77 වන කොටස

77 14 35
                                    

12 කණිසම පහු වෙනවත් එක්කම මුළු ලෝකයක් බලාගෙන හිටපු ආදරණීය නත්තලත් අද උදා වුනා.... වෙන රටවල් වලට වගේ මෙහාට හිම නොවැටුනාට මොකද නත්තල් මාසෙට දැනෙන සීතල දෙයියො අඩුවක් නැතුවම අපිටත් විදගන්න අවස්ථාව මෙහෙට උදා කරලා දෙන්න අමතක කරලා තිබුනෙත් නෑ.....මං හිටියේ මගේ සහස් එක්ක පල්ලිය ඇතුලෙ පිටීම පස්සට වෙන්න තිබුනු පුටු දෙකක වාඩි වෙලා....අපිට එහා පැත්තෙන් නවෝදුත් මගේ මස්සිනා එක්කම වාඩි වෙලා අද රෑ තිබුණු නත්තල් පූජාවට සහභාගි වුනා.... ඇයි ඒ විතරක්ද ජීවිතේ පලවෙනිම වතාවට අද අපිත් එක්ක නත්තල් සමරන්න ඕනෙ කියලා හිතාගෙන රිතික අයියත් එයාගේ ෂාන් අයියත් එක්ක අපේ මේ පුංචි පල්ලියට එන්න ඕනෙ කියන පුංචි ඉල්ලීම මගෙන් ඉල්ලුවා...මොකටද කාගෙන්වත් අවසර ඉල්ල ඉල්ල ඉන්නෙ....දෙයියො බුදුන් වැඩ ඉදින තැන් වලට එන්න අපි කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑනෙ.......

" යන්න.....සියළු දෙනාම ගොස් ප්‍රේමයෙන් ජීවත් වන්න....

" දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා....."

" ඔබ සැමට සුභ නත්තලක් වේවා......! "

" සුභ නත්තලක් වේවා ෆාදර්....."

අවසාන ගීතිකාව විදියට කලකට පෙර ඒ ගීතිකාව මුලු පල්ලිය පුරාම රැව් පිළිරැව් දෙන්න පටං ගන්නකොට අල්තාරෙ උඩ හිටපු පල්ලියෙ පියතුමා පවා එතනින් අතුරුදහන් වෙලා යන්න ගියා....... ඒ වගේම තමයි පූජා මෙහෙය ඉවර වෙලා පල්ලියෙන් එලියට අඩිය තියන්න කලින් මිනිස්සු හැමෝම වගේ තමුන් ඉන්න තැනම ඉදලා දණ ගහගෙන දෙයියොන්ගෙන් දෙයක් ඉල්ලන්න හරි එහෙම නැත්තං ලෑබිච්ච දේවල් වලට ඒ දෙයියොන්ටම ස්තූති කරන්න හරි අමතක කෙරුවෙ නෑ.... ඉතිං මාත් වෙනදා පුරුදු විදියටම පල්ලියෙන් පිට වෙන්න කලින් මගේ පුංචිම පුංචි ඉල්ලීම දෙයියොන්ගෙ පාමුල තියලා පිතා පුත්‍රයා දාලා එතනින් නැගිට ගත්තා......

" සුභ නත්තලක් වේවා අයියෙ.....! "

නැගිටපු ගමන්ම වගේ මං කරේ මගේ එහාපැත්තෙන් හිටගෙන හිටපු මගේ සහස්ට සුභ පතපු එක..... කොහොමත් රෑ දොලහෙ පූජාව ඉවර වෙච්ච ගමන්ම මිනිස්සු මේ පල්ලිය ඇතුලෙදිම එහෙමත් නැත්තං පල්ලියෙන් එලියට බැස්ස ගමන්ම  වගේ කරන්නෙ තමන්ගෙ ආදරණීයයන්ට සුභ නත්තලක් වේවා කියලා තමන්ගේ මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා එකතු කරන එක....ඇත්තටම ඒක හරිම ලස්සන හැගීමක්........

~හීන~[ONGOING]Where stories live. Discover now