46 වන කොටස

82 16 3
                                    

" මේ මාමේ......"

" ම්ම්....."

" මං ගිහින් කන්න මොනවහරි අරගෙන එන්නද ඒයී......"

" ඇයි උඹ අද දවල්ට ඉව්වෙ නැද්ද කොල්ලො....."

" නෑනේ මාමේ.....මේ දවස් වල අපේ නන්දා ගමේ ගිහිල්ලනෙ...."

" එතකොට උඹ අද උදේට කෑවේ මොනවද අහ්......".

" මාලු පාන් ගෙඩියකින් ෂේප් වුනා...."

" එතකොට ඊයේ දවල්ට........"

" කඩෙන් කෑවා අනේ...."

" එතකොට පෙරේදා...."

" එදත් කඩෙන් තමයි......ආ......ආව් අනේ කන අත අරින්නකො රන්දිලු.... රිදෙනවා අප්පා...."

" අහ් රෙහාන්...එතකොට උඹ දැන් මේ සතියෙම ගිල්ලෙ කඩෙන්ද අහ්...."

" ඔව් ඉතිං......මං උයාගෙන කන්න දන්නෙ නෑනෙ...අනේ සුදු මාමේ කන ගැලවෙයි අනේ....අත අරින්නකො...."

" ඈ බොල ගොං බූරුවො..... උඹට ගැස්ට්‍රික් තියෙනවා නේද...."

" ඕ ඉතිං......"

" ඉතිං කියන්නෙ රට වටේම තියෙන සේරම ලෙඩවල් ටික තියාගෙන උඹ සතියක් දිස්සෙ කඩේ බත් ගිලින්නෙ උඹට මාන්දමද රෙහාන්....."

" කඩේ බත් කෑවා කියලා මැරෙන්නේ නෑ රන්දිලු......"

" උඹට අද මම......."

" ගහන්න එපා ඕක අපේ නන්දාගෙ ආසම කොස්ස දෙයියනේ...."

සතියක් දිස්සෙ කඩෙන් කෑමේ විශාල පාපයට වැරදි කාරයෙක් වෙච්ච මගේ පස්සෙන් අපේ රන්දිලු කොස්සක් උලුක්කු කරගෙන ගේ පුරා පන්නනකොට මං පැනපු ගමන්ම දිව්වෙ ගෙදර ඉස්සරහා පැත්තෙ දොර දිහාවට...අනේ අපරාදෙ කියන්න බෑ මගෙ වෙලාවේ හොඳ කම කියන්නේ මගේ උදේනියත් හිටියේ අපේ ගේ දොර කඩ ගාව හිටගෙන....... ඉතිං ලැබුනු අවස්ථාවෙ හැටියට ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත මම කරේ ආපු වේගෙන්ම දුවලා ගිහින් නවෝද්ගෙ පිටිපස්සට වෙන්න හැංගිච්ච එක.....

" මාව බේරගන්න ඒයී..... අපේ රන්දිලු මෙතන පරල වෙලා...."

" ඇයි උඹ ඒ පාර මොන මරාලයක්ද පෙරල ගත්තේ අහ්....."

" තාම පෙරලුනෙ නෑ.... දැන් තමයි පෙරලෙන්න යන්නේ....."

" ඒ මන්දා උඹ ගන්ජා ගහලද බං ඉන්නෙ....."

~හීන~[ONGOING]Donde viven las historias. Descúbrelo ahora