53 වන කොටස

109 17 19
                                    

" සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපං මල්ලී.....කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අතේ එල්ලී......"

" අහ් සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපං මල්ලී.....කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අතේ එල්ලී......"

" හොඳට ජොලි කරපං......."

මම සහස් එක්ක නවෝද්ගෙ ගෙදරට අඩිය තියෙනකොටම ෂානුයි රිතිකයි උන් දෙන්නගෙ මියුසිකල් ෂෝ එක පටං ගත්තා....පව් මගේ උදේනියා හිටියේ ඌට අයි එස් අයි එස් කාරයෙක් වැහිච්ච ගානට...

" සුමිහිරි පානේ........පදමට ගහලා....හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා....... අහ් මල්ලි උඹ ආවද....වරෙං වරෙං ඇවිල්ලා ඉදගනිං......,"

හිතාගන්න පුළුවන් ද ඒ කවුද කියලා....ඔව් ඔව් ඒ ඇවිල්ලා මගේ සක්කිලි වෙන්ඩ මස්සිනාගෙ සුමදුර වොයිස් එක තමයි... හැබැයි පොරට ජන්මෙ බේරගෙන සිංදුවක් නම් කියාගන්න පුලුවන් වුනා....මොකද දැන් ටිකකට කලින් ෂානුයි රිතිකයි ඒ සිංදුව කියපු විදියට නම් මට තව පොඩ්ඩෙන් මෙතන බඩ ගිහින් තමයි නවතින්නේ .......

" ඉතිං ඉතිං පොඩි ඇටයො දෙන්නට හොඳට නින්ද ගියාද අහ්......"

මොකද බං මුන් හැම එකාම අහවල් නින්දක් ගැනම අහන්නේ.....

" ඔව් බං ඔව්....නින්ද ගියාද නින්ද ගියාද කියලා අහන්නේ මහ රෑට බුදිය ගන්නැතුව වෙන අහවල් මගුලක් කරන්නේ නෑනේ ලක්ෂාන් අයියේ ........"

" ඇත්තද.........අපි නම් කරන්න පුලුවන් හැම මගුලම කරන්නේ රෑට තමයි...නැද්ද දෝණියො...."

" ආපහු පටං ගත්තා ඉතිං......."

රිතික අයියා හෙන ඩ්‍රමාටික් විදියට උගෙ ඇස් දෙක කරකවලා ෂාන් අයියට එහෙම කියනකොට නම් මං මේකත් කියන්නම එපැයි....ඌට තිබුනේ හෙන sassy look එකක්.....අර කිව්වත් වගේ මූ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයේ දෝණියෙක්ම තමයි......සච් අ බේබී ගර්ල් ලක්ෂාන් අයියේ....

" දැං ඇයි උඹලා දෙන්නට අපිට හම්බ වෙන්න ඕනේ කියලා කිව්වේ......"

ප්‍රශ්නෙ ඇහුවේ නවෝද්.....ඒ වගේම තමයි උගෙ මූන දැක්කම ඌට එකසිය ගානට නැගලා තියෙන්නේ කියලත් මට මේ වෙලාවේ තේරුම් පුලුවන් වුනා.......

~හීන~[ONGOING]Where stories live. Discover now