66 වන කොටස

119 16 95
                                    

" මහිම අයියලා කීයටද බං එනවා කියලා කිව්වේ....."

" දැන් එයිනේ......"

"ඒ වුනාට දැන් වෙලාව පහටත් කිට්ටුයිනෙ බං...."

" අනේ මේ උඹේ මිනිහගේ ඔරලෝසු සාස්තරේ ගැන නම් මාත් එක්ක කතා කරන්න එන්න එපා පුතේ..... ඌ වෙලාවක් කිව්වොතිං එහෙම අපි ඒකට තව පැයක් දෙකක් එකතු කරගෙන තමයි එතන හරිම වෙලාව හදා ගන්න ඕනෙ......"

" ඉදහංකො මං කෝල් එකක් අරගෙන බලන්න....."

මහිමට කෝල් එකක් අරගෙන එන්නම් කියලා නවෝද් ගෙදරින් එලියට යන්න හදනකොටම ගෙදර දොර ඉස්සරහා හිටපු මහිමයව දැක්කම නවෝද් හිටපු තැනම නැවතිලා ඌ දිහා බලාගෙන හිටියා...ඔන්න එහෙනම් මගේ රාජකාරියත් දැන් මෙතනින් අවසානයි.....හිතපු විදියටම නවෝද් තවත් සප්‍රා..යිස් වුනාද මන්දා.....

" අ....අයියේ......"

මහිමගෙ අතේ තිබිච්ච ලස්සන මල් බොකෙ ඒකයි.... සහස්ගෙ අතේ තිබිච්ච කේක් පෙට්ටියයි ෂාන් අයියගෙ අතේ තිබිච්ච බැලුම් බෝල දෙකයි....රිතික අයියගෙ අතේ තිබිච්ච පතරංග සයිස් ගිෆ්ට් බොක්ස් එකයි දැක්කම ඉතින් කොල්ලා හොල්මං නොවී තියෙයිද සාන්ත...හනේ මට නම් ආසාවෙ බෑ..... නවෝත්ගෙ දහ නව වෙනි උපන්දිනය ආයේ අමතක නොවෙන එකක් වෙයි වගේ.....

" මොකෝ මේ...... ම්ම්......"

" මේ....මේවා......."

කොල්ලා කන්පියුස් වෙලා තාමත් මහිම අයියා දිහා බලාගෙන ඉන්නකොට මාත් මගේ සහස්ට එහාපැත්තෙන් ගිහිං හිටගත්තා.... අනේ මගේ කොල්ලාගේ මූණේ ඒ වෙලාවෙ ඇදිච්ච හිනාව දැක්කම නම් මට අයියා ගැන හුඟක් ලෝබ හිතුනා....මාත් කට පුරාම හිනා වෙන ගමන් සහස් දිහා බලාගෙන ඉන්නකොට එයා හිනාවෙන ගමන්ම අර කිස් එකක් දෙන ටයිප් එකට එයාගේ කට හදලා මට පොඩි ඇහැකුත් ගැහුවෙ අර කේක් පෙට්ටිය එතන තිබුණු මේසයක් උඩින් තියන ගමන් .....ඒ කරපු වැඩේට නම් මාව දිය වෙලා යයිදත් මන්දා අනේ.....මේ මනුස්සයගෙත් තියෙන්නේ හෙන අමුතු කැටයම්නෙ ඉතිං.....

" Many happy returns of the day බබා........ Thanks for coming in to my life.........."

මහිම අයියා නවෝද්ගෙ අතට ඒ මල් බොකෙ එක දීලා කොල්ලගේ නලල හරි ආදරෙන් ඉබිනකොට ඇත්තමයි කියන්නේ මට නම් මගේ හොදම යාළුවා ගැන ඇති වුනේ මහ පුදුමාකාර තරම් සතුටක්.... කවදමහරි දවසක මං සතුටින් ඉන්නවා නම් මගේ සහෝදරයා වගේ උන්නු එකත් ඒ සතුටට අනිවාරෙන්ම අයිතිවාසිකම් කියන්න ඕනේ .......

~හීන~[ONGOING]Where stories live. Discover now