74 වන කොටස

106 15 42
                                    

නත්තල කියලා කියන්නෙ අපි කවුරුත් වෙනසක් නැතුවම හුගක් ආසාවෙන් එකට එකතු වෙලා සමරන හුගක් ලස්සන උත්සවයක්.....මාසෙන් මාසෙ ගෙවිලා ගිහින් දැන් දෙසැම්බර් අන්තිම සතියටත් කිට්ටු වෙන්න ඇවිත්......අපි හැමෝම හිටියේ නවෝද්ගෙ ගෙදර පොඩි වැඩ වගේකට හිර වෙලා...හැමෝම කියලා කිව්වෙ ඉතිං අයියලා දෙන්නයි අපි දෙන්නයි විතරයි....අනිත් අයියලා දෙන්නා අද රත්නපුරේ ගිහිං....ෂාන් අයියලගෙ තාත්තට වැටිච්ච වැඩක් හින්දා එයාලට අද කොළඹින් පිට යන්න සිද්ද වුනා......

" ෆ්ලයිට් එක කීයටද මෙහාට ලෑන්ඩ් කරන්නෙ බබා...."

" ම්ම්......මං හිතන්නේ නමයවත් පහු වෙයි...."

" ඒ කියන්නේ අපිට මෙහෙන් හතටවත් යන්න වෙයි නේද ඒයී...."

" ඊට කලින් යන එක හොදයි චූටී....ට්‍රැෆික් එක සෙට් වුනොතිං එහෙම උඹලට පරක්කු වෙයි...."

" ඒ වුනාට මං නම් මුං දෙන්නව තනියම යවන්න කැමති නෑ බං....."

" ඉතිං එතනට ඔයාට එන්න බෑනෙ අයියෙ..."

" හරි මං මගින් නවතින්නං....."

" නැවතිලා ඊටපස්සේ ආපහු මෙහාට එන්නද අහ්.....බොරු රස්තියාදුවක්නෙ අනේ...."

" සහස් මූට පොඩ්ඩක් කියහංකෝ බං.....යන්නෙත් මරු මිනිහා එක්ක...."

" අනේ මේ ඕයි...තවුසෙලා දෙන්නා හම්බවෙන්න කලින් මං තමයි මූත් එක්ක ඔය හැම රෙද්දටම සහභාගී වුනෙ...දැන් මෙතන බොරු මරිසි දාන්න තියාගන්න එපා හරී......."

" ඒ ඉස්සරනෙ......"

" ඔව් ඉතිං දැන් කියලා මොකෝ වෙනසක් නෑනේ....."

" දෙන්නම දැන් නවත්තගන්නවද අහ්....කොයි වෙලාවේ බැලුවත් මෙතන මරා ගන්න හදනවා......"

" හරි මං කියන්නෙ ඔච්චර දුර තනියම යවන්න බෑ නවෝද්...ඒකත් මේ මහ රෑ......"

" අයියෙ මට පුලුවන්....අනිත් එක රෙහානුත් මාත් එක්කම ඉන්නවනෙ....."

" ඒක තමයි මට තියෙන ලොකුම බය..."

" සහස් ඔයාගේ සගෝදරයට කියන්න එයාගේ සක්කිලි කට වහගෙන පාඩුවේ පැත්තකට වෙලා එයාට දුන්න වැඩේ කරගෙන ඉන්න කියලා හරිද....."

~හීන~[ONGOING]حيث تعيش القصص. اكتشف الآن