02 වන කොටස

336 48 83
                                    

"රට රකින අපේ විරුවා......"

"ගෝඨාභය....."

"මව් බිමට හෙමින් ඇරියා..."

"ගෝඨාභය...."

"රට රකින කෙනෙක් වේ නම්...."

"ගෝඨාභය...."

"ඒ ඔබයි උතුම් පගයා....."

"ගෝඨට අම්මට හිකෙන්න යන්නෙ අන්න පිනා මේ පැත්තට එනවා....."

මෙච්චර වෙලාම පොහොට්ටුවට කඩේ ගියපු 12 commerce 02 එක පිනා එනවා කියලා දැක්ක ගමන්ම මීක් නොගා සිරිමත් පට්ටම පට්ට ගහන්න පටන් අරගෙන තිබුනා.........අද නම් ඉතිං ලොවෙත් බුදු සරණයි පුතේ... උඹලා නැවැත්තුවා වුනාට ඌ දකින්න ඕන සේරම ටික දැකලා ඉවරයි....... වෙනදට පන්තියේ කුප්ප වැඩක් පටං ගන්නව නම් ඒ පටං ගත්තේ මං වුනත් අද මං මගේ පාඩුවේ බිත්තියේ කොනක් අල්ලගෙන ඔහේ ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන හිටියා..... ඒ වුනාට ඉතිං සක්කිලි පන්ති කාමරයක නමගිය ශිශ්‍යයෙක් වෙච්ච රෙහාන් අද සයිඩ් ගහලා හිටියට උගෙ අර ඇට්ටර පාප මිත්‍රයො ටික හින්දා අද මටත් කක්කුස්සි හෝදන්න වෙන එක නම් ආයේ ෂුවර් ෂොට්......... කෝ බං මේ නවෝද්........ආර්ට් රූම් එකට ගිහින් එන්නම් කිව්වමයි තාම බැරි වුනා මූට මේ මාව බලන්න අපේ කරවල වාඩිය පැත්තට පය ගහලා යන්න .....

" පොහොට්ටුවට කඩේ ගියපු උන් ටික නැගිටිනවා බලන්න....."

නවෝදයගෙ සිහියෙන් හිටපු මාව එක පාරම උඩ ගියේ පින්සාර පිනාගේ සුමදුර වොයිස් එකට කරන්ට් වැදුනු හින්දා වෙනකොට අනේ හා හා පුරා කියලා මගේ නැට්ටත් දැන් තමයි අපේ මේ ක්ලාස් එක ඇතුලට ගොඩ වුනේ... අද නම් උඹට සම්මා සම්බුදු සරණයි පුතේ... පින්සාරයට අද නහුතෙටම නැගලා .....

"තමුන් කොහෙද මේ අවේලාවේ රවුම් ගහන්නෙ අහ්....."

ඔය ඔය මං කිව්වේ....අනේ මගේ සහෝදරයා අද ගුටිකයිද දෙයියනේ...

"සර්.... නන්දනී මිස් මට ආර්ට් රූම් එකට එන්න කිව්වා........."

ටසිරි... උඹ මගේ එකා... පොල්ලෙන් ගැහුවා වගේ පින්සාරයගෙ හොර කෑල්ලවම පාවලා දුන්නා නේත ඔයා........"

" හරි හරි ගිහින් ඉදගන්නවා.....උඹලටත් ඉතිං කියන්න මොනවමහරි දෙයක් තියෙනවනේ......."

~හීන~[ONGOING]Where stories live. Discover now