Part 3

46 6 12
                                    

අද තමයි දවස.....

අපේ singing audition එක අද...

කොච්චර චන්ඩියා වගේ හිටියත් අද නම් මට පොඩි බයකුත් තියෙනවා select වෙන්නෙ නැති වෙයිද කියලා...ඒ උනත් මට තියෙන්නේ අන්තිමට නිසා මං වැඩිය ගනන් ගන්නැතිව හිටියා.. අනිත් අය නං ලෑස්ති වෙලා.. ඊයේ ආපු ඔන්නි ඇවිල්ලා පස් දෙනා ගානේ රූම් එක ගාවට එක්කන් ගියා... පස් දෙනා ගානේ රූම් එක ලඟට යන්න ඕනේ... හැබැයි room එක ඇතුලට ගන්නේ එක එක්කෙනා ගාණේ තනි තනියම..එක්කෙනෙක් එළියට ආවම එක්කෙනෙක් යන්න ඕනේ.. එක පස්දෙනෙක්ගේ team එකක් ඉවර උනාට පස්සේ අනිත් පස්දෙනා යනවා.. ඒ විදිහටයි වෙන්නේ...

මමනේ අන්තිම යන්නෙ... ඉතින් මට කලින් කාමරෙන් audition එකට face කරන්න එළියට යන හැමෝටම මම ආදරෙන් wish කරා pass වෙන්න පුළුවන් වෙන්න කියලා ...ඇත්තටම මට ඒ ගොල්ලෝ ගැන තියෙන හරිම ආදරණීය හැඟීමක්...විශේෂයෙන් ලියා..යන්න කලින් මාව හග් කරපු එයා

"ඔන්න මම තමා ගෘප් එකේ leader.. ඔයා එන්න ඕන මගේ main dancer විදිහට හරිද?"

"හොඳමයි කුමරිය"මම කිව්වේ හිනාවෙවී..

පැය ගානක් ගෙවිලා ගිහින් අන්තිම පස්දෙනාගේ වෙලාවත් ආවා...face කරපු අය හිටියේ වෙනම room එකක කියලා ඔන්නි කිව්වා.. අපි පස්දෙනා එකට හග් කරගෙන කාමරෙන් එලියට ගියා.. දැන් නම් මගේ හාට් බීට් එක හොඳටම වැඩියි ...මෙතනම පපුව පැලිලා මැරෙයි ද දන්නෙත් නෑ ඔප්පව දකින්නත් කලින්...

අපේ තුන්දෙනෙක් ඇතුලට ගිහින් face කරලා එළියට ආවා.. ඒ ගොල්ලෝ අපිට wish කරලා face කරපු අය ඉන්න කාමරේට ගියා ...මට ඉස්සරහ හිටපු නියා ඇතුලට ගියා..තනියම ඉන්න මට දැනුණේ කම්මැලිකමක්..හිත සැහැල්ලු කරගන්න හිතාගෙන මම wattpad එක on කරගෙන මම බාගෙට කියව කියව හිටිය jhopege fanfiction එක කියවන්න පටන් ගත්තා.. fiction එකේ හොදම හරිය එද්දි මගේ අවධානය බිදුනේ room එක ඇතුලෙන් ආපු කෑගහන සද්දයක් ඇහුන නිසා...ඇතුලේ ඉන්න කවුරුහරි පිරිමි කෙනෙක් තරහින් කෑගහනවා..

"තව ඉන්නේ එක්කෙනයි?එහෙම වෙන්නේ කොහොමද?එතකොට කෝ ඒ කෙල්ල?මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන්හරි"

අනේ මන්දා මට ඒ කටහඬ හොදට පුරුදුයි වගේ..මම කල්පනා කරකර ඉද්දි එකපාරටම room එකේ දොර ඇරගෙන එලියට ආව කෙනෙක්ගේ ඇගේ හැප්පිලා මාව පැත්තකට විසි වුණේ හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර..භූමි වන්දනා නොකර යන්තම් wall එක අල්ලගෙන ගොඩ ආපු මම කේන්තියෙන් හැරිලා බැලුවේ මාව පෙරලගෙන ගියා මදිවට මෙහෙම ජීවියෙක් එයාගේ ශරීරේ හැප්පිලා විසිවුණා නේද කියලා නිකම්වත් හැරිලා බලන්නේවත් නැතුව යන අස්සකුලප්පුකාරයා දිහා..මට එයාව පෙනුණේ පැත්තට..ඒ කෙනා කවුරු වුණත් පිරිමි කෙනෙක් කියලානම් sure..boy bucket hat එකකින් මූණ නහය ලගටම එනකම් cover කරගත්ත black colour baggy ඇදුමක් ඇදගෙන දිග කෝට් එකක් දාලා ඉන්න එයා අත්වල ඇගිලියි , නහය ලග ඉදන් බෙල්ල ලගට එනකම් ටිකයි ඇරෙන්න සම්පූර්ණ ඇගම cover කරගෙන හිටියේ..ඇත්තම කිව්වොත් නහය පෙනුනෙත් නෑ තොප්පිය නිසා..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now