Part 59

18 4 4
                                    

ජිමින් ඔප්පව ටේ ඔප්පාට බාර දීලා මම එලියට ආවා...මම හිතාගත්තා කෝම හරි ජිමින් ඔප්පට ඒ ලස්සන හිතේ අයිතිකාරිව හොයලා දෙනවා කියලා...මම ජිමින් ඔප්පගෙන් ඒ ගෑනු ලමයා එවපු තව ලියුම් කීපයක් ඉල්ලගත්තා...මම හිතන්නේ මේ ලියුම් තමා එයාව හොයා ගන්න පොඩි හරි හෝඩුවාවක් ගන්න පුලුවන් එකම දේ...මට මගේ හෝසොකී ලැබෙන්න ජිමින් ඔප්පා ගොඩක් උදව් කලා...දැන් මගේ වෙලාව එයාට උදව් කරන්න...මම ඒක කරනවාමයි...

මම ආවෙ මගේ ප්‍රශ්නෙ ජිමිනාට කියන්න තමා..ඒත් මම ඒක කීවෙ නෑ..එයා ඉන්නේ මට වඩා ප්‍රශ්නෙක...ඉතින් එයාට තවත් ප්‍රශ්න ඕනි නෑ..මේ ප්‍රශ්නෙ මමම තනියම විසදගන්නවා...මට gonho සතියක් දුන්නනේ...බලමුකෝ මොකද වෙන්නේ කියලා...කාටවත් කරදර නොකර හොද විදියට මේක විසදගන්නවා මමම...දැන්...මම යන්න ඕනි මගේ හෝසොකී බලන්න...එයා දුකින් ඇත්තේ...phone එකත් off කරගෙන....

මම ජූනි ඔප්පට කෝල් කලාම එයා කීවා හෝසොකී කොහෙද ගියා කියලා...යන තැනක් කිව්වේ නෑ කියලා...අවුලෙන් හිටියෙ කියලා...පව් එයා...මම නිසයි මේ සේරම...අනේ මට සමාවෙන්න මගේ මැණික....ම්ම්ම්...එයා කොහෙ යන්න ඇත්ද.....හරි...මම දන්නවා...එයා දුක හිතුනම යන්නේ එයාගේ secret apartment එකටනේ.....එතනට තමා අදත් යන්න ඇත්තේ....

(Secret apartment එක කියන්නේ හොබී ඔප්පා තමා තොප්පි භූතයා කියලා ඔප්පු වුන දවසේ හිරූ ගිය apartment එක...කට්ටියට මතක ඇතිනේ...ඒක jhopeගේ තනි apartment එකක්...ඒක ගැන දන්නේ entertainment එකයි group membersලයි හිරූයි අකූයි යූමීයි විතරයි)

මම වෙස් වලාගෙන එතනට ගියා..කොහොමත් මම tomboy  style අදින නිසා තොප්පියක් දාලා කොණ්ඩෙ හදාගත්තාම කාටවත් අදුර ගන්න බෑ...දැන් gonho අපි ගැන දන්න නිසා වෙනදට වඩා පරිසම් වෙන්න ඕනි...මම apartment එකට ගියාම එතන හෝසොකීගේ  ලගම bodyguards ලා තුන්දෙනා හිටියා...ඔයාලට මතක ඇතිනේ ඉස්සර මාව හොයපු bodyguards ලා තුන්දෙනා...එයාලා අපි දෙන්නා ගැන දන්නවා...එයාලා අපිට ආදරෙයි..විශ්වාසයි....මම එයාලා ලගට ගියා...තුන්දෙනා එක්ක මූණවල් එල්ලගෙන කතාවක්...මාව දැක්කාම ඔන්න මූණු ටිකට හිනාවක් ආවා...

💂‍♂️මිස්....අනේ මිස් ආව එක ලොකු දෙයක්......

💜ඇයි ඒ?හෝසොකී ඉන්නවද....

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now