35 වන කොටස

205 22 11
                                    

මං හිටියේ සහස්ගෙ ගෙදර ඉස්සරහා හිටගෙන....වෙනසක් නෑ....ඒ ගෙදරත් මිහිපිට හදලා තිබුණු අරුම පුදුම මාළිගාවලින් එකක්......

" එන්න යමු....."

" අයියේ......"

" බය වෙලාද ඉන්නේ.....ම්ම්....."

" එහෙම දෙයක් නෙවෙයි......"

" මාව විශ්වාසයි නේද.......රෙහාන්...."

" ඔව්...."

" එහෙනම් එන්න ඇතුලට....."

සහස් මගෙ එක අතකින් අල්ලගෙන ඒ මාලිගාව ඇතුලට මේ මාත් එක්කම ගොඩ වුනා.....ඇත්තටම එයාලගේ ගෙදර හුඟක් ලස්සනයි....මුලු ගෙදරම එලිය වැටිලා තිබුනෙ සුදු පාට බිත්ති වලින්... හැබැයි ගෙදර තිබුණු හැම බඩුවක්ම වගෙ වෙන් වෙලා තිබුනේ කලු පාට වෙනුවෙන්...ඇත්තටම හුඟක් ලස්සනයි...... ඒ ගෙදරට උරුම වෙලා තිබුනේ හරිම යුනික් ඒ වගේම ලක්ෂූරියස් ලුක් එකක්.....බලං ගියාම මැර මාමණ්ඩියගෙ චොයිසසුත් නරකම නෑ වගේ. ...........

ගෙදර තිබුණු ලස්සනට වහ වැටුණු මට ඊළග පාර තරු විසිවෙන්න පටං ගත්තේ පැත්තකට වෙන්න තියලා තිබුණූ සෝෆා එකේ ඉදගෙන හිටපු ඔස්තියෝපිතිකස් ආදි මානයව දැක්කට පස්සේ.......

" අහ් රෙහාන්..... එන්න ඇවිත් ඉදගන්න....."

මහිම ගෙ කටින් මගේ නම පිට වෙනවත් එක්කම මෙච්චර වෙලා අර ගඩොල් බෑය කොට කොට හිටපු ආදි මානවයගෙ සිහිය මේ ලෝකෙට ආවද කොහෙද......

" උඹ....."

" උඹ...."

එකම වෙලාවේ එකම විදියට අපි දෙන්නම එහෙම ඇහුවේ අර ඉස්පයිඩර් මෑන් මීම් එකේ වගේ එක එකාගේ පැත්තට ඇගිල්ල දික් කරගන්න ගමන්

" ද්‍රෝහියා....."

" ඇත්තමයි කියන්නේ...මං මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ......මෙන්න මේකා තමයි මට කෝල් කරලා මෙහාට එන්න කියලා කිව්වේ...."

නවෝද් එහෙම කිව්වේ බොහොම පහත් විදියට උගෙ මිනිහව මං ඉස්සරහම පාවා දෙන ගමන්....

" යකෝ තොට බැරි වුනාද මට කෝල් එකක් වත් දීලා කියන්න අහ්....."

" ඉතිං මං දන්නවද ඕයි...ගෙදර යන්න හදපු මාව මෙහාට ගෙන්න ගත්තෙ මෙන්න මෙයා තමයි....මං අහිංසකයි...... බකන්නෙලං බලං ඉන්නැතුව මොනාහරි කියහංකෝ අයියේ......"

~හීන~ Where stories live. Discover now