31 වන කොටස

119 15 26
                                    

ආතල් ඩිනර් අවුට් එකකට පස්සේ මට අකමැත්තෙන් වුනත් මගේ ගෙදර වත්තට අඩිය තියන්න සිද්ද වුනා...වෙලාව දහයයි කියලා කියන්නේ මේ වෙනකොට ලෝයර් මහේන් අනිවාරෙන්ම අර කොම්බුව නාලිකාවේ යන නිව්ස් බලන වෙලාව....... අවුලක් නෑ....අද තාත්තා මට මොනවා කියලා බැන්නත් මං ඉන්නේ හුඟාක් සතුටින්...ඒ නිසා ඒක එච්චර ලොකු ගානක් වෙන එකක් නෑ කියලා මං හිතනවා.....

රිතික අයියා කොහොමත් යන්නේ ලක්ෂාන් අයියා එක්කනේ..එතකොට නවෝද් දැන් මහිම අයියා එක්ක උගෙ ගෙදර ගිහිනුත් ඇති...සහසුත් මාව ගෙදර ගාව පාරෙන් ඩ්‍රොප් කරලා ඉක්මනට ගෙදර යන්න ඕනේ කියලා කිව්වා....ආයේ ඉතිං කවදා හම්බවෙන්න වෙයිද කියලා දන්නේ දෙයියොම විතරක් වෙනකොට මං ඒ දෙයියොන්ටම හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් මගේ වාස භූමියට ඇතුල් වුනා......ප්ලීස් මගේ සතුට නැති වෙලා යන විදියෙ දෙයක් නම් අද සිද්ද වෙන්න එපා දෙයියනේ...මොකද අද මගේ හිත මට කියාගන්න තේරෙන්නේ නැති තරම් ලොකු සතුටකින් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ.....

ගෙට ඇතුලු වෙනකොටම මං දැක්කෙ මගේ තාත්තව... ඔය ඉන්නේ ලෝයර් මහත්තයා රට වටේටම දෙහි කපන ගමන්.....

"චූටි බේබී මං කෑම ලෑස්ති කරන්නද......"

ඒ නන්දා අම්මා...කොයි වෙලාවක හරි මට මේ මනුස්සයා හින්දා හාට් ඇටෑක් එකක් හැදිලා තමයි නවතින්නේ...ඇයි ඉතිං කොහේ හරි ඉදගෙන චූටි බේබී ගාගෙන එලියට එනකොට මං බය නොවී තියෙයිද අනේ..

" එපා නන්දා අම්මෙ...මං කාලා ආවේ..... නන්දා අම්මා කාලා කෑම ටික අස් කරලා දාන්නකො...."

" හරි චූටී බේබී....."

නන්දා අම්මගෙන් නම් බේරුනා... හැබැයි ඉතින් මේ ලෝයර් අප්පොච්චිගෙන් බේරෙන එකනම් කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් සාන්ත....

ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතාගෙන මං මගේ රූම් එකට යන්න ලෑස්ති වුනා..ඒත් ඉතිං එච්චරම තමයි.... පඩිපෙලට අඩිය තියනකොටම වගේ මගේ තාත්තගේ කට හඬ මට කලින් ඉස්සර වුනු හින්දම මං තියපු අඩිය ආපහු වතාවක් මට ආපස්සට ගන්න සිද්ද වුනා........

" රෙහාන්...."

" තාත්තා......"

" කොහෙද මෙච්චර රෑ වෙනකං ගිහින් හිටියේ අහ්....."

~හීන~[ONGOING]Where stories live. Discover now