25 වන කොටස

111 16 92
                                    

ස්පෝට්මිට් එකෙන් සති දෙකකට විතර පස්සෙ අපේ පලවෙනි වාර විභහගෙත් ඔන්න එහෙනම් පටං ගත්තා... අද තිබුනේ බී.ස් පේපර් එක...ලෝයර් අප්පොච්චිට ඉතිං වාර විභහගෙට වඩා අර මිඩ් ටර්ම් ටෙස්ට් එකක් ලොකු වුනාට මොකද ඔය මාසේ මැද තියෙන පුංචි පුංචි විභහග ගැන කවුද අනේ ඉතින් ගනං ගන්නේ... හැබැයි පහුගිය දවස් ටිකේම ස්පෝට්ස් මීට් වැඩ වලටයි ඔය තව තව දේවල් වලටයි බිසී වෙච්ච හින්දම මට මගේ පාඩම් වැඩ ටික යාන්තමට වගේ පොඩ්ඩක් අතරින් පතර මිස් වුනා... මේ ලොකුවට එහෙම නෙවයි ඉතිං... ඉතාමත් සුලු වශයෙන් තමයි ඔය අතපසුවීම් එහෙම මගේ අතින් සිද්ද වෙන්න ඇත්තේ...

දහයා මාරට දෙන්න ඕන ඉන්ටර්වල් එක මගුලේ බී.ස් පේපර් එකක් හින්දා එකොලහ මාරට විතර අපිට හම්බවෙනකොට මං කෙලින්ම නවෝද් එක්ක අපේ බිල්ඩින් එකෙන් පහලට බැස්සෙ පාසලේ ආදරණීයම ස්ථානය වෙච්ච ඉස්කෝලේ ආපනශාලාව පැත්තේ පොඩි රවුමක් ගහන්න ඕනේ කියලා හිතාගෙන.......

" අඩෝ මේ....."

" ම්ම්....."

" පේපර් එක ලේසිද බං...."

" මොන පිස්සුද හලෝ... ඊයේ රෑ එක හුස්මට කියවගෙන ගියපු පිටු විස්සත් මට අමතක වුනා කියහංකෝ........."

" සර් දීපු ටියුට් එකද...."

" සයිකොද උදේනි...අර හොරාට හොරාට කොට්ටේ අස්සේ තියාගෙන මං කියවන පොත තියෙන්නේ අනේ.. අන්න ඒක.......

" නොදකින් ගල් මූසලයා...යකෝ මං හිතුවේ තෝ මේ අවුරුද්ද පටං ගද්දී දීපු පඩි ටෝක්ස් වල හැටියට මේ පාර අයිලන්ඩ් ෆස්ට් එක මරදානට සෙට් වෙයි කියලා....."

" පිස්සුද ඒයි.....මට එච්චර දෙයක් කරගන්න පුළුවන් කියලා උඹ හිතනවද සුගතපාල ....."

" හරි නමින් කතා කරපංකෝ රෙහාන්.... සුගතපාල ලු උදේනිලු............ මොන මගුලක්ද මේ...."

" ආදරේ නිසානේ මේ සේරම සඳමාලි....."

"ඒක නෙවෙයි බං ....මං මේ සිරාවටමයි අහන්නේ......"

" ඔව් අහපං....."

" අපි දෙන්නා පාඩම් කරපු විදියේ මොකක්හරි අවුලක් තිබුනද රෙහාන්..."

" නෑනේ....."

" ෂුවර්ද...."

"ඔව් ඔව් ...අපි පාඩම් කරා... ඒ වුනාට පේපර් එක අමාරුයි..... අන්න ඒකයි මෙතන සිද්ද වුනේ....."

~හීන~[ONGOING]Where stories live. Discover now