Part 2

36 5 6
                                    

"අම්නේ මේකෙ උස..."

මගේ ඉස්සරහ සද්දන්ත ඇතෙක් වගේ ලොකුවට ලස්සනට ආඩම්බරකමට දිලිසි දිලිසි තියෙන Bighit Entertainment එක දිහා මම බැලුවේ බෙල්ලේ පොටවල් ඔක්කොම වැය කරලයි..

Flashback
අම්මාගේ බැනුම් තහනම් කියන ලොකු කුණාටුව මැදින් ශක්‍ර දෙවියෝ වගේ ඇවිත් තාත්තා මාව බේරගත්තේ "ළමයට ළමයා කැමති දෙයක් කරන්න දෙන්න.ලොකු දුව වගේ නෙවෙයි හිරූ දුව..මෙයාට තියෙන්නෙ ජීවිතේ දිනන අරමුණ..මේක දුවගේ ජීවිතේ මිසක් ඔයාගේ ජීවිතේ නෙවෙයි.දුව දැන් ලොකුයි.අක්කා කරපු දේම කරලා එයා අපෙ හිත කඩන්න තරම් නපුරු නෑ..එයා දන්නවා ජීවිතේ දිනන්න.අනික මේවගේ දේකින් දිනන්න ලැබෙන්නේ ලෝකෙ කීයෙන් කී දෙනාටද..මමත් businessවලට එහෙ යැවෙයි..අනික මගේ යාලුවෝ ඉන්නවා එහෙ හිරූ ගැන බලන්න.."වගේ ලොකු දේශනාවක් අම්මාට දීලයි..පස්සේ තාත්තයි දුවයි ඕන දෙයක් කරගන්න කියලා මට කොරියාවට එන්න අම්මා අවසර දුන්නා.. හැබැයි නීති මාලාවක්ම දාල තමයි අම්මා මාව මෙහාට එව්වෙ ..තාත්තත් එහෙමම තමයි.. දෙන්නගේ නීති මාලාව අධ්‍යනයටම මට දවසක් ගියා.. 🤧😂කොහොම උනත් අන්තිමට හැමෝගෙම ආශීර්වාදය මැද්දෙ මගේ හීනෙට පාර කපා ගන්න මට පුළුවන් වුණා... විශේෂ තාත්තට පින්සිද්ද වෙන්න මං අද මේ විදියට Bighit එක ඉස්සරහ...

Flashback end

"මේක ජිරාෆ්ටත් වැඩිය උසයිනේ..අනේ ලස්සනයි..."

"සියලු සර්වාභරණයෙන් විභූශිත ඇතෙක් වැන්න."ඒ අස්සේ සිංහල දෙබසුත් මතක් වෙනවා..😂

"මගේ ඔප්පලා 7දෙනා නිසා තමා ඉතින් මේවා මේම තියෙන්නේ"

ආපු ගැම්මට අර dramaවල වගේ කොලර් එක උස්සන්න ඕනි කියලා හිතලා මම අත උරහිස පැත්තට යැව්වා ..

"හෑඈඈඈඈ මොකද මේ කොලර් එක අහුවෙන්නේ නැත්තේ?"

"ආහ්.මේ ගවුමේ කොලර් එකක් නෑනේ...අනේ මන්දා කොරියාවට පය තිබ්බත් හරි මගේ සතිමත් බව left වෙලා.."

තනියම හිනාවෙන ගමන් මම ආපහු bighit එක දිහා බැලුව හරිම ආසාවෙන්.. මගේ හීන රාජධානිය...

" හප්පේ ..මේකට එන්න මම මොන තරම් යුද්ධයක් කරා ද? හරි නම් මේකේ ඉන්න අය අපිව මල් තියලා පිළිගන්න ඕනේ"

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now