Part 21

17 4 2
                                    

පසුගිය කොටසින්...

"ඒ කියන්නේ...ඔයාට මතක නැද්ද ඔයාට මොකක්ද වුණේ කියලා?"

හිරූ ටික වෙලාවක් කට්ටිය දිහා බලන් හිටියා....

.
.
.
.

"ම්ම්ම්....මට මතකයි මම dancing room එකේ practice කරකර ඉන්නවා....ඒත් .....ඒත්...එතනින් පස්සේ මට මොකුත් මතක නෑ....." හිරූ එහෙම කිව්වාම ටික වෙලාවක් කෙල්ලෝ ටික නිශ්ශබ්දව බලන් හිටියා...ටිකකින් කතාව පටන් ගත්තේ ලියා...

"අහන්න හිරූ...මම ඇත්තම කියන්නම්...ඇත්තටම අපි දන්නෙත් නෑ එදා ඔයාට මොකද වුණේ කියලා...එදා ඔයා රෑට කන්නෙත් නැතුව අපි එපා කියද්දී dancing room එකට ගියා practise කරන්න...ඔයා වෙනදත් එහෙම යන නිසා අපි ආයෙ අමුතුවෙන් බලන්න ආවෙ නෑ...අනික ඔයා කැමති නෑනේ අපි එහෙම එනවට...ඒ නිසා අපි වෙනදා වගේම කාලා නිදාගත්තා...ඔයා hospital admite කරලා කියලා අපි දැනගත්තේ පහුවදා යූමි call කරලා කියද්දී...එයා කියනකන් අපිවත් entertainment එකේ අයවත් ඒක දැනගෙන හිටියේ නෑ...අපි ඔයාව බලන්න එද්දී ඔයාට සිහිය තිබ්බේ නෑ ...ඔයාගේ ඔලුවෙන් ලේ ගිහින් තිබ්බා අර dancing room එකේ තියන මැෂින් එකේ වැදිලා ...ඉතින් අද තමා ඔයාට සිහිය ආවේ දවස් ගානකට පස්සේ..."

"එතකොට ..මාව hospital admit කලේ කවුද..."හිරූ ඇහුවාම ලියා අනිත් අයගේ මූණු දිහා බැලුවා...ඊලගට කතා කලේ රෙජී...

"ඇත්තටම ඒක අපි හැමෝටම තියන ප්‍රශ්නයක්....කිසිම කෙනෙක් දන්නේ නෑ ඔයාව admit කලේ කවුද කියලා....අපි හිතන් හිටියේ ඔයා දන්නවා ඇති;සිහිය ආවාම ඔයාගෙන් අහමු කියලා...ඒත් බලන් ගියාම...."

"ඉතින් hospital එකේ reception එකේ ඇතිනේ මාව admit කරපු කෙනාගේ details. ?" සකුරා ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා...

"අපි හෙව්වා හිරූ...ඒ කෙනා එතනට දීලා තියෙන්නේ බොරු නමක්...එහෙම නමක් තියෙන කෙනෙක් ගැන කවුරුත් දන්නෑ...hospital CCTV check කලා යූමියි ජිමින් ඔප්පයි....එයාලා කියනවා එයා face cover කරන් හිටිය නිසා අදුරන්න බෑ කියලා..."

"ඒ මොනවා වුණත්...එදා ඒ කෙනා ඔයාව ඒ වෙලේම hospital   admit කලේ නැත්නම් ඔයා අද ජීවතුන් අතර නෑ...."හිරූ තද කරලා ලියා ගේ අත අල්ලගත්තා...

.........

"ඇත්තටම හිරූ ....ඔයාට පොඩ්ඩක්වත් මතක නැද්ද එදා වෙච්ච දේවල්....නිකමටවත් ඒ කෙනා ගැන පුන්චි මතකයක්වත් නැද්ද....?"

හිරූ කල්පනාවට වැටුණා...

"ඇත්තටම එදා මොකද වුණේ....ම්ම්....හරි හරි...ඉස්සෙල්ලා කලබල නොවී ඉන්න myself.... හිමින් මතක් කරන්න....මම dance step එකක් හද හද හිටියේ....ම්ම්ම්ම්...ඊට පස්සේ....ඊට පස්සේ.....යා....මතක් වෙන්නේ නෑනි අනේ...."

ඔහොම කල්පනා කර කර ඉද්දීම හිරූට නින්ද ගියා...කෙල්ලෝ ටිකත් හිරූට කරදර නොකර නිදහසේ නිදාගන්න දීලා එතනින් ඈත් වුණේ rest  එක කියන්නේ හිරූට ඕනිම දේ නිසා...

නින්ද ගියාම යටි හිතේ තියන දේවල් මතුවෙනවලුනේ...හිරූටත් ඒක වුණා...එයා හීනෙන් දැක්කේ එදා වෙච්ච දේවල්....ඒත් ...කොච්චර උත්සහ කලත් හිරූට ඒ කෙනාව හරියටම මතක නෑ...ඒත් ...ඒ කෙනාගේ  දල රූපයක් හිරූගේ මනසේ ඇදිලා තිබ්බා...හිරූට ටික ටික මතක් වුණා...එයාට කැරකිල්ලක් ආව හැටි....කවුරු හරි එයා ලගට ආවා...ඒ උණුහුම හිරූට මතක් වෙන්න ගත්තා...ඒ කෙනා Sakya කියලා කතා කරනවා හිරූට ඇහෙන්න ගත්තා.....ඒත්...ඒත්...ඒ කෙනා කවුද....

...............

  කවුත ලමයි????





♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now