64 වන කොටස

195 23 59
                                    

තාමත් වලිය කන්ටිනියු වෙච්ච හින්දම ඒකෙ අතුරු ප්‍රතිඵල විදින්න සිද්ද වුනේ මගේ අහිංසක මස්සිනාටයි එයාගේ ආදරණීය වස්තු කැටේටයි...පව් උන් දෙන්නට නිදහසේ පෙමක් කෙලින්නත් නෑ...පේනවනේ ඉතිං මං වගේ යාලුවෝ සෙට් කර ගත්තම ඔහොම දේවල් වුනත් සිද්ද වෙන්න පුලුවන්....විශේෂෙන්ම මේ මං වගේ මස්සිනාලව සෙට් කර ගත්තම....

" මේ උඹලා දෙන්නා දැන් ඔය වලිය අද ඉවරයක් කරගන්නේ නැද්ද බං......"

මහිමයා එහෙම අහනකොට මං ඌව සත පහකටවත් ගනන් ගන්න ගියේ නෑ....පොරට උගෙ මිනිහා නැතුව හෙන අමාරු ඇති......

" ඒ බං රෙහාන්....දැන් ඇයි බං මේ උඹලා දෙන්නා ඔහොම දෙපැත්තකට වෙලා ඉන්නේ අහ්....."

ඒ ප්‍රශ්නෙ එල්ල වුනේ අපේ රිතික අයියගෙන්...මට එයත් එක්ක නම් පෞද්ගලික තරහක් ඇත්තේ නෑ තමයි....ඒ වුනාට මං එයා අහපු ප්‍රශ්නෙටත් උත්තර දෙන්න ගියේ නෑ....

" සුදු මැණික මට කියපං මයෙ අම්මා....මේ සන්දේශයා මයෙ සිනීබෝලෙට සැර කරාද අහ්....."

හුම්.....සාන් අයියට විතරයි මං ආදරේ....

" ඔව් ඒයි....මේ මහිමයගෙ සගෝදරයට එක නහරයක් වැඩීලුනෙ...එයා ඔය පෙන්නන්නෙ ඒකෙ පවර්ස් තමයි....."

" බොහොම වැරදී .....මට එකහෙලා මේ ප්‍රශ්නෙට දැන් මැදිහත් වෙන්න සිද්ද වෙනවා.....ඒ සන්දේසයො.....උඹ මොකෝ මේ පොඩි දරුවගෙ හිත රිද්දලා තියෙන්නේ අහ්...."

" මං රිද්දපු ලබ්බක් නෑ බං...ඌම හිතාගෙන ඌම නටනවා....ඉතිං ඒකට මං මොනවා කරන්නද......"

" එහෙම හිතුවේ එයා ඒ විදියට හැසිරිච්ච හින්දනේ අයියේ...."

" හරිනෙ...ඔය තියෙන්නෙ ඉතිං....මේ පොඩි එකා කියනවනම් උඹ එහෙම කරන්නැති....."

" රිතික....."

ෂාන් අයියා කියපු කතාවට මල පන්නගත්තු මගේ සහස් එයාගේ ලොකු අම්මිගෙ පුතා දිහා බලාගෙන පුප්පනකොට කෝකටත් කියලා මං ඒ සීන් එකෙන් කැපිලා යන්න ඕන කියලා තීරණය කරා...තෝරු මෝරු මරාගන්න අස්සේ මං වගෙ හාල්මැස්සෝ ගැවසෙන එක එච්චර නුවණට හුරු නෑ.... ඒකයි....

" මං නම් කියන්නේ උඹ ගහපං සහස්.....මූ කාගෙන්හරි ගුටි කන්නත් ඕනෙ....."

~හීන~ Kde žijí příběhy. Začni objevovat