39 වන කොටස

219 22 12
                                    

" මේ ඕයි අයියේ......"

" ඇයි මොකෝ...."

"උඹලා කුඩු විකුණනවද බං......"

නවෝදයා ඒ අහපු තුප්පහි කතාව හින්දම කල්ප කාලාන්තරයකට පස්සෙ ආසාවෙන් අතට ගත්ත චොකලට් හෝලික්ස් උගුරත් තව පොඩ්ඩෙන් මට පිට උගුරේ ගිහින් තමයි නවතින්නේ......

" ඇයි උඹ එහෙම ඇහුවේ....."

" නෑ ඉතිං මහිම අයියගෙ අප්පච්චි නම් මැරයා කියමුකො...එතකොට උඹලගෙ අප්පච්චි මාෆියා කාරයෙක්ද බං...."

" නෑ මයෙ අම්මා...අපේ අප්පච්චි ඔය පව්කාර වැඩ වලට අත ගහන්නේ නෑනේ වස්තුවේ... එයා කරන්නේ වෙන රස්සාවක්......."

ලක්ෂාන් කාරයා දත් මිටි කන ගමන් අරුගෙ ඔලුව අත ගගා ඔය කතා කරන විදියට නවෝදයා මේ දැන් උගෙන් ඔලුව හිල් වෙන්න ටොක්කක් කයි කියලා මගේ හිත නිකං කෑ ගහනවා කෑ ගහනවා වගේ සාන්ත.....

" එතකොට මොනවද උඹලගේ අප්පච්චි කරන්නෙ...."

" අපේ අප්පච්චි කරන්නේ ගංජා ඇට බ්ලෙන්ඩර් කරලා කැද හදලා විකුණන එක....ගොං හරක් පැටියා....."

ඔව් ඉතාමත් සාර්ථක ලෙස අරූගේ ඔලුවට වැදුනු ටොකු පාරත් එක්කම නවෝද් කෙරේ අපි ඉදගෙන හිටපු සෝෆා එකේ ලස්සනට කියලා තියලා තිබුණු කලු පාට කුෂන් එකක් අරගෙන එකෙන් ලක්ෂාන් කාරයගෙ මූණටම දමලා ඇරපු එක....මොනවා වුනත් මූට ගහමරා ගන්න වැඩ නම් ආයේ උප්පත්තියෙන්ම  මදි නොකියන්න පිහිටලා තියෙනවා.....

" සිරාවට.... ඇයි බං උඹ එහෙම ඇහුවේ ......"

" නෑ ඉතිං උඹලා සේරම නිකං හෙන ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එකක්නෙ බං රන් කරන්නේ...ඒකයි ඉතිං මං එහෙම ඇහුවේ......"

" එහෙනම් දැන් මට මේක කියපංකො රත්තරනේ...'"

" මොකක්ද....."

මූ නම් මහ කාගේ දරුවෙක්ද මන්දන්නෑ......අච්චර අර සාගරයක් වගේ තඩි සාලයක් තියෙනකොට මේකා අපි දෙන්නා හිටපු සොෆා එක මැද්දෙන්ම ඇවිල්ලා ඉදගත්තා... පත මී හරකෙක් වගේ මෙතන ඇවිල්ලා පතබෑවුණාම හාල් මැස්සො දෙන්නෙක් වගේ ඉන්න මේ අහිංසක දරු පැටව් දෙන්නා තැලෙනවා කියලා හිතන්න මේ ගොට්සිලාට ඇත්තටම මොළයක් නැද්ද මං අහන්නේ...

~හීන~ Where stories live. Discover now