Part 32

24 4 7
                                    

තොප්පි භූතයාගේ හැසිරීමයි එයා කියපු දේවලුයි එක්ක විකාර වෙලා තිබ්බ මගේ ඔලුව තවත් අවුල් වුණේ V ඔප්පා කෝල් කරලා බලන්න යන්න කියපු ලෙඩාත් තොප්පි භූතයාම වෙච්ච නිසා...යන්න බෑ කියලා හිතුණත් හේතු දෙකක් නිසා මම යනවා කියලා හිතුවා...
1)මගේ ඔප්පලා 7 දෙනාගෙම ඉල්ලීමක් මේක...ඔප්පලා වෙනුවෙන් යන්න ඕනි
2) මොනා වුනත් ලෙඩ වුණ කෙනෙක්නේ...

ඉතින් මම යන්න හිත හදාගත්තා..shop එකකට ගිහින් හිතෙන හිතෙන හැමදේම තෝරගෙන මම car එකට නැග්ගේ V ඔප්පා එවලා තිබ්බ location එක on කරගන්න ගමන්...පැයක විතර දිග ගමනකට පස්සේ මම එතනට ආවා...ඒක නිස්කලංක පරිසරයක තිබ්බ ලොකු apartment එකක්...වැඩිය සෙනගත් නෑ..ගොඩක් ගෙවලුත් නෑ..හරිම නිස්කලංකයි...V ඔප්පා කියපු විදියට නම් මෙයා තනියම තමා ඉන්නේ.
හම්මේ..තනි කෙනෙක්ට මෙච්චර ලොකු apartment එකක්...අම්මෝ....ඒත් ඉතින් මේ මනුස්සයා ඉන්න විදියට නම් හිතන්නත් අමාරුයි මේම ගේක ඉන්නවා කියලා...අනේ මන්දා..අන්දභූතජාතකේ...ඕවගෙන් වැඩක් නෑ..මම ඉක්මනට යන්න ඕනි...මෙතන පැල වෙන්න ආවා වගේ කට අයන් ගේ දිහා බලන් ඉන්නේ නැතුව ඉක්මන් කරන්න හිරූ...😑

ඒත් මම කොහොමද ඇතුලට යන්නේ ...මේ දොරවල් ලොක් කරලද දන්නෑ...ජනේලයක්වත් ඇරලා නෑනේ..කොච්චර ලස්සන වුනත් සද්දයක් බද්දයක් නැති නිසාද කොහෙද මේක මට නිකම් භූත බංගලාවක් වගේ පේන්නේ...ආහ්..අයිතිකාරයාත් භූතයෙක්නේ ඉතින්😁 අනේ මන්දා ආයෙ විකාර හිතෙනවා මටත්...දැන් මොකද කරන්නේ🤔 ලංකාවේ වුනානම්

ගෙදර කවුද....
බල්ලා බැදලද...

කියලා කෑගහන්න තිබ්බා...ඒත් මේක කොරියාවනේ 😶 මොකද කරන්නේ මොකද කරන්නේ.....මීටර් වෙන්නකො මොලේ......

Loading......

ආහ්...හරි...අයියූ මගේ මැටි මොල රාජයා...V ඔප්පාට කෝල් එකක් දුන්නානම් හරිනේ...හයියූ මගේ ගොන් මොලේ නම්...😑මම ඉක්මනට phone එක අරන් කෝල් එකක් ගත්තා..

📲

🐯සකූ...මොකෝ වුණේ...අවුලක් නෑ නේද ....

💜නෑ...මම ආවා...ඒත්...

🐯ඇයි සකූ...

💜ඔප්පා මේ...මම එලියේ ඉන්නේ..ඇතුලට යන්නේ කොහොමද...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now