Part 5

31 4 5
                                    


.
..
....
මගේ ලගටම ආපු එයා ටික වෙලාවක් මං දිහා බලන් ඉදලා මගේ කණ්ණාඩි දෙක ගලවලා එයාගේ අතට ගත්තා..මම සාමාන්‍යයෙන් කණ්ණාඩි දාන්නේ phone එක use කරන වෙලාවට විතරයි...මම මෙතනට ආවේ phone එක බලබල ඉද්දිනේ ...මට කණ්ණාඩි ගලවලා එන්න අමතක වුණා හදිස්සියෙ එද්දී..දැන් මගේ කණ්ණාඩි දෙක එයාගේ අතේ..එයා හිමින් ඔලුව උස්සලා මං දිහා බලනවා මට දැනුණත් මම අහක බලාගෙනම හිටියේ මේ තොප්පිය යට ඉන්නේ ඇත්තටම භූතයෙක් නම් මේ කරුවලේ භූතයෙක් දැකලා මට තොවිල් නටන්න වෙන නිසා...ටිකක් වෙලා එයා නිශ්ශබ්දව හිටියා..මං හිතන්නේ එයා තාම මං දිහා බලාගෙන ඉන්නේ..ටික වෙලාවකින් මට එයාගේ සීතල කටහඩ ඇහුණා..

"Like an angel with this beautiful eyes.."

එයා කිව්වේ හිමීට...එයාගේ අත මගේ මූණ ගාවට එනවා කියලා දැනෙද්දිම මම පස්සට වුණේ excuse me sir කියන ගමන්.. මම එයා දිහා බලනවත් එක්කම එයා ආයෙත් ඔලුව පහලට කරගත්තා..ඒ නිසා මට තොප්පිය ඇතුලේ ඉන්න කෙනාව පෙනුණේ නෑ...කතාව වෙන පැත්තකට හරවන්න ඕනි නිසාද කොහෙද එයා මගේ අතේ තිබ්බ jhopeගේ photosවලින් එකක් ගත්තේ මගේ කණ්ණාඩිය ආපහු මට දානගමන්...

"ම්ම් Jung Hoseok...මෙයාද ඔයාගේ bias?"
එහෙම අහන ගමන් එයා තවත් ටිකක් මට ලං වුණා...මං මොකටද බය වෙන්නේ..මෙයා තව පොඩ්ඩක් හරි ලගට ආවොත් මම ගහනවා.. මොකටද මම බය වෙන්නේ?මම හොද කලුපටි ශූරියක්නේ..එහෙම හිතන ගමන් මම උත්තර දුන්නා..

"ඔව්.."

"Ohhh what the hell...bighit එකේ ඉන්න නරකම dancer.. අනේ මන්දා fansලා මොකද එයාට මෙච්චර මැරෙන්න හදනවද කියල... හරියට dance කරගන්නවත් බෑ..dancing director කෙනෙක් විදියට මට තේරෙනවා dancing කියන්නේ මොකක්ද කියලා ...හැබැයි එයා කරන dancing මෙලෝ රහක් නෑ.. අනිත් එක හරියට කෙලින් වත් හිටගෙන ඉන්න පුලුවන්ද ...ඇති ලස්සනකුත් නෑ.. අනිත් membersලා නම් හරි ලස්සනයි හැන්සම්.. ඒත් මෙයා නං එහෙම නෑ... අනික කැමරාවට පේන jhope නෙවෙයි ඇත්තටම ඉන්නේ..අනේ මට නං තේරෙන්නේ නෑ ඒ මෝඩයාට ඔයා කැමතිද කියලා.."

මගේ අත මිට මෙලවුණේ කේන්තිය වැඩිකමට...මේ ලෝකෙ මම වැඩියෙන්ම ආදරේ කරන මගේ ලෝකෙ හීරෝ ...මේ ලෝකෙ ලස්සනටම dance කරන most handsome idol...මගේ jhope oppaට මං ඉස්හරහම මේකා බයක් සැකක් නැතුව බනින හැටි😤🤬 මම අද මේකව ඉතුරු කරන්නේ නෑ...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now