Part 17

19 4 4
                                    

මම Parts 2 යි අද දෙන්න හිටියේ...ඒත් අපේ කොටි කෙල්ල MethminiEdirisingheමාව කන්න හදන නිසා තව දෙන්න වෙනවා...මට මැරුම් කන්න බෑ 🐯😂💛
අනේ ඉතින් ආදරෙයි කොටි කෙල්ලට..🐯❤
(Readersලව අවුස්සන එක තරම් කුරිරු සතුටක් තවත් නෑ අනේ.. 😁)

ඕතරී වන මාගේ pov ඉවරයි කියලා හිතුවට ඉවර නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕතරී වන මාගේ pov ඉවරයි කියලා හිතුවට ඉවර නෑ....මගෙ pov එකෙන් ලියන්න ගියාම කතාවේ characterසුත් සිහි නැති වෙනවා අප්පා...මාර ලක් එක...😂හිරූට සිහිය එනකම් මං කියන්නම් ඈ....😚

🦋🦋සතියකට පසු 🦋🦋

දැනට හිරූට සිහිය නැති වෙලා සතියක්...ඔලුවට වැදිච්ච තද පාරත් කම්පනයත් නිසා තමා එහෙම වෙලා තියෙන්නේ...මෙච්චර දවස් හිරූ ලග group membersලා වගේම යූමිත් නතර වෙලා හිටියා...සතියක් ගිහිල්ලත් හිරූට සිහිය ආවෙ නැති එක ගැන එයාලා හිටියේ ගොඩක් බයෙන්..

ඒත් එක දවසක්....

"මං වගේ කෙනෙක්ට ලං වෙන්නවත් තමුන්ට සුදුසුකමක් නෑ..."

"මේක තමා මම ජීවිතේට දැකපු කැතම dance එක..."

එකම කටහඩකින් මේ වගේ දෙබස් ගොඩක් හිරූගේ ඔලුවේ දෝන්කාර දෙන්න ගත්තා...

"ඔප්පා ...ඔප්පා...ඔප්පා..."
හිරූ මුමුණන්න ගත්තේ ඔලුව දෙපැත්තට වනන ගමන්...ඒ වෙලාවේ හිරූ ලග හිටියේ ලියා...හිරූගේ අනිත් membersලා හිටියේ ඒ hospital room එකේම sofa එකක නිදාගෙන...නිදිමර මර හිරූ ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව දවස් ගානක් හිටපු නිසාද කොහෙද හිරූගේ bed එක ලග පුටුවක් තියන් හිටිය ලියාටත් නින්දයාගෙන එමිනුයි තිබ්බේ...ඒත් ලියා ගැස්සිලා ඇහැරුනේ හිරූ "ඔප්පා ..."කියලා මුමුණන සද්දේ ඇහිලා...එයා ඉක්මනට නැගිටලා බැලුවා...හිරූ ඔලුව දෙපැත්තට හරව හරව ඇස් තද කරලා පියාගෙන මුමුණනවා...ඒ නින්දෙන්ද කියලා ලියාට හිතාගන්න බෑ...හැබැයි මෙච්චර දවස් කිසිම හැල හොල්මනක් නැතුව හිටිය හිරූ දැන් මෙහෙම හැසිරෙනවා කියන්නේ......කෙල්ල ඉක්මනට දුවලා ගියේ අනිත් membersලා ලගට..

"රෙජී...සකුරා....නැගිටින්න...හිරූ කතා කරනවා..අනේ එන්නකෝ..."ලියාගේ කෑගැහිල්ලට කට්ටිය ගැස්සිලා ඇහැරුනා...

"එයාට සිහිය ආවද..."සකුරා sofa එකෙන් නැගිට්ටේ කලබලෙන්...

"නෑ...ඒත් එයා මොනවද කියවනවා.."
කට්ටියම හිරූ ලගට ගියා...

"ඔප්පා...මාව ඈත් කරන්න එපා ඔප්පා....මට ..මට..මට ඔයා නැතුව ඉන්න බෑ..."කෙල්ල තාමත් කියවනවා ..

"ඔයාලා ඔහොම ඉන්න ...මම ...මම..ඉක්මනට doctorව එක්කන් එන්නම්..."රෙජී room එකෙන් එලියට දිව්වා...

එන්න එන්නම හිරූගේ කෑගැහිල්ල වැඩිවෙනවා...ඒත් එයා ඇස් අරින්නේ නෑ...පිස්සු හැදිලා වගේ කෑගහනවා...
හිරූගේ මනස පුරාම දෝන්කාර දුන්න කටහඩ නවතින පාටක් තිබුණේ නෑ..

"මට සිද්ධ වෙනවා දුර්වල dancing leader කෙනෙක් කියලා හිතන් ඔයාලගේ dancing leader ගැන තීරණයක් ගන්න..."

"හිතුවද මෙහෙම ඇවිත් මාව හග් කලාම මම තමුන්ව මගේ girl friend කරගයි කියලා?

ඒ හඬේ රලු බව තව තවත් හිරූට දරාගෙන ඉන්න පුලුවන් වුනේ නෑ...

තත්පර දෙක තුනක් යද්දී කෙල්ලගේ හැසිරීම සම්පූර්ණ දරුණු වුණා...අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්ත හිරූ තවත් හයියෙන් කෑගැහුවේ room එකේ හිටපු කෙල්ලෝ ටික බයෙන් ගල් වෙද්දී..

"අනේ මාව ඈත් කරන්න එපා ඔප්පා...මට යන්න බෑ...මට බනින්න එපා...ඔප්පා...." කෙල්ල හයියෙන් කෑගහනවා.. ඒ මදිවට කෙල්ලව හොදටම ගැහෙනවා...

"අනේ රෙජී ඉක්මනට dr එක්ක එන්න..."ලියා තොල හපාගෙන හිතුවේ බයෙන් ගැහි ගැහි..එතකොටම door එක open කරගෙන room එකට කඩාගෙන බිඳගෙන ආවේ doctorයි රෙජීයි විතරක් නෙවෙයි..ජිමින් ඔප්පයි යූමීයිත් එතනට දුවගෙන ආවා ...ඒ දෙන්නා හිටියේ doctor එක්ක හිරූගේ තත්වෙ ගැන කතා කරකර..ඒ ඉද්දි තමා රෙජී ආවේ..room එකට එනකොට එයාලාට දකින්න ලැබුණේ අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන දගල දගල කෑගහන හිරූව...

"ඔයාට බෑ...ඔයාට බෑ මාව ඈත් කරන්න ඔප්පා...මම ඔයාට ආදරෙයි...අනේ...ඔප්පා ...මට බනින්න එපා....මාව මෙහෙන් යවන්න එපා..අනේ Jhope oppa....."කෙල්ලගේ කෑගැහිල්ලට යූහිගෙයි ලියා ඇතුලු membersලගෙයි විතරක් නෙවෙයි ජිමින්ගේ ඇස්වලටත් කදුලු පිරුණා..doctor හිරූව check කරන්න හැදුවත් ඒක කරන්නවත් හිරූව එක ඉරියව්වකින් තියාගන්න බෑ.. එයාව control කරන්න බැරිම තැන doctor nurse කෙනෙක්ට කතා කලා...

"මෙයාව control කරන්න බෑ...nurse..අර ඉන්ජෙක්ෂන් එක ගන්න.."

ඉන්ජෙක්ෂන් එක ගහලා ටික වෙලාවකින් හිරූ කෙදිරි ගගා ඉදලා calm down වුණේ තද නින්දකට වැටෙමින්...ඒක එතන හිටපු කාගෙත් හිත්වලට පොඩි සහනයක් වුණා....

******************
මට choclate එකක් ඕනි මේම update දෙනවට..දැන් වෙලාව පාන්දර 1.53 යි හුම්ම්🤐🤓

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now