58 වන කොටස

191 24 26
                                    

දන්නෙම නැතුව අපි ඔක්තෝම්බර් වලටත් කිට්ටු වුනා... අවුරුද්ද ගියපු විදිය ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ..... ගත්ත ආතල් පැත්තකට දාලා අද ඉස්කෝලේ ආවට මොකද මට නම් දැන් පාන් කියාගන්න පන නෑ සාන්ත.....හයියෝ ඒ අස්සේ මේ ජරා අකවුන්ට් සබ්ජෙක්ට් එක ඇයි බං ලාස්ට් පීරියඩ් දෙකටම සෙට් වෙන්නේ.... මේ සමාගම් හුත්තවල් හින්දා මට නම් දැන් ඕන ලබ්බක් කියලා මෙතනින් නැගිටලා දුවන්න හිතිලයි තියෙන්නේ  ........ හැබැයි මගේ නැට්ටනං පුදුම ගෞරවයකින් සහ භක්තියකින් තමයි මේ අකවුන්ට්ස් පාඩමට කන් දීගෙන හිටියේ....

" නවෝද්....."

" ම්ම්......"

" අනේ මට එලියට යන්න ඕනේ ඕයී....."

" විකාර නොකර පාඩුවේ හිටපං රෙහාන්...."

" උඹට මේ තඩියා කියන දේවල් අහගෙන ඉදලා නිකං වමනෙට වගේ නැද්ද ඕයී....."

" ඇයි උඹ ප්‍රෙග්නට්ද...."

" ඔව් දැන් සති තුනක්....."

" සිරාවට....කවදු බං තාත්තා...."

" මහිම නිම්සර තෙන්නකෝන්...."

" අපෝ ඌට එච්චර දෙයක් කරගන්න බෑ මචං....."

බුදු අම්මෝ යකෝ මෙහෙමත් තමන්ගේ මිනිහට අපහාස කරනවද මං අහන්නේ මොනවා වුනත් මගේ මස්සිනාට එහෙම කියපු එක හෙන වැරදී...මොකද කට අවුල් වුණාට පොරගෙ හිත හොදයි...ඊටත් වඩා පොරට සල්ලි තියෙනවා.... අන්න ඒ ගැන අපි අමතක කරන්න හොඳ නෑ.....

Dear choristers,

Everyone gather to the main hall in ten minutes.
I'll repeat the notice again.
Please everyone gather to the main hall in ten minutes.

Thank you...

කවුරු මාව අත ඇරියත් ඔයා මාව අත අරින්නේ නෑ කියන්න මං දන්නවා දෙයියෝ....අනවුන්ස්මන්ට් එක ඇහුනා විතරයි බන්දුලගේ මූණත්තහඩුව නිකං පෙරේතයා පයිං ගහපු කක්කුස්සි බාල්දිය වගේ දෙක  වෙනකොට මායි මගේ නැට්ටයි තව අපේ ක්ලාස් එකේ හිටපු කොල්ලො දෙතුන් දෙනෙකුයි අපේ පුටු වලින් හෙන ගැම්මට නැගිට්ටා.....සේරටම හපං අපේ අකවුන්ට් සෑර් අපි දිහා බලාගෙන හිටපු ලයින් එකෙන්ම මට කියන්න පුලුවන් තව විනාඩි කිහිපයක් ඇතුළත මිනිහගේ සියලුම සෛල ටික ඩෙඩ් ලයින් එක පන්නන බව....

~හීන~ Where stories live. Discover now