57 වන කොටස

207 24 22
                                    

" හොඳ......ට ඇදලා.....ඕක වනපං හොදේ..........."

මොකක්ද යකෝ ඒ කියපු කුනුහරුපේ.... එතකොට දැන් හොඳට ඇදලා මොකක්ද වනන්න ඕනේ.... සැක් මට මහ කැත සිතුවිලිත් පහල වෙනවා සාන්ත..  

" ඒ සන්දේශයා...... උඹ ඕක වනන්න ලෑස්ති නේද සංකුට්ටෝ......"

ෂාන් අයියා එහෙම අහනකොට සහස් තම්බ්ස් අප් එකක් දීලා එයාගෙ බැට් එකෙන් පොලොව උඩ ඉරක් අදින්න පටං ගත්තා...බලන්න එපැයි එයාගේ තිබුණු ගැම්ම....කාගෙද ඉතිං මේ මගේනේ.....

"මං මුලින්ම බෝලේ දාන්නං හොදේ....."

" ඔව් ඉතිං උඹට කොහොමත් ඔය බෝල එහෙම පාස් කරලා හොදට පුරුදු ඇති නේද අයියේ....."

" හුම්...... ඔයාට තේරුනා මල්ලි.... හැබැයි මං පාස් කරාට වඩා කරේ බෝල අල්ලපු එක......."

මහිමයා මං දිහා බලාගෙන හෙන වලත්ත හිනාවක් එලියට දානකොට මට මගේ අතේ තිබිච්ච විකට් පොල්ලෙන්ම අරූගේ ඔලුවට දමලා අත අරින්න හිතුනත් මගේ නැට්ට වැන්දඹුවක් වෙන එක බලං ඉන්න බැරි කමටම මං මගේ පාඩුවේ ඒ අදහස වෙනස් කරගෙන  පැත්තකට වෙලා ඉන්න ඕනෙ කියලා තීරණය කරා....

" ඉව් .... නොදකින් තෝ වගේ ගොබ්බයෙක්නම්....."

" නම්බුදීලා කතා කරහං පොඩි එකෝ...ඇරත් ඔය මස්සිනාව තරහා කරගන්න වැරැද්ද නම් ආයේ කරන්න තියා ඒ ගැන හිතන්නවත්  යන්න එපා පුතේ හරිද........"

" උඹ වගේ මස්සිනෙක් නම් මට නැති එකමයි හොද....."

" ඇයි බං තොපි දෙන්නා කොයි වෙලාවෙත් අර නැන්දම්මයි ලේලි වගේ මෙතන කෙහෙවලු පටලවගන්න හදන්නේ......"

" මට මරාගන්න නැන්දම්මෙක් නැති හින්දා තමයි මං මූත් එක්ක එල්ලෙන්නේ....."

" ඔව් ..... මටත් මරාගන්න නෑනෙක් කියලා එකෙක් නෑනේ... ඒක හින්දා මං මූත් එක්ක එල්ලෙනවා....."

" අනේ මට නම් මේක කරන්න බෑ සුදූ උඹ මේකට වරෙංකෝ හත්තිලව්වේ....."

" සමාවෙන්න පනේ..... ක්‍රීඩාව එක දෝණි දෙක.....දෝණි කියන හිනදවත් මට ක්‍රීඩාව පාවලා දෙන්න මගේ හිත හදාගන්න අමාරුයි....."

මහිමගෙයි මගෙයි ලෝක යුද්දෙට මැදිවෙච්ච රිතික අයියා එයාට අපේ ටීම් එකේ ඉන්න බෑ කියලා ෂාන් අයියට පැති දෙක මාරු කරගමුයි කියලා කියනකොට උගෙ මිනිහා කියපු හතර බීරි කතාවට මල පන්නගත්තු රිතික අයියා ඒකාගෙ අතේ තිබුණු අනිත් විකට් පොල්ලෙන්ම ෂාන් අයියට දමලා ගහනකොට පොර වැඩ කිඩ දන්න හින්දමද කොහෙද  ඒ ප්‍රහාරයෙන් ලොකු හානියක් සිද්ද කරගන්නැතුව උගෙ ඔලුව බේරගත්තා.... කොල්ලා වැඩ්ඩා හින්දා හොදයි ඉතිං..නැත්තං එහෙම ඔය පොල්ල ගිහිං අරූගේ ඔලුවෙ වැදුනට පස්සේ උගෙ තියෙන මාන්දම ඩබල් ට්‍රිබල් වෙලා අන්තිමට ඒකෙනුත් දුක් විදින්න වෙන්නේ මේ අහිංසක අපිටම තමයි.....

~හීන~ Where stories live. Discover now