30 වන කොටස

129 17 106
                                    

" දැන් ඇයි මේ...."

"මුකුත් නෑ...."

" ඔච්චර මුරණ්ඩු වෙන්න එපා රෙහාන්....."

" මං කොහොමත් මුරණ්ඩුයි තමයි සහස්...."

" දැන් මං මෙච්චර වැඩ තියාගෙන උඹව බලන්න ආවේ උඹත් එක්ක මේ විදියට රණ්ඩු වෙන්නද අහ්......'

" ඉතිං මොකටද එච්චර වැඩ තියාගෙන ඔයා මෙතන මාව බලන්න බොරුවට රස්තියාදු වුනේ......... "

" නවත්තපල්ලා ඕක....දැන් මොකටද තොපි දෙන්නා මෙතන මරා ගන්න හදන්නේ.... අහ් සහස්...මොකද මේ පොඩි එකා මෙතන නයියඩි වන්නම නටන්න තියාගත්තේ අහ්..."

ඩිනර් ගන්න ආපු එක පැත්තක තියලා මං සහස් එක්ක එකට එක කියාගෙන යනකොට මේ සටන් ජවනිකාව බලාගෙන ඉන්න බැරි වෙච්ච මගේ ලොකු මස්සිනා ඒක මැද්දට ඇවිත් අපේ සමතකරු විදියට මෙතන වැඩ භාරගන්න තීරණය කරා....

"බොන්න ඕනේ කියන්නේ...."

" කාටද මේ මූට........"

" ම්ම්...."

අයියා මලෝ දෙන්නා ඒ විදියට යම් කිසි කතා බහක නිරත වෙනකොට මහිම අහපු ප්‍රශ්නෙට සහස් උත්තර දුන්නා විතරයි ඒකා කෙලින්ම බැලුවෙ මගේ උදේනියා දිහා.......හරි අපි ඒකත් කමන්නෑ කියලා කියමුකෝ..ඒත් ඇයි මේ කවදාවත් නැතුව අද අපේ නවෝදයා අහසේ තරු ගනින්න පටං අරගෙන තියෙන්නේ....ඒ පාර මූ විසිල් එකකුත් ගහනවා......

" ඇයි මොකෝ කොලුවෝ...උඹත් ඒ කල බැගෑනියට මේ නවෝදයා නිසා මුහුන දුන්නද අහ්....."

අනේ මන්දා මේ ලක්ෂාන් අයියා කොමස් කරාට මොකද ඌ තනිකරම හැසිරෙන්නේ අර ආට් එකේ ඉන්න සාහිත්‍ය කාරයෙක් වැහිච්ච ගානට.....

" ආයෙත් අහලා බං ...... මේකා මග දිගට එනකොට මගේ බෙල්ල මිරිකපු නැති ටික විතරයි...."

මහිම නවෝද් දිහා බලාගෙන එහෙම කියන කොට මං අවංකවම මගේ හිත ඇතුලෙන් මගෙ අපාය සහයක මිත්‍රයා ගැන හුඟක් ආඩම්බර වුණා...

" බලාගෙන ගියාම මේ පොඩි එවුන් දෙන්නා දාර බේබද්දො දෙන්නෙක්නෙ බං....."

" අනේ මේ ලක්ෂාන් අයියේ...මොකාද බේබද්දා කියලා උඹ මගෙන් අහගන්න එපා හරිද......"

~හීන~[ONGOING]Waar verhalen tot leven komen. Ontdek het nu