18 වන කොටස

141 21 167
                                    

" ඔන්න එහෙනම් මල්ලිලා......රාහු කාලේ පන්නලම ග්‍රවුන්ඩ් එකට අඩිය තියපල්ලා ඈ........"

"ලක්ෂාන්...."

" ඔය පොඩි පගයෝ ටිකට මං මේ කියන්නෙ... තොපි ක්ලාස් ඉවෙන්ට්ස් ටික නාගෙන එහෙම මේ පැත්ත පලාතක පස් පාගන්න හිතන්නවත් එපා හරිය... තොපි එකෙක්වවත් මං මේ හතර මායිමකට වද්ද ගන්නේ නෑ......ආයේ මේ අයියා නොකිව්වයි කියන්න එපා......."

"ලක්ෂාන්...!! "

" අහ් තව දෙයක්...අර කිරි පැකට් එකටයි මාලු පාන් ගෙඩියටයි මෙතන මරාගෙන අහු වුනොත් එහෙම  තොපි එකෙක්ටවත් මං කන්න දෙන්නෙ නෑ හරිද.... බඩගින්නෙ ඉදලා ගෙදර ගිහින් කාපල්ලා...."

" මිනිහෝ....."

"පොඩ්ඩක් ඉන්න දෝණියෝ.....මං වත් අපේ මේ දරු පැටව් ටිකට හොඳ නරක කියලා දෙන්න එපැයි.... නැත්තං මුන් අයාලේ යනවා....."

" අනේ මේ ඕයී......"

" ෂූ...ෂූ..... වන් සෙකන්ඩ් බබා... හරි එහෙනම් මල්ලිලා... ඇස්ටි හැලෙන්න උඹලා මේ පාර රඟන්න ඕනේ හරිය..... උඹලා දින්නොත් හවසට මං ගානේ කොත්තූ පාටියක් සුවර්....ආයේ ඉතිං මේ ලක්ෂාන් අයියා ගව ඤං පචං ගෑවිලි නෑනේ බොක්කලා...දෙනවා කිව්වොත් දෙනවම තමයි...බොරු නම් මේ රිතික අයියගෙන් අහලා බලපං...."

" උඹට මං ආයේ කියන්නෑ ලක්ෂාන්....ඔය බෝක්කු කට වහගෙන මෙතනින් පලයං යන්න........"

" ඒම කොහොමද මමයි මෙතන ඩිපියුටි හවුස් කැපා...."

"I am the house capton.....ඒ හින්දා ඔය හැකර කට වහගෙන මෙතන ඉන්නවනම් ඉදපං නැත්තං පලයං...........මේ අහපං මල්ලිලා.... උඹලා කොහොමත් මේ පාර හොඳට මැච් එක ප්ලේ කරා.... දැන් තියෙන්නේ ක්ලාස් ඉවෙන්ට්ස් ටිකයි..... රනින්ග් ඉවෙන්ට්ස් ටිකයි විතරයි......අවුලක් නෑ කොහොමහරි අපි ඒ ටිකත් වින් කරමු හොඳද..... දැන් රිලැක්ස් වෙයල්ලා... තව හාෆ් ඇන්ඩ් අවර් වලින් වගේ ස්පෝට්ස් මීට් එක පටං ගනී.... So boys....take it easy and do your best.... Well done... Let's win this game........."

" නෙතු අගින් කදුලක් වැටුනා රිතිකයෝ.....උඹ තමා හොඳටම කරේ... ආඩම්බරයි දෝණියෝ..."

" කට පියාගෙන ඉදපං මනුස්සයෝ... අහ් තව දෙයක්.... ස්පෝට් මීට් එක පටං ගන්නකං ඔය රට වටේ රෝන්දෙ ගහන්න තියා ගන්න එපා හරි... අනිත් එක ඔය නවයෙන් උඩ සෙට් එක........ වෙන හවුස්වල උන් උඹලට සද්ද දැම්මා කියලා මෙතන අත පය උලුක් කරන් රගන්න ගිහින් මට අහු වෙන්නත් එපා මල්ලිලා ......මොකද මේක ස්පෝට් මීට් එකක් මිසක් රෙක්ස්ලින් මැච් එකක් නෙවෙයිනේ... So learn to behave like school students.... Because I need that discipline from my house mates. Got it......."

~හීන~[ONGOING]Where stories live. Discover now