Part 42

20 4 6
                                    

After a week

දවස් කීපයක් ගෙවුනේ හරි වේගෙන්...එදා වලියෙන්  පස්සේ අකූ ආයෙ hybe එකට ආවෙ නෑ...අඩුම මාව බලන්නවත්..ඔප්පලාගේ concert එක දවසේ ආවෙත් නෑ...යුන්ගි ඔප්පා ට ඇදුම්  supply කලේ හෝසොකීගේ fashion designer...අකූ එන්නේ නැති එක ගැන යුන්ගි ඔප්පාට නම් සත පහක ගානක් නෑ...මට අපේ group එකේ වැඩ නිසා අකූ ව බලන්න යන්න බැරි වුණා..එදා අන්තිමට රණ්ඩු වුණ දවසේ නම් මම ගියා...ඒත් එයා දොර ඇරියේ නෑ...මම ඉතින් බලාගෙන ඉදලා ඉදලා ආයෙ ආවා...ඊට පස්සේ යන්න වුනේ නෑ...මොකද ලබන මාසෙ අපෙ japan tour එක...ඒකට ලෑස්ති වෙන්න තිබ්බ නිසා මමත් හොදටම හිර වෙලා හිටියේ...මම අකූට කොච්චර කෝල් ගත්තත් එයා answer කලේ නෑ...මේක හරියන වැඩක් නෙවේ...කෙල්ලට මොකද දන්නෑ...බලන්න යන්න ඕනි මොනාම හරි කරලා...කෝමහරි ගැටයක් ගහලා මම එලියට පැන ගත්තා...මට වැඩි වෙලා නෑ මම ඉක්මනට ගියේ අකූගේ apartment එකට...බෙල් කලාම එයා ඇවිත් දොර ඇරියා...ඒත් ...කිසිම සුහද ගතියක් නෑ...නිකම් ඕනවට එපාවට වගේ....ඇයි මේ....මම ඇතුලට ගියා...ඈ..මේ මොකද මේ...හැමතැනම බඩු....ලොකු traveling bags වගේකුත් තියනවා...🙄😶

💜අකූ?

එයා සද්ද නෑ...මොනාද මන්දා රෙදි වගයක් බෑග් එකකට ඔබනවා....

💜උඹට මාව ඇහෙන්නේ නැද්ද...

💛ඇයි...

එයා ඇහුවේ මං දිහා බලන්නෙවත් නැතුව ....

💜මොකද බං වෙලා තියෙන්නේ ...මොකද මට ගහන්න වගේ කතා කරන්නේ...මම මොකක්ද කරපු වරද...

💛ඇයි ආවෙ...?

💜ඇයි බං මේ...මොනා වෙලාද...ඇයි මට ඕම කතා කරන්නේ...මම මොකක්ද කලේ...අනික...මොකද මේ ඇදුම් බඩු පැක් කරන්නේ....කොහෙ යන්නද....

💛මම යනවා මෙහෙන්...

💜what🙄මෙහෙන් යන්න?

💛ඔව්...මේ හැමදේම දැන් ඇති...මම ආයෙ ලංකාවට යනවා...

💜ඒත් අකූ...නෑ...ඔයාට බෑ ඒම කරන්න...ඔයාට බෑ මාව දාලා යන්න...

💛නෑ ...මට පුලුවන්....

එයා කිව්වේ කිසිම හිතක් පපුවක් නැතුව  .....මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියත් එයා නිකමටවත් මං දිහා බැලුවේ නෑ....

💛ඉතින්,එදා ඇදුම් බලන්න ගියාද යුන්ගි එක්ක?😒හොද fun එකක් ගන්න ඇති නේද දෙන්නා?

♡ My Hat Man  - Back To Blue Side ♡Dove le storie prendono vita. Scoprilo ora