Part 7

30 3 7
                                    

හරි ලමයි ඔන්න මම ආවා යෙ..දැන් කට්ටියට අන්තිම part එකේ වෙච්ච දේවල් මතක නැතුව ඇති....ඒ නිසා මං ඒකෙ අන්තිම ටික දාලාම මේක පටන් ගන්නම්....

💦පසුගිය කොටසින්💦

"Ms Sakya Hiruprabha.."
එහෙම කියන ගමන් එයා මගේ පැත්තට හැරුණා...
..
..
...
...
.
....
....

"No way"

මට කියවුණේ ඉබේටම...
එතන හිටපු කෙනාව දැකලා මම කලන්තෙ දැම්මේ නැති ටික විතරයි..අනේ ඇයි මටම මේම....
.
.
.
.
.
එතන වාඩිවෙලා හිටියෙ වෙන කවුරුත් නෙවෙයි...අර තොප්පි භූතයා තමා...සුපුරුදු ඇදුම තොප්පිය ...හිනාව...අනේ මට පොලව පලාගෙන අපායට එන්න ඉඩ දෙන්න යම රජුනි..ඇති දැන් මේ කෲර ලෝකෙ හිටියා මට...

ටික වෙලාවක් මං දිහා බලන් හිටපු භූතයා මං ලගට ආවා..ඒ හිනාව දැක්කාම මගේ ඇගේ මාලු නටන්න ගත්තා කේන්තියට...මට තවදුරටත් මගේ jhope oppaට බැනපු කෙනා ලග ඉන්නවත් audition face කරන්නවත් ඕනි වුණේ නෑ..මම එයාටත් රවාගෙන ගස්සගෙන ආපහු හැරුනේ room එකෙන් එලියට යන්න හිතාගෙන..ඒත් යන්න ගියපු මාව එක තැන හිට්ටේ භූතයා මගේ අතින් තදින් අල්ලගත්ත නිසා..ඔන්න...දැන් නම් මගේ රතු කට්ට පැනලා...මෙයාට ඕනි ඊයෙ වගේ ගුටි කන්න වගේ..

"අතාරිනවා මාව...කිව්වම අහලා අතාරිනවා...."

මම එයාගේ අතින් මගේ අත ගලවගන්න කොච්චර try කලත් ඒකෙන් වුණේ එයා තවත් තදින් මගේ අත අල්ලගත්ත එකයි, එයාගේ මූණෙ තිබ්බ හිනාව වැඩි වුණ එකයි විතරයි.....අනේ මන්දා ඉබි මස් කනවද කියලා අත මෙච්චර හයිය..මගේ අනිත් අත තිබ්බනම් මේක ඉවරයක් කරන්න තිබ්බා..ඒත් මම wash room එකෙන් එලියට එද්දී අත සාක්කුවේ ඔබාගත්ත ගමන් තාමත් ඒ අත සාක්කුවේ ඔබාගෙන ඉන්නේ තුවාලේ පෑරෙයි කියලා....

"අතාරිනවා ...මාව අල්ලන්න පුලුවන් මගේ jhope oppaට විතරමයි..වෙන කාටවත් බෑ..."

මම එහෙම කිව්වා විතරයි එයා එකපාරටම මාව එයා ලගට ඇදලා ගත්තා..ඇද්ද වේගෙට මාව ගිහින් නතර වුණේ එයාගේ මූණයි මගේ මූණයි එකට වැදෙන තරම් ලගට...ඒ හිනාව අමුතුයි..අනේ මන්දා මේ තොල් මම කොහෙදිහරි දැකලා තියනවා කියලා දැනෙන්නේ ඇයි..තොප්පිය ගැලෙව්වානම් බලාගන්න තිබ්බා මේ කවුද කියලා..මම ඈත් වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේනෑ..එයාගේ වේගෙන් වැටෙන හුස්ම මගෙ මූණට වැදෙද්දී මට ඇතිවුණේ බයක්..මම කවදාවත් පිරිමි කෙනෙක්ට මෙච්චර ලං වෙලා ඉදලා නෑ...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now