27 වන කොටස

115 16 89
                                    

තාත්තට යුතුකම් ඉෂ්ට කරන්න ඕන නිසාම මං වේලාසනින් ගෙදර ආවට මොකද තාත්තා එයාගේ වැඩ ටික ඉවර කරගෙන ගෙදරට අඩිය තියෙනකොට රෑ නමයත් පහු වෙලා...කමක් නෑ ඉතිං... කොහොමත් මං කන්නෙ ඉල්ලගෙනමනේ..... තාත්තාගේ මේ හැසිරීම නිසා මට දුක හිතුනේ නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්.... හැබැයි ඉතිං ඕනාවට වඩා දුක් වුනා කියලත් ඒකෙන් මට ලැබෙන දෙයක් ඇත්තේ නෑ....

අද කාලෙකට පස්සේ මට තාත්තත් එක්ක එකට ඉදගෙන කෑම කන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.........ඒත් ඒ හමුවීම ඇතුලේ තිබුණෙම මහ පුදුමාකාර තරම් හිස් බවක්...... පිටින් බලපු කෙනෙක්ට වුනත් තාත්තයි පුතයි අතරේ තිබුනේ මොන විදියේ සම්බන්ධකමක්ද කියලා කියන්න පුලුවන් වෙන තරමටම මායි තාත්තයි හැසිරුණේ කවදාවත් එකට ජීවත් නොවුනු ආගන්තුකයො දෙන්නෙක් ගානට....

මං බලාගෙන හිටියා.... තාත්තා මං එයාගෙ ඉස්සරහා ඉන්නවා නේද කියලවත් ගනන් ගන්නේ නැතුව එයාගේ පාඩුවේ බත් ටික බෙදාගෙන කන්න පටං ගත්තා... සමහර විට ඉස්සර නම් තාත්තා මෙහෙම ඉන්න නැතුව ඇති..... මොකද රෑට කෑම මේසෙන් ඉද ගත්තම අම්මා හරි ආදරෙන් අපේ තාත්තට එයාගේ අතින්ම කෑම එක බෙදලා දීලා එයාට එහාපැත්තෙන් ඉදගෙන ඒ දිහා හරි ලස්සනට බලාගෙන ඉන්න ඇති......ඒ විතරක්ද එහෙම බලාගෙන ඉන්නකොට තාත්තා මගේ අම්මට හරි ආදරෙන් බත් කටක් දෙකක් එයාගේ අතින්ම මේ කෑම මේසෙදි කවන්න ඇති.... ඔය අතරින් පතර එයාලා මං ගැනත් කතා වෙන්න ඇති....පව් මගේ තාත්තා වුනත් මං වගේම එක පවුලක් විදියට මේ කෑම මේසේ වාඩිවෙලා එකට කෑම කන්න එදා හුඟක් ආසාවෙන් හීන මවන්න ඇති........

කෑම එක බෙදාගත්තට මොකද මගේ ඔලුවට ආවේ වෙන වෙන දේවල් වෙනකොට මං බලාගෙන හිටියේ මගේ අම්මගේ ෆොටෝ එක දිහා.... ඔයත් අද මෙතන හිටියනං මේ දේවල් මීට වඩා සෑහෙන්න දුරට වෙනස් වෙන්න ඉඩ තිබුණා අම්මේ.....

" මං හිතුවේ තාත්තා අද වේලාසනින් ගෙදර එයි කියලා...."

කෑම මේසෙ තිබිච්ච පාලුව ඇත්තටම මගේ ඔලුවට ගෙනාවේ මහා හිසරදයක්......ඉතිං ඒ හින්දම මං ඕන දෙයක් වෙච්ච දෙන් කියලා මගේ උද්දච්ච ලෝයර් අප්පොච්චි එක්ක කතා කරන්න ඕනේ කියලා තීරණය කරා....

~හීන~[ONGOING]Tempat cerita menjadi hidup. Temukan sekarang