67 වන කොටස

177 20 67
                                    

පාන්දර එක දෙක වෙනකං විතර මට එහෙ ඉන්න ආස හිතුනත් හෙට ඉස්කෝලෙ යන්න තියනවා නේද කියන තිත්ත ඇත්ත මට මතක් වෙනවත් එක්කම වගේ හෙන ගැහුවත් උඹ ඉස්කෝලෙ යන්න ඕනේ රෙහාන් කියලා අපේ අයියා දීපු කමාන්ඩ් එක එයා අද දවසේ විසි අට වෙනි පාරටත් මට ආයෙම වතාවක් මතක් කරලා දුන්නා......

දොළහට කාලක් වගේ තියලා මං එහෙන් එන්න ලෑස්ති වෙනකොට අපේ නවෝදිනීගෙ මූණ තිබිච්ච විදියට මං සහස් දිහා බැලුවේ අනේ තව චුට්ටක් ඉදලා අපි යමුකො අයියේ කියන්න වගේ බැල්මකින්....ඒ වුනාට අපේ ආදරේ මැද්දට පැනපු ගොබ්බ කොකටුවා මට තව පරක්කු වෙන්නැතුව එතනින් යන්න කියලා කියනකොට ෂාන් අයියලත් කිව්වේ හෙට ඉස්කෝලෙ යන්න ඕන හින්දා උඹ දැන් ගෙදර පලයං මල්ලි කියලා..... දුක හිතුනා....ඒත් ඉතිං පහුවදාට ඉස්කෝලෙට ගිහින් ඉතුරු කෝප්ප ටික හෝදන්න පුලුවන් වග මං දන්න හින්දම මගේ කොල්ලව බදාගෙන අර මහිමයට පේන්න ලොකු උම්මා එහෙකුත් දීලම තමයි මං නවෝත්ලගෙ වත්තෙන් එලියට බැහැලා අපේ  සහස් එක්ක මගේ ගෙදර යන්න අයියගෙ බයික් එකට නැගගත්තෙ.....දැන් ඉතිං මගේ බයික් එක ගෙදර වේලෙනවලුනෙ....මං මේ  බැලුවෙ ඔය ගෙදර ඉන්න දවසක් බලලා ඒකෙ බැදිලා තිබිච්ච මකුනු දැල් ටික වත් පොඩ්ඩක් පිහලා දාන්න කියලා....


" චූටියා..... එහෙනම් උඹ පරිස්සමට ගෙදර පලයං හොදේ....."

සහස් හිටියේ අපේ ගෙවල් පාර පටං ගන්න තැන....වතාවක් අයියා පොරොන්දු වුනා වගේම එයා අපේ ගෙදරට ආපහු එන්නේ නෑ කියලා මට කිව්වා..මිනිහා ඉතිං දෙයක් කිව්වොත් ඒක කිව්වම තමයිනේ...... අන්න ඒ හින්දම මාත් එයාට ගේ ඇතුලට ඇවිත් යන්න කියලා ආයේ බල කරන්න ගියේ නෑ....

" ඔයත් පරිස්සමට යන්න ඒයි....."

" ම්ම්..... දැන් උඹ ගිහිල්ලා රෑ එක දෙක වෙනකං ඔය ඔටු ලබ්බ එහෙම ඔබනවා නෙවෙයි හරී....."

" නෑ...නෑ...අනේ මේකේ බැට්රි ඩෙඩ්......"

" හරි එහෙනම් දැන් ඇතුලට යන්නකො....."

" එහෙනම් ගුඩ් නයිට් කිව්වා බොසා...."

" මොන නයිට්ද බං දැන් මොනින්.... හැබැයි රෙහාන් මේ....."

" දන්නවා දන්නවා..හෙන ගැහුවත් මං හෙට ඉස්කෝලෙ යනවා.....හරීනෙ...."

" හොද කොල්ලා....එහෙනම් දැන් පරිස්සමට ගේ ඇතුලට යන්න...මං ගෙදර ගිහින් උඹට මැසේජ් එකක් දාන්නම්...."

~හීන~ Where stories live. Discover now