68 වන කොටස

106 17 57
                                    

" උඹ ඔය සිරාවටමද බං කියන්නේ......"

" ම්ම්......"

" යකෝ රෙහාන් මේක සෙල්ලමක් නෙවෙයි මනුස්සයො....."

" ඒක මං නොදන්නවා නෙවෙයි නවෝද්....ඒ වුනාට මං කියලා මේ වෙලාවේ වෙන මොනවා කරන්නද බං......මට පුළුවන්ද ඒ මනුස්සයා එකක් හැප්පෙන්න....."

" සේරටම කලින් මට දැන් කියපං උඹ ඔය සිද්දිය ගැන අයියට කියලද තියෙන්නේ....."

" නෑ......"

" ඇයි ඒ....."

" ඇයි අහන්නේ උඹට ඕනෙ මං මේ දේවල් අයියට කියලා එයා අප්පච්චිත් එක්ක මරාගන්න හැටි බලන්නද අහ්....."

" එහෙමයි කියලා උඹේ ජීවිතේට අනතුරක් වෙනකං මට බලාගෙන ඉන්න කොහෙත්ම බෑ රෙහාන්....."

" එහෙම වෙන්නේ නෑ බං.....මං ටික කාලෙකට අයියගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා....."

" දැන් එතකොට එහෙම කරාම සේරම දේවල් හරියනවද රෙහාන්... අහ්....මට උත්තර දීපං ...උඹ සහස්ගෙන් ඈත් වෙලා හිටියයි කියලා ඔය ප්‍රශ්න වලට හරියන විසදුම උඹට දැන් හම්බ වෙනවද...."

" මට වෙන කරන්න දෙයක් ඇත්තෙ නෑ නවෝද්....."

" මට සමාවෙයන් රෙහානයා....උඹට බැරි නම් මං හරි ඔය කාරණාව ගැන අද මහිම අයියත් එක්ක කතා කරනවා ....."

" උඹට විකාරද අහ්....."

" යකෝ... මගුලෙ ඉලව්වක් හින්දා මට තෝව මැරිලා යනකං මෙතන අත් දෙක බැදගෙන නිකං බලාගෙන ඉන්න කියලද තෝ කියන්නේ අහ්....උඹට අනතුරක් තියෙනවා කියලා දැන දැනම මට මගේ පවුල බේරගන්න ඕනෙ නෑ රෙහාන්....."

" උඹට පුළුවන් ද මහිමව අත ඇරලා දාන්න... ම්ම්....."

" බෑ......කොහෙත්ම බෑ...... හැබැයි උඹට මොනවහරි වුනොතිං එහෙම ඒ හිඩැස පුරවන්න මහිමට වත් බෑ කියන එක විතරක් උඹ මතක තියාගනිං.... මූසලයා....."

" මේකට වෙන විසදුමක් තියෙන්නම ඕනේ නවෝද්....."

" මොන විසදුම තිබුනත් මං මේ ගැන අනිවාරෙන්ම අද මහිම අයියත් එක්ක කතා කරනවා...."

" මං කියන දේ පොඩ්ඩක් අහපංකො නවෝද්..... ඔච්චර මුරණ්ඩු වෙන්න එපා බං....."

~හීන~[ONGOING]Where stories live. Discover now