Part 39

19 4 24
                                    

මාස 6 කට පසු.....

Hiru pov

ආදරේ ආදරේ ආදරේ...ඇත්තටම ලෝකෙ තියන ලස්සනම , පුදුමාකාරම දේ ආදරේ නේද....මැරුණු ජීවිතයකට පණ දෙන්න, කෙනෙක්ව ජීවත් කරවන්න,කදුලු මකලා හිනාව ගේන්න ආදරේට මේ වගේ බලයන් ගොඩක් තියනවා...අපි කාටහරි අවංකවම හදවතින්ම ආදරේ කරනවා නම් අපිට කවදාහරි ඒ ආදරේ ලැබෙනවා කියන එක ඇත්ත..ඒක මේ ආත්මෙ වෙන්නත් පුලුවන්..නැත්නම් ලබන ආත්මයක හරි අපිට ඒ ආදරේ ලැබෙනවාමයි...ඒක මම තදින්ම පිළිගන්න දෙයක්..මොකද...මට මගේ ආදරේ ලැබුණා....කවදාවත් අයිති කරගන්න බැරි වුණාත් කමක් නෑ කියලා මම මගේ හෝසොකීට ආදරේ කලේ ඒකපාර්ශ්විකව...අන්තිමට මට මගේ හෝසොකීගේ ආදරේ ලැබුණා...දන්නවද..ආදරේ කියන්නේ විශ්වීය හැගීමක්...ඒක විශ්වයේ සැරිසරනවා...අපේ ආදර හැගීම් විශ්වය දන්නවා..අපි අපේ ආදරේ ගැන posivite විදියට හිතනවා නම් , අපේ ආදරේ අවංක නම් අපිට ඒ ආදරේ ලබාදෙන්න විශ්වය උත්සහ කරනවා...ඒකයි ආදරේ හරි පුදුමාකාර දෙයක් කියන්නේ...

හෝසොකී මට ආදරෙයි කියලා දැනට මාස 6ක්..ඒත් තාමත් මට හීනයක් වගේ...ඉස්සර හෝසොකීගේ photo එකක් බදාගෙන අඩ අඩ මට ඔයාව ඕනි කියපු මම දැන් හෝසොකීගේ තුරුලේ උණුහුම මැද ජීවත් වෙනවා...ඉස්සර හීනෙන් හෝසොකී එක්ක කියවපු මම දැන් ඇත්තටම එයා එක්ක කියවනවා...හෑමදේම හීනයක් වගේ...ඒත් ඒ හැමදේම ඇත්තටම සිද්ධ වුණා...

Like a dream
Like a dream
It really happened
We met together
At the beautiful station of the destiny...

හෝසොකීගේ ආදරේ ඇත්තටම මහ මෙරක් වගේ...එයාගේ ආදරේ මම හිතන් හිටියටත් වඩා ආදරණීයයි...මට ඒක විස්තර කරන්න වචන නෑ ඇත්තටම....දැන් මාව ජීවත් කරවන හුස්ම ඒ ආදරේ...

අපි දෙන්නාට ගොඩක් meet වෙන්න නම් බෑ...මොකද ඒක ලොකු ප්‍රශ්නයක්...idolsලා දෙන්නෙක් විදියට ආදරේදී අපි දෙන්නට විදින්න වෙන බාධා මොනාද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...අපිට ආදරේ කරන්න වෙලා තියෙන්නේ හැන්ගිලා...entertainment එකට අහුවෙයිද fansලට අහුවෙයිද කියන බයෙන් තමා අපිට ඉන්න වෙලා තියෙන්නේ....අපේ සම්බන්ධෙ දැනගෙන හිටියේ අපි දෙන්නගේ group membersලයි..මගේ ලගම bodyguardsලා දෙන්නයි..හෝසොකීගේ ලගම bodyguards ලා දෙන්නයි..jun ඔප්පයි...යූමීයි..අක්ෂරායි විතරයි...entertainment එකේ අය හිතන් ඉන්නේ අපි දෙන්නා තරහකාරයෝ කියලා...මොකද හෝසොකී මට අකමැති විදියටනේ හැසිරුණේ කලින්...ඉතින් ඒ රඟපෑම අපි දෙන්නට දිගටම continue කරන්න වුණා...මොනා කරන්නද ඉතින්..ආදරේට බාධා බෝමයි...ඉතින් අපි entertainment එකේදී..තව ඔය award show වලදී..පිට මිනිස්සු ඉන්න හැම තැනකදීම අදුරන්නේ නැති දෙන්නෙක් විදියට හැසිරුණා...ඒක ලොකු වේදනාවක්..ඒත් අපි දෙන්නට meet වෙන්න පුන්චිම වෙලාවක් හරි හම්බුණාම හෝසොකීගේ පපුවට තුරුලු වෙලා හිටියාම මට අර වේදනාව තවත් ඉවසන්න පුලුවන් කියන ශක්තිය එනවා ...අපි දෙන්නට meet වෙන්න අපේ group membersලා තමයි උදව් කරන්නේ...ඒත් ලොකු වෙලාවක් නෑ..වෙස් වලාගෙන කොහෙටහරි වෙලා එයා ලග ඉන්න හම්බවෙන ඒ පුන්චි තත්පරේටත් මම ගොඩක් ආදරේ කලා..සමහර වෙලාවට මේ රස්සාව දමලා ගහලා එයාගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න තිබ්බනම් කියලා මට හිතෙනවා..ඒත් එහෙම බෑනේ...කවදාහරි අපිට එකතු වෙන්න පුලුවන් ලස්සන දවසක් එයි..එතකම් මම බලන් ඉන්නවා...හැබැයි මේ මොකුත් මම හෝසොකීට කියන්නේ නෑ..මට ඕනි නෑ එයාගේ ඔලුවට මේවා දාලා එයාට වද දෙන්න...ඒ නිසා ඉතින් මම මේවා තනියම හිතේ තියන් ඉන්නවා...හැබැයි එයාටත් මේවා හිතෙනවා ඇති..එයා මට කියන්නේත් නෑ..අපි දෙන්නා හම්බුණා ම ඉතින් කරන්නේ ලෝකෙ තියන පිස්සුම වැඩ..එක්කෝ මම train එක වගේ කියවනවා එයා අහන් ඉන්නවා.. නැත්නම් දෙන්නම පොඩි බබාලා කරන සෙල්ලම් කරනවා.. අනේ අනේ ඇත්තට..😁

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now