62 වන කොටස

217 20 51
                                    

නන්දා අම්මා රෑට කන්න උයනකොට අපි හතරදෙනත් ෂේප් එකේ කුස්සියට ගිහින් නන්දා අම්මගෙ වැඩ වලට උදව් පදවි වෙන්න පටං ගත්තා .... හැබැයි ඉතිං උදව් වුනා කිව්වට මොකද ඇත්තටම එතන වැඩක් කරේ මගේ මිනිහයි එතකොට මගේ හොර මිනිහයි විතරයි.....උන් දෙන්නා ඒ විදියට අපේ නන්දා අම්මට උදව් කරනකොට මායි මගේ මක්සිනයි කරේ කැරට් අල දෙකක් දෙසාබාන්න පටං ගත්තු එක.... කැරට් අඩුවට ගත්තේ කොහෙන්ද කියලා අහන්න එපා..... නන්දා අම්මා තමයි ඔව්වා උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ.......

" කෝ තියන්න පුතේ මං ඕක කපන්නං....."

" අනේ මේ නන්දා ඔයා පැත්තකට වෙලා ඉන්න අනේ....එලෝලු කපලා මට අවුරුදු දහ නවයක පලපුරුද්දක් තියෙනවා ....අර පුටුවෙ වාඩි වෙලා ඉන්න පින් ඌරා වගේ නෙවෙයි මේ නවෝද් පුතා......."

" තෝ පිං ඌරා කිව්වේ මටද අහ්...."

මං එහෙම ඇහුවේ මගේ අතේ තිබුණු කැරට් කෑල්ලෙන් නවෝද්ට තර්ජනය කරන ගමන්...

" ඔව් තොට තමයි....තොට හරියට පරිප්පුවක්වත් හදාගන්න පුළුවන්ද කියහං සුනකයා......"

" හරි හරි ඉතිං...... උඹලා හදන ඔය මගුල් ටික කන්නත් එකෙක් ඉන්න එපැයි...."

" අනේ පව් උඹට පින් බත් ගිලලා හෙන මහන්සි ඇතිනේ...."

මං කියන්නෙ මෙහෙම සමාජයක් ඉස්සරහා මාව නෝන්ඩි කරන්න මූට වටින්නේ නෑ උදේනි අම්මේ..... අරූගේ සක්කිලි මිනිහා මට පුපෙනුත් එක්ක හිනා වෙනවා....

" මහන්සි තමයි ඩෝ...උඹලා හදන කෑම කාලා මට හොයාගන්න බැරි ලෙඩක් වුනත් හැදෙන්න බැරි නෑ...."

" දැන් උඹ මොකක්ද කියන්නේ අහ්......"

නවෝදයා එලෝලු කප කප හිටපු එක පැත්තක දාලා පිහියත් අමෝර ගෙන මගේ දිහාවට ලං වෙනකොට මං එහෙම්මම පුටුවෙ පිටිපස්සෙ ඇන්දට හේත්තු වූනා.......

" සුදා මේ......ඔව්වා හෙන භයානක වැඩ හොදේ....ඔය පිහිය පොඩ්ඩක් පැත්තකින් තියහංකො උදේනියො... "

" ඇයි දැන් මං හදන කෑම වලට මක්ක වෙලාද කියපං...."

" ඇ....ඇයි අහන්නේ මතක නැද්ද තෝ දවසක් මට පැෂන් ජූස් එකක් හදලා දුන්නා...හෑපෝ... ඒක මං බිව්වට මොකද බල්ලෙක්ටවත් ඒ හත්තිලව්ව බොන්න පුලුවන්ද කියලා කියහංකො...."

~හීන~ Where stories live. Discover now