36 වන කොටස

96 18 5
                                    

" ඒ යන්න දෙන්නකො අනේ...."

" මොකද මේ..... ම්ම්......."

" ගෙදර කට්ටිය ඉන්නවා අනේ... කවුරුහරි දැක්කොතින් එහෙම...."

" කවුරුත් මෙහාට එන්නෙ නෑ බං...."

" ඒ වුනාට........"

මෙච්චර වෙලාම මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන හිටපු සහස් පෙර දැනුම් දීමක් නැතුවම මාව එයාගේ පැත්තට හරවා ගත්තා.... දෙයියනේ මගේ පපුව නම් දැන් ගැලවිලා බිමට වැටෙන්න ඔන්න මෙන්න වගේ මට දැනෙන්නේ.....සහස්‌ගෙ ඇස්.....ඒ ඇස් එක එල්ලෙම පැටලුනේ මගේ ඇස් එක්ක වෙනකොට මට තව දුරටත් අයියගෙ ඒ අහංකාර ඇස් දෙක දිහා බලාගෙන ඉන්න නම් බැරි වුනා.... ඒත් එයා අද මුරණ්ඩුයි...... අමාරුවෙන් මං මග අරින්න උත්සාහ කරපු සහස්‌ගෙ ඇස් ආපහු වතාවක් මගෙ පස්සෙන් පන්නන කොට මේ පාර නම් මමත් කරේ එයාට ඉඩ දීලා ඔහේ බලාගෙන හිටපු එක......

" ඇ...ඇයි මේ.... ඔයා අද හෙන අමුතුයි හලෝ...."

මං එහෙම කිව්වේ පුලුවන් තරම් සහස් ගෙ ඇස් දෙක මග අරින ගමන්....

" මං දිහා බලන්න රෙහාන්....."

ඒක ඉල්ලීමක්ද අණ කිරීමක්ද කියලා මට හිතාගන්න හරි අමාරුයි.... හැබැයි ඒ වචන සහස්ගෙ කටින් පිට වෙනවත් එක්කම මං ඒ ඉල්ලීමට එකඟ වුනා......

"කියන්න අයියේ........"

" උඹ හොදින්ද......"

මේ වෙලාවෙදි මේ විදියෙ ප්‍රශ්නයක් නම් මං සහස්ගෙන් කොයිම වෙලාවකවත් බලාපොරොත්තු වුනේ නෑ....

" ම්ම්....මං හොදින්......."

"දැන් මං ඒක විශ්වාස කරන්න ඕනෙද...... ම්ම්......"

" අයියේ......"

" උඹ හැසිරෙන විදියෙ ලොකු අමුත්තක් තියෙනවා රෙහාන්....."

" පිස්සුද අනේ.....එහෙම මුකුත් නෑ....."

මං මෙච්චර කාලෙකට වෛර කරපු දෙයක් තිබුනා නම් ඒ තමයි මගේ මූණ....මොකද හිතේ තියෙන දේ හරි ලස්සනට මගේ මූනෙන් පේන්න පටං ගන්නවා...සමහරු නම් කියනවා හිතේ තියෙන දේ මූණ බැලුවම කියන්න හරි අමාරුයි කියලා.....ඒත් මගේ කථාවෙදි ඒක හාත්පසින්ම වගේ වෙනස්..මොකද මගේ හිතේ තියෙන්නේ මොනවද කියලා මගේ මූණ දැක්කම ඕන කෙනෙක්ට හරි ලස්සනට පේන්න පටං ගන්නවා....කේන්ති ගියත්...දුක හිතුනත්... සතුටු හිතුනත්......කල කිරුනත්.... ඔය කියපු හැම හැගීමක්ව පැහැදිලිව වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙන තරමටම මගේ මූනෙන් ඒවා එලියට පේන්න පටං ගන්නවා.....

~හීන~[ONGOING]Where stories live. Discover now