70 වන කොටස

191 17 43
                                    

රෑට කන්න මොනවහරි ගේන්නං කියලා එලියට ගියපු සහස් විනාඩි විස්සක් වගේ යනකොට ආපහු ගේ ඇතුලට ගොඩ වුනා.....ඔන්න ඉතිං ඒ වෙනකොට නම් අර සූකරයෝ දෙන්නා මාත් එක්ක යාලු වෙලයි හිටියේ....මහිමයා නම් ඔය ඉදලා හිටලා මට අමුතු විදියේ හින්ට් පාස් නොකෙරුවම නෙවෙයි.... හැබැයි මං ඒ කක්කුට්ටව වැඩිය ගනන් ගන්න ගියේ නෑ......

" මොනවද ගෙනාවේ....."

" කොත්තු....."

" චීස්....."

" ම්ම්....."

කෑම පාර්සල් දෙකක් අතේ තියාගෙන හිටපු සහස්ගෙන් මහිම මොනවද ගෙනාවේ කියලා අහනකොට ගෙනල්ලා තිබුනේ චීස් කොත්තු කියලා දැන ගත්තා විතරයි අරුගෙ මූණ නිකං රෑට හන්දියෙ තිබිච්ච බාර් එකට බල්බ් දැම්මා වගේ එලිය වැටිලා ගියා.....උන්ට චීස් කොත්තු හම්බ වෙනකොට මටයි සහස්ටයි කියලා එයා අරගෙන ඇවිල්ලා තිබුනෙ කපලා හොදි දාපු උනු උනු පරාටා පාර්සලයක්....දැක්කත් ඇති මගෙ බඩට කලින් හාට්ටුව පිරිලා ගියා සමන්ත.......

" ඒ කෝ අනේ මේකේ චිකන් හොදි නෑනේ...."

කාපු පලවෙනි පරාටා කෑල්ලෙන් මට චිකන් හොදි රහක් දැනුන්නැති හින්දම මං අයියා දිහා බලාගෙන කෝ චිකන් හොදි කියල අහන්න පටං ගත්තා... අර කඩේ පකයා මේකට චිකන් හොදි දාලා තියෙන්නේ හතරට එක අනුපාතෙට වෙන්න ඇති මයෙ හිතේ... ඇයි යකෝ මට මේකෙන් එන්නේ නිකං පරිප්පු රහක් විතරනෙ හත්තිලව්වේ....

" අයියේ....."

" මොකද...."

" මේකෙ චිකන් හොදි නෑනේ අනේ..."

" ඇයි උඹ මහසෝනාද හැමදිස්සෙම කුකුල්ලුන්වම ගිලින්න ඉල්ලන්නේ....."

" අනේ ඉතිං පරිප්පුත් එක්ක කන්න බෑ ඕයී....."

" උඹට චිකන්ම තමයි ගිල්ලවන්න ඕනෙ.... මගේ යකා අවුස්ස ගන්නැතුව ඔන්න ඕක කාපං රෙහාන්...."

මූ මට මෙතන දෙහි කපනකොට අර ඩබලට හෙන ජොලි ඇතිනෙ... දෙන්නත් එක්ක ෂේප් එකේ කැකිරි පලන්නෙ මට පල් එක දාන්න ඕන හින්දනේ.....තොපි දෙන්නගේ හනි මුන් එක දවසට මං බඩ යන්න බෙහෙත් දුන්නේ නැත්තං මගෙ නම රෙහාන් නෙවෙයි...බලාගෙන හිටපං.... අර සරා අයියා කිව්වත් වගේ මං රිටන් එක දෙන්නේ එකට දෙක බැගින්.....

~හීන~ Where stories live. Discover now