49 වන කොටස

126 18 32
                                    

ගේ බලන්න ආසයි කියපු අම්මව මං මුලින්ම එක්කගෙන ගියේ සාලෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න හදලා තිබුණු ඒ පිංතූර ගැලරිය දිහාවට..ඕක ඉතිං තනිකරම මගේ අම්මගෙ අදහසක් තමයි.... කෑම මෙසේ ලගින් තිබුණු බිත්තිය සම්පූර්ණයෙන්ම වගේ වෙන් වෙලා තිබුනේ අපේ පවුලට අයිති වෙච්ච මතකයන් වලට.... එතන මගෙ අම්මා හිටියා තාත්තා හිටියා ඒ දෙන්නම එකට හිටපු පිංතූර තිබුනා... ඒ විතරක්ද මේ මාත් එතන හිටියා.. ඉතිං ගෙදරට ආපු අමුත්තෙක්ට ගෙදර ලස්සන පෙන්නන්න ඕනෙ නම් මෙතන නෙවෙයිද ඒක පටං ගන්න සුදුසුම තැන.....

සාලෙ මැද අයියලා කතා කර කර ඉන්නකොට මං කෙලින්ම ආවේ කෑම මේසෙ පැත්තට වෙන්න තිබුණු ඒ පිංතූර ටික අම්මට පෙන්නන්න ඕනෙ කියලා හිතාගෙන....

" මෙතන තමයි මං ඉන්න ආසම තැන අම්මා......"

මං එහෙම කියන ගමන්ම අම්මත් එක්ක හරි ලස්සනට හිනා වුනා...

" කෝ බලමු එහෙනම්....."

අම්මත් ආපිට කරේ මගේ මූණ අතගාලා ඒ පැත්තට ඇවිදගෙන ගියපු එක...

" මේ ඉන්නෙ ඔයාද පුතා....."

" ඔව් අම්මා.... ඔය මං ග්‍රේඩ් ෆෝ වල ෆස්ට් හෝලී කමියුනියන් එක ගත්ත දවස...කැතේ බෑනේ... සැක් දතකුත් නෑ අප්පා......"

" මොන කැතක්ද.... ඔය ඉන්නේ පුංචි පූස් පැටියෙක් වගේ...."

" අපෝයී ඔව්.....ඕකා පුරු පුරු ගාන්නැති ටික විතරයි...."

ලොකු මස්සිනාගේ මිනිහා එතන වුනාට කන් දෙකයි ඇස් දෙකයි තියෙන්නේ නම් මේ පැත්තෙ වගේ...

" අනේ මේ උඹ මෙතන පැත්තෙන් දෙන්නැතුව ඉදහං අයියේ...."

සාලෙ මැද හිටපු මහිම අයියට යුද්දෙ ප්‍රකාස කරපු මං ඊලගට හැරුනේ මගෙ අම්මගෙ ෆොටෝ එක සරසි අම්මට පෙන්නන්න ඕනෙ කියලා හිතාගෙන....ඒත් ඊට කලින් එයා ඒක දැකලා..... හැබැයි ඒ ඇස් වල  නම් මට පේන්න තිබුනේ වචන වලින් විස්තර කරගන්න නොතේරෙන හරි අමුතු හැගීමක්......

" ඇයි අම්මා මේ......."

" පුතේ.......මේ ඉන්නේ ඔයාගේ කවුද...."

සරසි අම්මා මගෙන් එහෙම ඇහුවේ ලස්සනට හිනා වෙලා අපි දිහා බලාගෙන ඉන්න මගේ අම්මගෙ ෆොටෝ එක මට පෙන්නන ගමන්.....

~හීන~[ONGOING]Where stories live. Discover now