80 වන කොටස

87 16 58
                                    

" ගුඩ් මෝනින් නන්දා....අද මොනවද අනේ උදේට කන්න හදලා තියෙන්නෙ....."

" අහ් චූටි බේබි නැගිට්ටද...."

" නැගිට්ටා නේන්නං ඒයී....නන්දාගෙ සෝස මල අද උදේ පාන්දරම අවදි වුනා....."

" හොද පාන්දර දැන් වෙලාව එකොලහටත් කිට්ටු වෙන්න එනවා....."

" හුටා එච්චර වෙලා ගිහින්ද....එහෙනම් අපි එකපාරම දැන් දවල්ට කමු නේද නන්දා අම්මේ...."

" හ්ම්... හ්ම්....."

මේසෙ උඩ තිබිච්ච මගේ කිරි කෝපි වීදුරුව අතට ගන්න ගමන්ම මං වට්ස්ඇප් එක පැත්තෙ පොඩි රවුමක් දාලා එන්න ඕනෙ කියලා හිතුවෙ අර උදේට දාන ගුඩ් මෝනින් මැසේජ් එක මගේ කටුස්සට යවන්න ඕනෙ කියලා හිතාගෙන....

" වගීෂා නෝනලව බලන්න යන්නත් ආසයි චූටි බේබි....."

" අපි ඉක්මනටම ඒ පැත්තේ ගිහිං එමුකො නන්දා අම්මේ....හොදද......"

" මං එහෙනම් දැන් කෑම ටික ලෑස්ති කරන්නද චූටි බේබි...."

" හරි නන්දා අම්මෙ මං වොශ් එකක් දාගෙන එන්නම්......"

කිරි කෝපි වීදුරුවෙ අන්තිම උගුරට කලින් උගුර වෙනකම්ම එක හුස්මට බීලා දාපු මං එහෙම්මම මගේ කාමරේට එන්න ආවේ මූණ කට සෝදගෙන දවල්ට කාලාම නවෝද්ලගෙ දිහා පිටත් වෙන්න ඕනේ කියලා හිතාගෙන....අද හවසට අපි කස්ටියත් එක්කම ගෝල්පේස් එක පැත්තෙ ගිහිං එන්න කියලා තමයි හිතාගෙන ඉන්නෙ......මොකද නත්තල් සීසන් එකට කොලඹ හරි ලස්සනයි....ඊටත් වඩා නයිට් වයිබ් එකයි බීච් වයිබ් එකයි දෙකම එකට එකතු වුනාම ඒකෙන් එලියට ආවේ මහ අමුතුම විදියේ ආට් එකක්.....

විනාඩි හතලිස් පහක් විතර පහු වුනු තැන මං හොදට නාලා මූණ කට එහෙම සෝදගෙන මගේ නාන කාමරෙන් එලියට බැස්සෙ පුංචි සිංදු කෑල්ලකුත් කටින් මුමුණන ගමන්මයි....අනේ මන්දා මේ දවස් වල මගේ හිතට මහ පුදුමාකාර තරම් අමුතු සතුටක් දැනෙනවා....රට වටේම තියෙන ප්‍රශ්න අපේ ඔලු ගෙඩි අස්සේ සක්මන් කරාට මොකද මොකක්මහරි හේතුවකට මට මහ අමුතු නිදහසක් දැනෙන්න පටං අරගෙන.....ඒක නිකං හරියට අර පුංචි ළමයෙක්ට දැනෙනවා වගේ හරිම නිදහස් ඒ වගේම හුඟක් විනෝද ජනක හැගීමක්....

~හීන~[ONGOING]Donde viven las historias. Descúbrelo ahora