කතාවක් අහලා ඇතිනේ යාලුවෝ එක්ක එකට එකතු වෙලා බලන හොල්මං ෆිල්ම් එක කොමඩි ෂෝ එකක් වෙලා අම්මලා තාත්තලා එක්ක බලන සාමාන්‍ය ටෙලි නාට්ටි එහෙම හොල්මං ජවනිකා බවට පරිවර්තනය වෙන සංසිද්ධිය.... දැන් මෙතන වෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්ම තමයි..... බය වෙලා කෑ ගහන්න වටින ෆිල්ම් එකක් ටීවී ස්ක්‍රීන් එකේ ප්ලේ වෙනකොට අපි කට්ටියම කරේ අමු සත්තු ටිකක් වගේ ෆිල්ම් එකේ හිටපු හොල්මන් අක්කගෙ ඇද කුද ටික හොය හොය මෙතන කැකිරි පලපු එක....
" අඩෝ අඩෝ අර බලපං බං..මේ අක්කා යටට මුකුත් ඇදලා නෑ ඕයී...."
" හරි බං ඒ අක්කා මැරෙන්න ඇත්තේ රෑ නිදාගෙන ඉන්නකොට වෙන්නැති...දැන් තෝ රෑට නිදාගන්නකොට යටට ජොකා අදිනවද අහ්... නෑනේ.........."
" ඒ අර බලපං දෝණියෝ... හයියෝ නාගසලං වගේ බං..."
" අනේ පින් සිද්ද වෙයි අයියේ.... මගේ හක්ක නිකං දැන් නෑ වගේ ඕයී.... ඔහොම හිනා ගස්සන්න එපා බං...."
" ඉතිං බං නාගසලං වගේ අර දෙක පැද්දෙනකොට නොබලා ඉන්නෙ කොහොමද කියපංකො මල්ලේ........"
අපි කට්ටියම හිටියේ කාමරේ ඇඳ ගාවින් බිම වාඩි වෙලා... හතර වටෙන් එලිය වැටෙන්න හදලා තිබුණු ජනෙල් ටික වහලා දාලා කර්ටන්ස් වලින් කවර් කරාට පස්සේ මේකත් ඉතිං ආයේ මිනි ෆිල්ම් හෝල් එකක් වගේ තමයි.....
" ඒ ඔය මයියොක්කා පිගාන මෙහාට දීපං මයෙ අම්මා..."
" එහෙනම් මට ඔය පොරි පැකට් එක දීපං...."
" අනේ මන්දා මුන්ට පගාව දෙන්නැතුව දැන් කිසිම වැඩක් කරගන්න බෑනේ දෝණියේ......"
" එහෙම තමයි දැන් වාසියක් නැතුව මුකුත් කරන්න බෑ....."
" ඉදා බොගේ කෝන් එක....මේ ඒක නෙවෙයි මහිමයා...."
" ම්ම්......"
" අපි ට්‍රිප් එකක් යමුද බං ......"
"යං......"
" කවද්ද....."
ලක්ෂාන් අයියා ට්‍රිප් එකක් යමුද කියලා මහිම අයියගෙන් ඇහුවම එයා දීපු උත්තරේ හින්දා මමයි නවෝදුයි එකම වතාවෙදි ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි... ඒ ට්‍රිප් එක යන්නෙ කවදද කියන එක.......
" අහ් හා... බලපංකො මුං දෙන්නට තියෙන ආතල් එක....."
"ඒ ඇත්තටම අපි ට්‍රිප් එකක් යනවද ඒයි......"
මං එහෙම ඇහුවෙ සද්ද නැතුව මගේ පෙප්සි වීදුරුවටත් වැඩේ දෙන අපේ සහස් අයියා දිහා බලාගෙන.....
" එක්සැම් එක ඉවර වෙලා යමු හොඳද......"
යෝජනාව වැඩි ඡන්ද ගානකින් සම්මත වෙනකොට මං පැනපු ගමන්ම කරේ මගේ නවෝදයව බදා ගත්ත එක... මොකද ඉතිං මේ හිටපු පැය ගාන මෙච්චරටම ආතල් වුණා නම් ට්‍රිප් එකක් ගියාම ඒක කොහොමට තියෙයිද කියන එක ගැන මට හිතෙනකොටත් නිකං කිචි වගේ.........
" එහෙනම් යමු හොඳද...."
" හරි බං යමු...."
" ආදරෙයි ඕයී....."
නවෝද් කැත නැතුවම උගෙ මිනිහා ඉස්සරහපිට ලක්ෂාන් අයියට ආදරෙයි කියනකොට මං බලාගෙන මහිම ඌ බිබී හිටපු පෙප්සි වීදුරුව දඩාං ගාලා මේසෙ උඩට අතැරපු විදිය...
" ම්ම්...... Looks like someone got jelous......."
මටත් ඉතිං නිකං ඉන්න බැරි කමටම කේන්ති ගිහින් හිටපු මහිම අයියව තව පොඩ්ඩක් අවුස්සනවා කියලා හිතා ගත්තා ... එව්... මේකා රවනකොට අර ශිවන්ගි අක්කා පරාදයිනේ සාන්ත....
" ඒ බං මේ කොහේහරි BBQ දානවද අයියේ....."
" නෑ.... මං දැනුවත්ව නම් ඒ වගේ දෙයක් අද මේ වැයික්කිය ඇතුලේ සිද්ද වෙන්නේ නෑ මල්ලේ....."
" එහෙනම් මේ මස් පුච්චන සුවදක් එන්නේ...."
" කෝ... නෑනේ බං...."
"ඒ... මූ වගේ රට හරකෙක්......"
විහිලු තේරෙන්නැති උන් එක්ක විහිලු කරන්න ගියාම අන්තිමට නවතින්න වෙන්නේ ඉහටත් උඩින් මල පන්නගෙන තමයි...කොහෙද ඉතිං මුන්ගේ ඇගවල් නං නිකං දස මහ යෝධයොන්ගෙ වගේ තිබ්බට මොකද තක්කාලි ඇටයක් තරම්වත් මොළයක් පිහිටලා නෑනේ......
" හරි හරි.... මේ අක්කගෙ නාගසලං ටික බලලා අපි කලපුව පැත්තට ගිහින් එමුද අහ්......"
"අඩේ මරු අයිඩියා එක අයියේ....."
" හරි එහෙනම් පහ හය වගේ වෙනකොට යං හොදේ...."
" යං......."
ලුනාව කලපුව කියලා කියන්නේ ඇත්තටම හුගක් සැනසීමේ ඉන්න පුලුවන් වෙච්ච තැනක්...පහ හය වගේ වෙනකොට ඉර බැහැලා යනවත් එක්කම කලපුව අයිනේ වාඩි වෙලා ඒ විව් එක දිහා බලාගෙන ඉන්න එකම හිතට අරගෙන ආවේ ලොකු සැනසීමක්....
" බබා අපි දෙන්නා බැන්දට පස්සේ බබාලා කී දෙනෙක් හදනවද....."
" දැං උඹට කී දෙනෙක් ඕනෙද...."
" ම්ම්.... දෙන්නෙක් ඇති නේ... මුලින්ම කොල්ලෙක්.... ඊටපස්සේ කෙල්ලෙක්....හාද....අනේ හා කියනවකො දෝණියො..."
" හරි බං හරි... එව්වා ඉතිං ඒ කාලෙට බලමුකො....."
" අපේ පුංචි පවුල හරි ලස්සනට තියෙයි නේද....."
" හැපෝයී ඔව්...වෙන නැත්තං...."
" ඇයි ඇයි පොඩි පගයො දෙන්නා මොකද අහ්...."
" නෑ නෑ මුකුත් නෑ උඹලා ඕක කන්ටිනියු කරගෙන පලයං අයියේ.... මායි මූයි තව පොඩ්ඩක් වෙලා බලලා මේ වතුරට පයින්න කියලා හැදුවේ...."
" පැනහං ඉතිං මට පාන් ද.... මුන්ගේ තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.....එන්න බබා අපි ඉතුරු ටිකත් කන්ටිනියු කරගෙන යමු...."
මොනවහරි අරගෙන එන්නම් කියලා ගියපු අයියා මලෝ ඩබල දැන් පැය භාගයක් තිස්සේ ඉදන් මිසින් වෙලා ඉන්නකොට අහිංසක මටයි මගේ නැට්ටටයි සිද්ද වුනේ අරුං දෙන්නගේ පෙම් බස් වලට කන් දෙන්න.....එච්ව්.... නාකි උන් ලව් කරන්න ගියොත් ඔහොම්මමයි...මොකද උන් කියන කතා අහගෙන ඉන්නකොට මට නම් ලව් කරන එකත් අන්තිම බිංදුවට වෙනකම්ම එපා වෙලා යනවා.....
" ආ......ආව්...මොකද ඕයි ඔලුවට අයින්නෙ....."
" උඹේ සද්දේ වැඩී හරිද....."
" ඇයි ඇයි ඔයා මොකද අහ්.... දෙන්නෙ දත් ටික බඩට යන්න ......"
" අනේ නිකං පලයං පොඩි එකෝ යන්න.....පුහ් ගාලා පිම්බත් වැටෙන සයිස් එකට ඉන්න උඹද මගේ දත් ටික බඩට යවන්න හදන්නේ අහ්......"
" අනේ අයියේ බලනවකෝ හලෝ...."
පාඩුවේ පැත්තකට වෙලා හිටපු මගේ ඔලුවටත් ඇනගෙන තව සක්කිලි කතාවකුත් කියපු මහිමයා එක්ක මං ගේම ඉල්ලනකොට සහස් මගේ පැත්තට මොකක්ද මල්ලක් දික් කරලා මගේ එහා පැත්තෙන්ම ඇවිත් වාඩි වුනා........ ම්ම්.....මොනවද දන්නෑ ගෙනල්ලා තියෙන්නේ... පොඩි එකෙක්ගෙ අතට කඩචෝරු මල්ලක් දීලා අම්මා බලාගෙන ඉන්නවා වගේ මං අර බෑග් එක ඇද ඇද බලනකොට සහසුත් මං දිහා බලාගෙන හිටියේ හිනා වුනත් ඒක පේන නොපෙනෙන ගානට...
" අයියේ.......!! "
සහස් ඒ අතට දීපු බෑග් එකේ තිබුනේ වෙන මුකුත් නෙවෙයි.... මේ ලෝකේ මං ආසම කරන බීම ජාති වලින් එකක් ..........
"දෙයියනේ බබා ඔයා මට මේ තරම්ම ආදරෙයි ද අයියෝ... මට නම් දැන් නිකං ඇඬෙන්න වගේ....."
බෑග් එකත් අත් දෙකට ගුලි කරගන්න ගමන්ම මං සහස්‌ගෙ මූණ ඉබගෙන ඉබගෙන ගියා... ඉබලා විතරක් නෙවෙයි මට මේකාව මෙතනම හපලා ගිලින්න හිතෙනවා සාන්ත....
" යකෝ.... බියර් කෑන් එකක් ගෙනල්ලා දීලා මෙහෙමනම් වොඩ්කා බෝතලයක් දුන්නොතිං එහෙම මූ මොනවා කරයිද කියලා මට හිතා ගන්න බෑ...."
" උඹ කටවහගෙන හිටපං කොකටුවා... අනේ අයියේ මං තවුසෙට ආදරෙයි ඕයී...."
" කවද යකෝ කොකටුවා...."
"වෙන කවුද ඉතිං උඹ තමයි...."
" දෙන්නෙ උඹට........"
" අනේ අයියේ බලන්නකෝ....."
මේ මහිමයට මාත් එක්ක මොන තරහක් තියෙනවද මන්දන්නෑ මේ මදාවියා අයින්නෙම මගේ ඔළුවටම තමයි... ගහපු පාරට අනිත් පැත්තට නැගිටලා මහිමට ගහන්න හදපු මට සිද්ද වුනේ බැලන්ස් නැතුව සහස්ගේ ඔඩොක්කුව උඩට ඇදගෙන වැටෙන්න..... අපරාදේ කියන්න බෑ මගෙ කටුස්සත් මට වැටෙන්න නොදී දෝත බදලම මාව අල්ල ගත්තා......
" අහම්.......අහම්....පුතාලා........මෙතන තව මිනිස්සු ඉන්නවා කියලා ඔයාලට අමතක වුනාද අහ්......"
ලක්ෂාන් අයියා ඔළුවත් කස කස මටයි සහස්ටයි පෙන්නුවේ අපිට ටිකක් එහාට වෙන්න මාලු බබා හිටපු කොල්ලො දෙතුන් දෙනෙක්ව... ඉතිං අපිට පාන්ද කියලා මට අහන්න ඕන වුනත් වෙලාවෙ හැටියට මට අකමැත්තෙන් වුනත් මගේ කට වහගෙන ෂේප් එකේ පසු බසින්න සිද්ද වුනා.........
විනාඩියෙන් විනාඩිය ඔහේ ගෙවිලා යනකොට අන්තිමට එතන ඉතුරු වුනේ මමයි අයියයි විතරයි... මොකද ලක්ෂාන් අයියයි රිතික අයියයි එයාලගේ ගෙදරට ගියා...නවෝදුත් මහිම අයියා එක්ක ක්ලබ් එකට යන්න ඕනේ කියලා දැන් පැයකට විතර කලින් මෙහෙන් පිටත් වුනා.... ඉතිං නිදහසේ ටිකක් කතා කරන්න ඕන නිසාම මමයි සහසුයි විතරක් කලුවර වැටෙනකම්ම මෙතනට වෙලා ඉන්නවා කියලා හිතා ගත්තා...
" කලුළුර වුනා නේද....."
" අනේ තව පොඩ්ඩකින් යමුද ඒයී...ගෙදර ගියා කියලත් ඉතිං මට ඉන්න වෙන්නේ තනියමනේ......"
මං එහෙම කිව්වේ බිම බලාගෙන...මොනවා වුනත් මට ගෙදර ගියාම දැනෙන ඒ තනිකමට මං තාමත් බයයි කියන්න මගේ හිත හොදාකාරවම දන්නවා......
" තාත්තා ආයේ කවද්ද එන්නෙ රෙහාන්...."
" දන්නෙ නෑ අයියේ...කවදා එයිද මොනවා කරනවද කියන්න මං දන්නේ නෑ...මං එයාගෙ පුතා නෙවෙයිලුනෙ ඉතිං... රෙහාන් කියලා කියන්නේ එයාට තවත් එක මිස්ටේක් එකක් විතරයි......"
දැනෙන නොදැනෙන ගානට හිනා වුනාට මොකද මගේ ඇස් වලට කදුලු ආවේ නෑ කිව්වොත් ඒක බොරුවක්... මොකද කොච්චර බැනුම් ඇහුවත් මං අන්තිම වෙනකම්ම තාත්තා මට ගිහින් එන්නම් රෙහාන් කියන වචන දෙක තුන හරි කියයි කියලා මං බලාපොරොත්තු වුනා..
" මං හැමදාම කරේ මට ලැබෙන්නැති දේවල් පස්සෙ දුවපු එක විතරයි අයියේ........අදටත් මං කරන්නේ ඒ මෝඩ වැඩේම තමයි...... වෙලාවකට හිතෙනවා එදා අම්මා වෙනුවට මට ඒ දේ සිද්ධ වුනා නම් කියලා...එහෙනම් අද මේ කිසි ප්‍රශ්නයක් නෑනේ......"
" එතකොට මට කවුද ඉන්නේ...... ම්ම්..."
" ඔයාටත් ඉතිං හොඳ කෙනෙක් හම්බ වෙන්න තිබුනා...."
" එදා උඹ වෙනුවට උඹේ අම්මව දෙයියො එයා ලගට ගත්තෙ මොකක්මහරි හේතුවක් හින්දා රෙහාන්..... නොලැබෙන දේවල් පස්සෙ දුවන්න එපා කියලා මං උඹට කියන්නේ නෑ.... ඒත් වැඩක් නැත්තං උඹ මහන්සි වෙන එකේ කිසි තේරුමක් තියෙනවද බං...."
" තේරුමක් නම් නෑ තමයි.... ඒත් අයියේ මං අනාතයෙක් නෙවෙයිනේ....මට මගේ තාත්තා ඉන්නවා...ඒ ඉදලත් මං අනාතයෙක් කියලා දැනෙන හැගීමට මං මොකද කරන්නේ අහ්..."
" මිනිස්සු දාහක් එක්ක හිටියත් අපිට අපි තනි වෙලා කියලා දැනෙන්නෙ ඒ මිනිස්සු අපේ හදවතට කොහෙත්ම ළඟ නැති නිසයි චූටී..... උඹට උඹේ මාමා එක්ක ඉන්නකොට එහෙම දැනිලා තියෙනවද....."
" කවදාවත්ම නෑ අයියේ...මං දන්නේ නෑ......ඒ මනුස්සයා ගිය ආත්මෙක හරි මගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්න ඇති....මොකද තාත්තට වඩා මට මගේ මාමාගේ ආදරේ මහ ගොඩක් දැනෙනවා........"
" කවදමහරි දවසක එයාලා ඒ කරපු වැරදි වලට පසුතැවෙයි රෙහාන්...... එදාට එයාලා තේරුම් ගනී හදවතට කරපු තුවාල වල වේදනාව එච්චර ලේසියකට හොද කරන්න අමාරුයි කියලා..."
" ම්ම්..... ඒක නෙවෙයි අයියේ..... ඇත්තටම එදා ස්කූල් එකේදි මොකක්ද සිද්ද වුනේ....."
සහස් මං දිහා බලාගෙන ලොකු හුස්මක් පිට කරා... ඊට පස්සේ එයා කරේ මගේ අත තදින් අල්ලගත්තු එක.....
" එදා මං රණ්ඩු වුනා......"
"කාත් එක්කද......"
" ශෙවාන් එක්ක...."
" කවුද ඒ...."
" ශෙවාන් රණසිංහ....මිනිස්ටර් නිරෝෂ් රණසිංහගෙ එකම පුතා..."
සහස් ඒ කියපු කතාවත් එක්කම මං අල්ලගෙන හිටපු අයියගෙ අත මට ඉබේටම වගේ අතැරුනා.....
" මොනවද අයියේ මේ කරන්නේ... ඔයාට පුලුවන්ද ඒ මිනිස්සුත් එක්ක හැප්පෙන්න අහ්......."
" මට නම් බෑ තමයි..... හැබැයි මගේ අප්පච්චිට පුලුවන්...."
" අයියේ......!!"
" රෙහාන් මෙතන මගේ වැරැද්දක් නෑ..... ..මං මග ඇරලා ඉන්න ඉන්න ඌටම තමයි මාත් එක්ක එල්ලෙන්න ඕන වුනේ....."
" ඒත් ඒකට හේතුව මොකක්ද...."
" අප්පච්චි......"
" ඒ කියන්නේ...."
" මගේ අප්පච්චිට ඉන්න ලොකුම බාධාව තමයි ඔය ඇමතියා..... හිතාගන්න පුළුවන්නෙ මං කියන්න හදන දේ....."
" එතකොට එයාගෙ පුතා ඔයත් එක්ක පැටලෙන්න එන්නෙ ඒ හින්දද........"
" ම්ම්.... ඔව්...."
" ඉතිං ඔය ගැන මහිම අයියා දන්නෙ නැද්ද අයියේ..."
" අයියට කිව්වොත් ඌ මොනවා කරයිද දන්නේ නෑ රෙහාන්.... ඒ හින්දා අපි මේකට මහිමව ගාවගන්නෙ නැතුව ඉමු ...."
" විශ්වාසද ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා..."
" ඔව්........ආපහු ප්‍රශ්නයක් වෙන එකක් නෑ......."
" එහෙනම් එච්චරයි... ඒ වුනාට ඔයා සිහිකල්පනාවෙන් වැඩ කරන්න අයියේ.... ඕකුන් ඇවිල්ලා මහ එපා කරපු කාලකන්නි.... මං දන්නැද්ද ඔය දේසපාලුවොන්ගෙ හැටි.... අර අපේ තාත්තත් උඩට දාගෙන පරිස්සම් කරන්නේ ඕකුන්වනේ..."
" බලමුකො... ආපහු ප්‍රශ්නයක් වුනොත් අපි ඒක අපේ විදියට විසදගමු හොදද.."
" ම්ම්....."
" රෑට කාලාම යමුද එහෙනම්....."
" බෑ අයියේ....නන්දා අම්මා මං ගෙදර එනකං කෑම එක තියාගෙන බලං ඉන්නවා ඇති....."
" හරි එහෙනම් අද දෙන්නම එකට කමු...."
" මොන... ඔයා අද අපේ ගෙදර එනවද ඒයී......"
" ඔව්....."
" සිරාවටද කියන්නෙ..."
"ඔව් ඉතිං තාත්තා ගෙදර නෑනේ......"
" හරි එහෙනම් අද රෑට මගේ ගෙදරින් කමු....."
" ම්ම්...දැන් යමුද.....අටටත් කිට්ටුයි......"
" යමු.....ආ...ආව්......."
පැය භාගයක් විතර එකම ඉරියව්වෙන් හිටපු හින්දම මගේ කකුල් දෙක කූඹි ගුලක එබුවා හා සමානව හිරි වැටිලා තියෙනකොට මං එහෙම්මම බර වුනේ සහස්ගේ ඇගට...
" පණ නැද්ද බං....."
"කකුල හිරි වැටිලා අනේ......."
"කකුල විතරද හිරි වැටුනේ බබා....."
" මං ඉතිං කියන්නෑ........"
සහස් හිනා වෙන ගමන්ම මාවත් එක්කගෙන බයික් එක ලගට යනකොට ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුණු කලු පාට කාර් එකක් දිහා මං බලාගෙන හිටියා.......
මොන හේතුවක් උඩ වුනත් මගේ හිත කිව්වෙම ඒ කාර් එකේ හිටපු මනුස්සයා බලාගෙන හිටියේ මේ අපි දෙන්නා දිහා කියලා... ඒක එහෙම නම් ඇයි ඒ මනුස්සයා අපි දෙන්නා දිහා ඒ විදියට බලාගෙන හිටියේ..... නැත්තං ඒක මට නිකං හිතිච්ච දෙයක් විතරද...වෙන්න බෑ.... ඒ මනුස්සයා බලාගෙන හිටියේ මේ අපි දෙන්නා දිහාම තමයි...ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි........
මේකේ සුදු වෑන් නෑ... තියෙන්නේ කලු පාට බෙන්ස් රථ විතරයි 😎