03 වන කොටස

316 44 62
                                    

"ඒ මල්ලි... ඔන්න ඔය රතු පාට රිබන් පටි රෝල මෙහාට දීපං කොල්ලො.......

"අයියෙ මේ මහත එකද නැත්තං අර අනිත් එකද ඕනේ..''

" හීනි පටි රෝල දීපං ......"

" අහ් මෙන්න....."

"තෑන්කස් බං... අනේ කොල්ලො තරහ නැතුව ගිහින් අර පොඩි එවුන්ට තීන්ත ටික ගාගන්න පොඩ්ඩක් උදව් කරපං මල්ලි.. නැත්තං ඕකුන් හත් පොලේම ගාගෙන මෙතන වැඩේ දෙක කරගන්නවා.."

"හරි අයියේ මං යන්නම්......"

ආතල් එකක් ගන්න කියලා මායි නවෝදුයි ඉස්කෝලෙන් පස්සේ ග්‍රවුන්ඩ් එකේ නතර වුනාට මොකද දැන් පැය දෙක තුනක් දිස්සෙ ඉදන් මං ඌව මගේ ඇහැකටවත් දැක්කෙ නෑ..... අද බ්‍රහස්පතින්දා.......හෙට අපේ ප්‍රයිමරි එකේ ඇච්චොන්ගේ හිච්චි ඉස්පෝට් මීට් එක......උන්ට නැහීගෙන අපි හවුස් හදන්නයි....උන් ඇවිල්ලා ෆුල් ආතල් එකේ මෙතන පුටු රත් කරන්නයි.. යසයි ඉස්කෝලේ නම ඉස්සරහට ගෙනියන්න මග බලාගෙන ඉන්න පොඩි පගයො ටිකගෙ හැසිරීම නම්.... එක අතකට දොඩම් ගෙඩි දහයක් උස නැති මුන් කොහේ කියලා හවුස් හදන්නද.... උන්ගේ හවුසස් හදන්න ඕනෙත් මේ අපි.. ඔන්න අපේ හවුසස් හදද්දී නම් හොරාවට ඕල්ඩ් බෝයිස්ලත් ඇවිල්ලා ෂේප් ඒකේ වැඩේට හොම්බ එහෙම දාලා යනවා...... එව්වා ඉතිං පෞද්ගලිකයි රහසිගත යි....

රතු පාට තීන්ත බාල්දි ගොඩක් එක්ක ඔට්ටු වෙච්ච පහ වසරේ ඇටකිච්චො ගාවට ගියාට මොකද උන් කතා කරන දේවල් ඇහුනම ඒ ලෙවල් පන්තියෙ උන්නු මට මෙතනම බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගන්න හිතුනා සාන්ත......මොකද උන් කතා කරේ දෙවෙනි ඉනිම ගැනවත් හවසට යන ඉස්කුබිඩුබිඩූ ගැනවත් එහෙම නෙවෙයි.....අර එකොළහ වසර විද්‍යාව දෙවෙනි අච්චු පොතේ තිබුණු ඒ රූප දෙක ගැන..... සරලව කිව්වොත් කැත නැතුව මේ ඇට්ටරයෝ ටික කතා කර කර හිටියෙ අපිවත් තැන තැන කියවන්නේ නැති බබාලා ක්‍රියේට් කරන ප්‍රොසෙස් එක ගැන..

" නෑ නෑ බං එහෙම නෙවෙයි.... මං වීඩියෝ එකකින් බැලුවනේ......"

දෙයියනේ පින්සාර.... උඹගේ ඉස්කෝලෙට නම් අඹ සරණයි දෙවි පිහිටයි පුතේ ..........

" මූ දන්න මගුලක් නෑ බං.......මං අපේ අයියගෙන් ඔක්කොම ටික අහගත්තා..... ඒක කරන්නේ මෙන්න මෙහෙමයි........ ඔන්න අහගනින් ........."

~හීන~[ONGOING]Where stories live. Discover now