...මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා..."භූතයා ගොතගගහා කිව්වේ මූණ තවත් බිමට නවාගෙන

"දැන් ඔයා කියන්න හදන්නේ එදා එතනට ඇවිත් මාව hospital admit කරලා මගේ ජීවිතේ බේරුවේ ඔයා නෙවෙයි කියලද?"හිරූ ඇහුවේ සැරෙන්...

භූතයා ලොකු හුස්මක් පිටකලා... ඒ හුස්මේ හැන්ගිලා තිබ්බේ දුකක් කියලා තේරුම් ගන්න හිරූට පුලුවන් වුණා...

"ඔව්....ඒ මං නෙවෙයි....ඔයාට වැරදීමක් වෙලා...."භූතයා කිව්වේ වෙව්ලන කටහඩකින්...හිරූගේ ඇස් පුදුමෙන් ලොකු වුණා..

"මම ඒක කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ..."හිරූට කෑගැහුනේ කේන්තියට...

"ඔයා විශ්වාස කලත් නැතත්...ඒකයි ඇත්ත..එදා ඔයාව බේරගත්තේ මම නෙවෙයි..."හයියෙන් සැරෙන් කියන ගමන් භූතයා අනික් පැත්ත හැරුණා...හිරූගේ ඇස්වල කදුලු පිරුණා....ඇයි භූතයා ඇත්ත පිළිගන්නේ නැත්තේ ? හිරූට මේක ලොකු ප්‍රශ්නයක්...මොන දේ වුනත් එදා තමන්ව බේරගත්තේ තොප්පි භූතයා කියන එක හිරූට හොදටම විශ්වාසයි..හිරූ අමාරුවෙන් නැගිටලා අනිත් පැත්ත හැරිලා හිටිය තොප්පි භූතයා ඉස්සරහ හිටගත්තා...ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු හිරූ කතා කරන්න ගත්තා

"ඔයා කොයි තරම් නෑ කිව්වත් මම දන්නවා ඒ ඔයා...කාටවත් අදුර ගන්න බැරි වුණා ඒ කවුද කියලා...ඒත් මට මතකයි..මට ඔයාගේ ස්පර්ශය මතකයි..කටහඩ මතකයි...ඔය රූපෙ හොදට මතකයි...ඔක්කොටම වඩා මේ තොප්පිය....."

භූතයා යටි තොල හපා ගත්තා...

"නෑ...ඒ මං නෙවෙයි..එක පාරක් කිව්වම අහන්න plz..."

දැන් නම් හිරූ ඉන්නේ කේන්තියේ උපරිම මට්ටමේ...එයා භූතයාගේ උරහිස් දෙකෙන් අල්ලගෙන එයාව වේගෙන් හෙල්ලුවා...

"කියනවා...ඇයි බොරු කියන්නේ?ඇයි පිළිගන්නේ නැත්තේ ඒ තමුන් කියලා...බොරු කියලා තමුන්ට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද...පිළිගන්න බැරි නම් මාව බේරගත්තේ මොකටද...ඇත්තටම තමුන් කවුද...මොනවද තමුන්ට ඕනි...ඇයි හැම වෙලේම මගේ ජීවිතේට ලං වෙන්න හ......."හිරූ කියාගෙන ගිය එක හිමින් නතර වෙලා කෙල්ලගේ කටහඩ බාලවෙලා යනවා එක්කම භූතයාට හිරූගේ අමුත්තක් තේරුණා..
ඔලුව ඉස්සලා කෙල්ල දිහා බැලුව භූතයාට තේරුණා මොකක්ද වෙන්න යන්නේ කියලා..භූතයා හිරූව ඉක්මනට අල්ලගත්තා...ඊලග තත්පරයේ හිරූට සිහිය නැති වුණත් හිරූ බිමට වැටුණේ නැත්තේ භූතයා එයාව අල්ලගෙන හිටිය නිසා.........

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now