Part 8

25 5 13
                                    

ලමයි...🙂 Rank එක බැහැලා කතාවේ..688 තිබ්බ එක ආයෙ 715ට ගිහින්🙂...කමන්නෑ..අපි ඉතිරි ටික කියෝමු කතාවේ..💜

Dancing audition එකේ වෙච්ච සිද්ධිය නිසා එදා දවසම මම හිටියේ පුදුමයයි කේන්තියයි දෙකෙන්ම shock වෙලා..මම මේ කිසි දෙයක් මෙහෙ කාටවත් ඒ කියන්නේ ලියාටවත් නොකියා ඉන්න තීරණය කලේ ඒකෙන් තවත් ප්‍රශ්න ඇති වෙයි කියලා හිතුන නිසා..හැබැයි මම මේ හැමදේම අකූට කෝල් කරලා කිව්වා...අන්තිමට අපි දෙන්නටම ඉතුරු වුණේ ප්‍රශ්න පත්තරයක්..මේ භූතයා කවුද.. ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ...හයියෝ...විසාල කරදරයක් වුණානේ මේක...

පහුවදා rapping audition එකටත් මම ගියේ බයෙන් භූතයා ඉදියි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පහුවදා rapping audition එකටත් මම ගියේ බයෙන් භූතයා ඉදියි කියලා..හැබැයි ඒකා හිටියොත් හොම්බට දෙකක් අනින්නත් ඕනකම මට තිබ්බා... හැබැයි එයා හිටියේ නෑ..ඒ නිසා මම නිදහසේ ඒකට face කලා..අපේ results දෙන්නේ තව දවස් දෙකකට පස්සේ...එතකන් ඒ දවස් දෙකේ අපිට ඕනි තරම් නිදහසේ ඉන්න පුලුවන්..ඇත්තම කිව්වොත් අපි ඒ නිදහස නම් උපරිමේට භුක්ති වින්දා...ඇති වෙන්න ඇවිද්දා කෑවා බිව්වා නැටුවා සින්දු කිව්වා..ගන්න තියන හැම ආතල් එකක්ම ගත්තා..අපේ කට්ටිය හරි එකතුයි ...ඒ දවස් දෙක මම ප්‍රශ්න හැම එකක්ම අමතක කරලා නිදහසේ හිටියා..විශේෂම දේ වුණේ ඒ දවස් දෙකේ මට භූතයාව මුණ ගැහුණේ නැති එක...ඒක නම් හරිම සහනයක්...අපේ oppaලා 7 දෙනාගේ break එක නම් තාම ඉවර නෑ...එයාලා තාම ආවෙ නැ entertainment එකට..අහෝ දුකකි ඉරකි තිතකි !...කමක් නෑ...ඉක්මනට එන්න oppaaaaaaaaaa...waiting for you Anpaman......

ඒත් අපේ නිදහස් දෙවනි දවසේ ඒ කියන්නේ results දෙන දවසට කලින් දවසේ හවස මට ආයෙත් මූණ දෙන්න වුණේ මහ අත්භූත දේකට..අනේ මන්දා ඇයි මටම මෙහෙම කියලා..දෙවනි දවසේ අපි කට්ටියම එලියේ ඇවිදලා හවස 4 වෙද්දී entertainment එකට ආවා..අපි කට්ටියම roomsවලට යන මගදී ඒ කියන්නේ 3rd floor එකේදී අපේ ඉස්සරහට හම්බුණා bodyguardsලා දෙන්නෙක් එක්ක එන ලස්සන ගෑනු ලමයියෙක්...එයා හරි ලස්සනයි...බලපු ගමන් හිත ඇදිලා යන ලස්සනක් එයාට තිබ්බේ...sunglass දෙකකුත් දාගෙන පිට මැද හරියට වගේ දිග කොණ්ඩෙ පෝනිටේල් එකක් දාලා ලස්සන දම් පාට ගවුමක් ඇදලා හිටියේ..Ice coffee එකකුත් බොන ගමන් හරි ආඩම්බරේට ඇවිදින මේ කෙල්ල නම් කාගෙහරි ලොක්කෙක්ගේ දුවෙක් වෙන්න ඇති කියලා අපේ කට්ටිය කතා වූණා...පෙනුමෙන් නම් වැඩි වයසක් නෑ..අපේ වයසේ වගේ...කොහොම වුනත් එයා අපිව පාස් කරගෙන යද්දී අපේ දිහාට රබර් ඇහැ දාන්න ඇති.. මාව පාස් කරලා ටික දුරක් ගියාම එයා එකපාරට එකතැන හිට්ටා..ඊලගට අපි කට්ටියටත් නවතින්න වුණේ එයා අපිට කතා කරපු නිසා..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now