Part 6

27 4 8
                                    

වීදුරු කෑලි ටික dustbin එකකට දාපු හිරූ එතනින් එහාට ඇවිදගෙන යන්න පටන් ගත්තේ හැඟීමකින් තොරව..වීදුරුවලට කැපුණ අතින් කොච්චර ලේ ගලාගෙන ආවත් ඒකට බෙහෙත් දාගන්න හිරූට ඕනි වුණේ නෑ..එයාට ඕනි වුණේ වේදනාවෙන් කේන්තිය නිවා ගන්න..එයා ලේ ගලන අත සාක්කුවේ ඔබාගෙන ඔහේ හිතෙන හිතෙන පාරවල් දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා..එදා රෑ එළි වෙනකම්ම හිරූ කලේ ඇවිදපු එක..අතට බෙහෙත් දාගන්නවත් කන්නවත් හෙට audition එකවත් හිරූගේ ඔලුවට ආවෙ නෑ..phone එකත් off කරන් එයා හැමතැනම ඔහේ ඇවිදන් ගියා..පහුවදා දවල් 1 වෙද්දිත් හිරූ පාරේ..අරමුණක් නැතුව ඇවිද ඇවිද හිටියා..එකපාරටම එයා ලගට ආපු පුන්චි බබෙක්..

"ඔන්නි,මට ඔම්මාව හොයාගන්න බෑ..මට කෝල් එකක් ගන්න පුලුවන්ද?"

පුන්චි බබා හිරුගේ ඇදුමෙන් ඇද ඇද කතාකරන කටහඩට තමා හිරූ මේ ලෝකෙට ආවෙ..එයා වටපිට බැලුවා මේ ඉන්නේ කොහෙද කියලා..එයා ඉන්නේ children's park එකක කියලා එයාට තේරුණා..පුන්චි බබා දිහා බලපු හිරූ ට හැම දුකක්ම තරහක්ම අමතක වුණා..එයා හිනාවෙලා හරි ආදරෙන් බබා ලග දණගහගත්තා..

"මට call එකක් අරන් ඔන්නි.."

"ආහ් ඉන්න පැටියෝ "හිරූ ටක් ගාලා phone එක on කරලා බබාගෙන් nb එක අහගෙන call එකක් දුන්නා..එයාට ඊයෙයි අදයි ආපු calls 500 ක් වගි තිබ්බා..එයා ඒ notification දිහා බැලුවෙවත් නෑ..බබාගේ ඔම්මා එනකම් හිරූ බබා එක්ක සෙල්ලම් කලා..ටිකකින් ඔම්මා ආවා.. දෙන්නත් එක්කම හිරූට ස්තූති කලා..

"සරන්හේ ඔන්නි"චූටි බබා කිව්වේ හිරුගේ කම්මුලට පුන්චි හාදුවක් දෙන ගමන්..මේක නිසා හිරූගේ හිත ආයෙත් පිරිසිදු වුණා..එයා ලොකු හුස්මක් අරන් phone එක අතට ගත්තේ off කරන්න හිතාගෙන..ඒත් එතකොටම එයාට call එකක් ආවා.. ඒ එයාගේ ලංකාවේ හොදම යාලුවා අක්ෂරා....එයා මේ වෙද්දී හිරූ ට calls 100ට වඩා අරන් තිබ්බා..හිරූට යාලුවා ගැන දුක හිතුණා..ඕනි දෙයක් වෙන්න කියලා එයා call එක answer කලා..

"යොබුසෙයෝ"

"යොබුසෙයෝ?රෙද්ද තමා..කොහෙද මී හරකියේ තෝ ඉන්නේ?දන්නවද කීයේ ඉදන් ද මං මේ ගන්නේ කියලා..යකෝ තෝ කොහෙද මකබෑවුණේ කියපිය.. කොරියාවට ගිය එකී කෝ කියලා කොරියාවේ ඩයල් කෝල් කරලා ලංකාවේ ඉන්න මගෙන් අහනවා..යකු දියන් සවලක් මට වලක් හාරගෙන සමාදානයේ සැතපෙන්න..යකෝ තෝ කොහෙද ඉන්නෙ..අන්න bighit එකෙන් තෝව හොයනවා ...මොකද වුණේ..phone එකත් off කරන්..යකු මගේ පපුව තාම ගැහෙනවා ඊයෙ ඉදලා.."

♡ My Hat Man  - Back To Blue Side ♡Tempat cerita menjadi hidup. Temukan sekarang