Part 25

18 3 1
                                    

The next day.....💜

BTS apartment එක තුළ....

Apartment එකේ  sports room එක ඇතුලේ අපේ  ජූනි ඔප්පයි ජීනු ඔප්පයි ඇරෙන්න ඉතිරි ඔක්කොමලා හිටියා..Jk,Jimin,V පොඩි තුන් කට්ටුව table tenis ගහනවා...suga පැත්තකට වෙලා කට්ටියගේ සෙල්ලම බලන් ඉන්නවා...ඒ අතරේ jhope , window එක ලග වාඩි වෙලා ඈත බලාගෙන කල්පනා කරනවා...එයාගේ මේ වෙලාවේ මානසික මට්ටම දන්න නිසාම අනිත් කට්ටිය එයාට disturbe කරන්න ගියේ නෑ...කට්ටිය වැඩි සද්ද බද්ද නැතුව තමා සෙල්ලම් කලේ...ඒත් එකපාරටම දොර දඩස් ගාලා ඇරගෙන ආව ජීනූයි ජූනියි නිසා කට්ටියගේ අවධානය බිදුණා...හැමෝම දොර පැත්ත බැලුවත් jhope නම් බැලුවේ නෑ...එයා තාමත් අර ඉරියව්වෙන්ම ඈත බලාගෙන කල්පනා කරනවා..room එකට කඩාගෙන බිඳගෙන ආව ජීනූයි ජූනියි දෙන්නත් කෙලින්ම බලාගෙන හිටියේ jhope දිහා..ඒ දෙන්නාගේ මූණුවල කේන්තිය පුදුමය දෙකම තියනවා කියලා බලපු ගමන් අනික් කට්ටියට තේරුණා...

"හොබී...."ටිකක් සැර කටහඬකින් මුලින්ම කතා කලේ ජීනු...jhope ඔලුව හරවලා ජීනු දිහා බැලුවා...jhopeගේ ඇස්වල තිබ්බ බැල්ම දැක්කාම ජීනුගේ සැර ටිකක් බාල වුණා...

"හොබී....ඔයා....."ටික වෙලාවක් ජීනු දිහා බලන් හිටපු jhope ආයෙත් අනිත් පැත්ත හැරුණේ ජීනු කියන දේ අහන්න  කිසිම උවමනාවක් නැති ගානට...

"ආ..ආ...දැන් හොබියා මේ ලොකු අයියව ගණන් ගන්නේ නෑ නේ...ආ කමක් නෑ..."ජීනු කීවේ මූණ නරක් කරගෙන...

"කෝ..hyung ඔයා අයින් වෙන්න ....ඕක මං අහන්නම්..."කියන ජූනි පුටුවකුත් අරගෙන ගිහින් jhope ලගින් වාඩි වෙලා සැර බාල කරලා කතා කලා..

"හොබී...මට ඇත්ත කියන්න..."

Jhope සද්ද නෑ...

"මොකක් ගැනද hyung ඔයාලා මේ අහන්නේ?මට නම් මොකුත් තේරෙන්නේ නෑ..." V ඇහුවේ ඔලුව කහකහ...එතකොට jimin හිමීට Vට වැලමිටෙන් තට්ටුවක් දැම්මා..

"කෑගහන්න එපා පිටසක්වලයෝ...මට පේන්නේ අපේ mission
එක hyungලා දෙන්නාට අතේ මාට්ටු වෙලා වගේ..."Jimin කිව්වේ Vට විතරක් ඇහෙන්න රහසින්...වැඩේ බරපතලකම තේරුණ V කටවහගත්තා.

"මොනාද ඒ පාර උබලා දෙන්නා කුටු කුටු ගාන්නේ?" ජීනු ඇහුවේ jiminටයි Vටයි රවලා.. 

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now