Part 22

21 3 11
                                    

හිරූට ඇහැරුණේ එයාගේ එහා පැත්තෙන් ඇහුන සද්දයක් නිසා...එයා හිමින් ඇස් ඇරලා බැලුවේ සද්දේ ඇහුන පැත්ත...එයා දැක්කා එයාට කට්ටිය ගෙනාපු තෑගි තියන table එක ලග කවුරු හරි ඉන්නවා...ඒ ඉන්න කෙනා ඒ තෑගි අදිනවා හිරූ දැක්කා...ටිකක් හොදින් ඒ දිහා බලන් හිටපු හිරූට ඒ ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න අමාරු වුණේ නෑ....කෙල්ලට කෑගැහුනේ සතුට වැඩිකමට....

"අකූ.........."

හිරූගේ කෑගැහිල්ලට ගැස්සුණ පාර අක්ෂරාගේ අතේ තිබ්බ chocolate pack එකත් බිම වැටුණා...

"ආයිශ්...මොකද යකූ කෑගහන්නේ මෝහිනීගේ නම්කි දැක්කා වගේ...බලපන් ඉතින් chocolate ටික බිමනේ....." කියලා හිරූට බනින ගමන් අක්ෂරා බිම වැටුණ chocolate ටික අහුලන්න ගත්තා...

"අනේ මන්දා බං උබ...තාම ඉස්සර වගේම track outනේ...මං හිතුවේ කොරියන් හුලගටවත් ඔය ගතිය පාවෙලා යයි කියලා...තාම නෑ...ඒකනේ ඔහොම පිස්සුවෙන් වගේ කෑගහන්නෙ..."තමන්ට බැන බැන chocolate අහුලන අක්ෂරා දිහා හිරූ බලන් හිටියේ පුදුමෙන්...ඇත්තටම මේක හීනයක්ද...අක්ෂරා මෙහෙ...?

"අ....අක්ෂරා....?"

"ඕ....."කියන ගමන් අක්ෂරා නැගිටලා හිරූ දිහා බැලුවා..

"ඔ..ඔ..ඔයා ...මෙහෙ...?"

"ඇයි මොකෝ ...උබට විතරද කොරියාවේ එන්න පුලුවන් ? අපිටත් එන්න පුඵවන් හාද..."

"ඒක හරි...ඒත් ...ඒත්..."

"හරි හරි ගොතනොගහ ඉදපන් මං කියන්න..."කියන ගමන් අක්ෂරා choclate කෑල්ලක් කටේ දාගත්තා..

"ඉතින් කියන්නකෝ..."

"හිටපන් ඉතින්....."

"..........."

"මේකනේ...පරිසමට ගිහින් idol කෙනෙක් වෙයන් කියලා කොරියාවට එවපු එකී ජබරකලන්තේ දාලා වැටිලා ඔලුව ඇනගෙන සිහිය නැතුව ඉන්නවා කියලා කිව්වම ....උබ කියන්නේ මට නෑවිත් ඉන්න කියලද..."

හිරූගේ කට වැහුණා...අකූගේ මේ කතා කරන විදිහ හිරූට හොදට හුරුයි...ඔහොම සැරෙන් කතා කලාට අකූ හිරූට පණ වගේ ආදරෙයි....අක්ෂරා හිරූගේ bed එකේ පැත්තකින් වාඩි වුණා...

"Chocolate කෑල්ලක් කනවද..."පාතාල නායිකාවක් ගැම්මට අහනවා වගේ අකූ ඇහුවේ හිරූගේ පැත්තට chocolate එක දික් කරන ගමන්...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now