44 වන කොටස

91 14 4
                                    

"ආයිෂ්.......මොකාද මේ උදේ පාන්දර වාත වෙන පකිස් බූරුවා.......ම්ම්......අයියේ............අයියේ නැගිටිනවකො මිනිහෝ....."

" ම්ම්....."

"හුම් හුම් නෙවෙයි ගිහින් දොර පොඩ්ඩක් අරිනවකෝ......."

" අනේ මේ...... උදේ පාන්දර වද දෙන්න එපා බං........"

මහ පාන්දර හතරට විතර නින්දට වැටුණු අපි දෙන්නම හිටියෙ ට්‍රේන් ටු බුසාන් එකට රගපාන්න ඇදගත්තු සොම්බියො දෙන්නෙක් ගානට හෙම්බත් වෙලා....

" අනේ අයියේ........ගිහිං පොඩ්ඩක් බලනවකෝ....."

" කට පියාගෙන බුදිය ගනිං රෙහාන්......."

අවුල් වෙච්ච කොන්ඩෙත් එක්ක බොහොම අමාරුවෙන් ඇර ගත්ත තනි ඇහැට පේන දර්ශන පථයෙන් මං සහස්ව හොයාගෙන ඒකාව නැගිට්ටවන්න හදනකොට ආපිට සහස් කරේ මගෙ බෙල්ලෙන් අල්ලලා මූණ කොට්ටෙ අස්සට ඔබපු එක......අනේ මගේ ඤහයත් එක්ක තැලුනද කොහෙද සාන්ත....

" අයියේ......"

" ඇයි බං...."

" ගිහින් අර දොර පොඩ්ඩක් ඇරලා බලන්නකො අනේ...."

" මට බෑ..... උඹට ඕනෙ නම් පලයං ....."

දොර අරින්න බෑ කියලා සහස් ආයෙම වතාවක් මෙතන රෙද්ද පොරවං බුදියගන්න හදනකොට මේ පාරනම් මගෙත් ඉවසීමෙ සීමාව අන්තෙටම පැන්නුවා.....

" නැගිටපිය කුම්භකරනයා......"

" ආ..... ආව් බං ..... මගේ කොන්ද ...."

" එකපාර නැගිට්ටනං ඔහොම වෙන්නේ නෑනේ......."

" මැරියං උඹ......"

"දැන්ම බෑ ඒයී........තාම කසාද බැන්දෙත් නෑනේ.........."

ආයෙම වතාවක් රෙද්ද පොරවං බුදිය ගන්න හදපු මගේ කටුස්සට එල්ල වෙච්ච පා පහර නිසා අමාරුවෙන් වුනත් ඒක රිදුනේ නෑ වගේ රගපාන්න හදන අයියා දිහා මං බලාගෙන හිටියේ පුදුම අමාරුවෙන් මගෙ හිනාව කාගන්න ගමන්......මොකද මේ වෙලාවේ මං හිනා වුනොතිං එහෙම ඒක මේ අහිංසක කොලු පැටියගෙ අවසාන තත්පර කිහිපය බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩී.......

ඇදෙන් බිමට වැටුණු එකේ වාඩුව ගන්න කියලා හිතාගෙන ආපිට මට තඩි කොට්ටෙකින් දමලා ගහපු සහස් උදේ පාන්දර ආපු එකාටත් දෙහි කපන ගමන්ම කාමරෙන් එලියට යන්න යනකොට මාත් හෙන ගේමක් දීලා මගේ ඇස් දෙකම ඇරගෙන ඇඳ උඩින් පොඩ්ඩක් වාඩි වුණා....ඇත්තමයි මට නම් දැන් සිරාවටම දැනෙන්නෙ මාව වෙන කොහෙන්හරි ගෙනල්ලා මෙතනට අත ඇරියා වගේ මහ කුජීත හැගීමක්...... ඒ තරමටම මගේ නිදිමත ගැන මට විස්තර කරගන්න තේරෙන්නේ නෑ........

~හීන~[ONGOING]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ